ශ්‍රී ලංකාව යනු ලෝකයේ සංචාරක පාරාදීසයක්. දිවයින වටා වූ මහ සාගරය එයට ප්‍රදානනම සාදකයක්. දිනකට ලක්ෂ ගණනින් සංචාරකයින් ලෝකයේ විවිධ රටවල සිට මෙරට දකුණු වෙරල තීරය, නිලාවේලි, පාසිකුඩා ආදී අතිරමණීය වෙරල තීරයන්ගේ කිසිදා කිසිතැනකින් ලබාගත නොහැකි අත්දැකීමක් ලබා ගැනීමට පැමිණේ. තල්මසුන් නැරඹීමට අමතරව ලංකාවේ දක්නට ලැබෙන කැස්බෑවුන්ද ඔවුන්ගේ නොමද අවදානයට ලක්වේ. කැස්බෑවෙකුගේ ආයුකාලය අවුරුදු 80-120 වන අතර ලංකාවේ දක්නට ලැබෙන සියලුම කැස්බෑ විශේෂ තර්ජනයට ලක්ව ඇත.
ලංකාවේ ප්‍රධානව කැස්බෑ විශේෂ 5ක් දක්නට ලැබේ.
1.දාර කැස්බෑවා
පිටෙහි දාර මෙන් නෙරුම් කිහිපයක් ඇති නිසා මෙසේ හැදින්වේ.දියවැල් හරහා විශාල දුරක් මෙන්ම,1200 m තරම් ගැඹුරට ගමන් කරයි.වැඩුනු කැස්බෑවෙක් 2.5 m පමණ දිගින් යුක්තයි.එක කැදැල්ලක බිත්තර 130 ක් පමණ දමයි. දැල්ලන්, ජෙලිෆිශ් ආහාරයට ගනී.
2.ඔලුගෙඩි කැස්බෑවා
අන් කැස්බෑවන්ට වඩා විශාල හිසක ඇති නිසා මෙසේ හැදින්වේ.1.2 m පමණ දිගින් වැඩෙන මොවුන් හදුනාගත හැක්කේ ඔවුන්ගේ රතු දුඹුරු වර්ණය සහ විශාල හිස නිසායි. ක්‍රස්ටේශියාවන් හා මොලුස්කාවන් ආහාරයට ගනී. ඉතා දුර්ලභ මොවුන් ලංකාවෙ දකුණු හා ගිණිකොණ වෙරලාශ්‍රිතව සැප්තැම්බර් හා මාර්තු මාසවල දැකිය හැක.වරකට බිත්තර 175ක් පමණ දමයි.
3.පොතු කැස්බෑවා
ආභරණ සෑදීම සදහා කටුව/පොත්ත විශාල ලෙස භාවිත කරන නිසා මෙසේ හැදින්වේ. ඔලිව් කොල පැහැත පිටත කටුවක් සහිතයි. මොවුන් තරමක් විශාලවන අතර ඔවුන්ගේ මුඛයේ යටි ඇන්ද ඉදිරියට නෙරා ගොස් සිහින් වන්නේ උකුස්සකුගේ හොටයක් මෙනි. කොරල් , ඇල්ගී හා ගල්මාලු ආහාරයට ගනී. වරකට බිත්තර 175ක් පමණ දමයි.
4.ගල් කැස්බෑවා
තරමක් විශාල ප්‍රමානයකට වැඩෙන ගල් කැස්බෑවන්ගේ කටුව ඔලිව් හෝ අදුරු කොල/දුඹුරු මිශ්‍ර පැහැයක් ගනී. උඩින් බෑලූ විට හදවතක හැඩරුවට සමාන වේ. වසර පුරාම බිත්තර දමයි. වරකට බිත්තර 100-175 පමණ දමයි. නිවර්තන කලාපීය මුහුදුවල වැඩිලෙස සැරිසරයි.
5.බටු කැස්බෑවා
ලංකාවේ වෙරල තීරයේ සැරිසරන කැස්බෑවන් අතරින් බරින් හා ප්‍රමාණයෙන් කුඩාම මොවුන්ගේ පිටත කටුව ලා කොල/ අලු පැහැයක් ගනී. දිගින් 80 cm පමණ වැඩේ. ඔවුන්ටම ආවේණික වූ වකුටු වූ උඩු ඇන්ද නිසා හදුනාගැනීමට පහසු වේ. ලංකාවෙ වැල්ල ආශ්‍රිත ප්‍රදේශවල කැදලි තැනීමට පැමිණෙන මොවුන් සියගණනක් හෝ විටෙක දහස්ගණකින් සමන්විත කැදලි සංකීර්ණ සාදයි.
සංරක්ෂණය
මොවුන් සියල්ලම වදවී යාමේ තර්ජනයට ලක්ව සිටී.1972 සත්ත්ව හා තුරුලතා ආරක්ෂක පනත හා 1993 නව සංශෝධනයට අනුව කැස්බෑවන් මැරීම,බිත්තර එකතු කිරීම, කටු ලගතබා ගැනීම හෝ ප්‍රවාහනය තහනම් කෙරිණි. නීති උල්ලංඝනය කරන්නන්ට රු.10,000-30,0000 දක්වා දඩ මුදලක් හෝ වසරක සිර දඩුවමක් හෝ මේ දෙකටම යටත් වීමට සිදුවේ.
කෙසේවුවද, කැස්බෑ විනාශය වලක්වා ගැනීමට තවමත් හැකියාවක් ලැබී නොමැත. මිනිස් ක්‍රියාකාරකම්වලට අමතරව කැස්බෑ පැටවු සාගරයේ ප්‍රභල මත්ස්‍යයන්ට ගොදුරු වීමද, කැස්බෑ ගහනය අඩු වීමට හේතු වේ.
දකුණු මුහුදු වෙරලේ මේ වන විටත් අම්බලන්ගොඩ ,කොස්ගොඩ, හික්කඩුව ප්‍රදේශවල කැස්බෑ සංරක්ෂණය කිරීම සදහා වැඩසටහන් සාර්ථකව ක්‍රියාත්මක වේ.
මැයි 25 වනදාට යෙදෙන ජාත්‍යන්තර කැස්බෑ දිනයට පමණක් සීමා නොවී දවස් 365 මුලුල්ලේම අවදානයට ලක් කරන්නේ නම් ඉතිරි වී ඇති කැස්බෑවුන් අල්ප ප්‍රමාණය හෝ රැක ගැනීමට අපට හැකිවනු ඇත.
Well done nipuna
ReplyDeleteWell done aquatics a Nipun too. Keep it up.
ReplyDeleteJust a suggestion, make sure the authenticity of the information you share. Also try to give the sources for the information that will add credibility to your writing
Nipun, This is excellent. Well done!
ReplyDelete