Search here..

Sunday 26 September 2021

මුහුද යටින් එතෙර වන්නට මගක්: ඔරිසන්ඩ් උමඟ

 ස්කැනේඩියානු අර්ධද්වීපයත්, මධ්‍යම හා බටහිර යුරෝපයත් සම්බන්ධ කරමින් 1995 දී ඉදිකිරීම් ආරම්භකල ඔරිසන්ඩ් ව්‍යාපෘතිය පාලමකින්, උමඟකින් හා කෘතීම දූපතකින් සමන්විත වේ. ඉහළින් දිවෙන මංතීරු 4කින් යුතු මහා මාර්ගයකින් හා පහළින් දිවෙන මංතීරු 2කින් යුතු දුම්රිය මාර්ගයකින් සැදුම්ලත් මෙම ඔරිසන්ඩ් මර්ගය ස්වීඩනයේ මැල්මෝ නගරය හා ඩෙන්මාර්කයේ කෝපන්හේගන් අගනුවර යාකරමින් මුහුද යටින් 4 Km පමණ වන උමඟින් හා සම්පුර්ණ ගමන්මාර්ගය 16.4 Km පමණ වන ලෙසින් නිර්මාණය වී ඇත. මෙය මහජන ගමනාගමනය සඳහා විවෘතකර ඇත්තේ 2000 වසරේ ජුලි මස 1 වන දිනයි.

සමුද්‍ර සන්ධිය ඔස්සේ සිදුවන නාවික ගමනාගමනයට බාධාවක් නොවෙමින් හිතකර හා අහිතකර කාලගුණයන්හිදී පැහැදිලි මාර්ගයක් ලබාදෙන ලෙසත්, කෝපන්හේගන් අගනුවර ඇති ගුවන්තොටුපළේ ගුවන් ගමනාගමනයට අවහිරයක් නොවන ලෙසත් ඉදිකර ඇති මෙම ඔරිසන්ඩ් උමං මාර්ගය ශීත කාලයේදී අයිස් මිදීමෙන් සිදුවන සමුද්‍ර සංධියේ අවහිරවීම් වැළැක්වීමට ද දායකවේ. පාලම් හා ව්‍යූහාත්මක ඉන්ජිනේරු සඳහා  ඇති ජාත්‍යන්තර සංගමය (IABSE) විසින් පිරිනමන කැපී පෙනෙන ව්‍යූහය සඳහා වූ සම්මානයෙන් 2002 වසරේදී මෙම ඔරිසන්ඩ් උමං මාර්ගය පිදුම් ලැබීය.




රචනය- නඳුනි හීපිටියගේ

මූලාශ්‍ර:

https://www.roadtraffic-technology.com/projects/oresund/




Share:

Saturday 18 September 2021

Leafy Seadragon


 


The leafy seadragon or Glauert's seadragon, is a marine fish in the family Syngnathidae, which includes seadragons, pipefish, and seahorses.While not large, they are slightly larger than most seahorses, growing to about 20–24 cm (8–9.5 in). They feed on plankton and small crustaceans.The lobes of skin that grow on the leafy seadragon provide camouflage, giving it the appearance of seaweed. It is able to maintain the illusion when swimming, appearing to move through the water like a piece of floating seaweed. It can also change colour to blend in. unique feature is the small, circular gill openings covering tufted gills, very unlike the crescent-shaped gill openings and ridged gills of most fish species

Habitat and distribution

It is found along the southern and western coasts of Australia. The name is derived from the appearance, with long leaf-like protrusions coming from all over the body. These protrusions are not used for propulsion; they serve only as camouflage. The leafy seadragon propels itself by means of a pectoral fin on the ridge of its neck and a dorsal fin on its back closer to the tail end. These small fins are almost completely transparent and difficult to see as they undulate minutely to move the creature sedately through the water, completing the illusion of floating seaweed.

Ecology

Leafy seadragons usually live a solitary lifestyle. When the time comes, males court the females, they then pair up to breed. From the moment they hatch, leafy seadragons are completely independent. By the age of two, they are typically full grown and ready to breed.The species feeds by sucking up small crustaceans, such as amphipods and mysid shrimp, plankton, and larval fish through its long, pipe-like snout.

Leafy seadragons are subject to many threats, both natural and man-made. They are caught by collectors, and used in alternative medicine.The species has become endangered through pollution and industrial runoff, as well as collection for the aquarium trade.


Article by: - A.M. Waruni Sandarekha

 

Reference

https://oceana.org/marine-life/ocean-fishes/leafy-seadragon

https://www.marinebio.org/species/leafy-sea-dragons/phycodurus-eques/

 

Share:

Saturday 11 September 2021

The Unheard Echo

 


Share:

Wednesday 8 September 2021

Alongshore webinar series 1.0 ; Webinar #4

ජෛව විවිධත්ව උණුසුම් කලාපයක් වන ශ්‍රී ලංකාව බොහොමයක් දේශීය මෙන්ම විදේශීය මිරිදිය මත්ස්‍ය ප්‍රජාවකට වාසස්ථාන සපයයි.එනමුත් වර්තමානය වන විට විවිධ හේතු මත ඔවුන්ගේ පැවැත්ම තර්ජනයට ලක්වී ඇති අතරම  ඇතැම් මත්ස්‍ය විශේෂ වඳවීයාමේ තර්ජනයටද ලක් වී ඇත. අහිමි වෙමින්  පවතින මෙම අගනා  සම්පත පිළිබඳ දැනුවත් වීම හා සංරක්ෂණය අප සතු වගකීමකි.

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ජලජ ජීව විද්‍යා ශිෂ්‍ය සංගමය මඟින් සංවිධානය කරනු ලබන සම්මන්ත්‍රණ මාලාව "Alongshore", එහි සිවුවන පියවර තබමින් ඒ පිළිබඳ හරවත්, විද්වත් ඒ වගේම රසවත් කතිකාවතක් ගොඩනගමින් ඔබව දැනුවත් කිරීමට සියල්ල සූදානම් කර තිබේ.

මෙවර සාකච්ඡාව සඳහා සම්පත් දායකත්වය, කොළඹ විශ්වවිද්‍යාලයේ සත්ත්ව විද්‍යා හා පාරිසරික විද්‍යා  අධ්‍යනාංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය දේවක වීරකෝන් මහතායි.

දිනය      - සැප්තැම්බර් මස 17 වන සිකුරාදා 

වේලාව  - පස්වරු 5 සිට 6 දක්වා 

මාර්ගගත ක්‍රමයන් ඔස්සේ ZOOM තාක්ෂණය හරහා ඔබටත් මේ අගනා අවස්ථාව සමඟ අප හා සම්බන්ධ වීමට හැක.

පහත සබැඳිය හරහා ඔබට එදින සාකච්ඡාවට සම්බන්ධ විය හැක


https://learn.zoom.us/j/66723124928?pwd=R2hsTFJCdzN3eG5nSzFmTTlQM2Judz09


Meeting ID: 667 2312 4928

Passcode: d^+EeRW0





link for the video recording

https://drive.google.com/file/d/1W3CB5rmNRXhswMQ8RuQ-sKQQqAYLpRec/view?usp=sharing


Share:

Saturday 4 September 2021

සිඩ්නිහි පාවෙන වනාන්තරයක් බවට පත් වූ නෞකාව

එස්.එස්.අයර්ෆීල්ඩ් යනු සිඩ්නි නගරයට බටහිර දෙසින් පිහිටි හෝම්බුෂ් බොක්කෙහි ඇති බොහෝ නැවු වලින් එකක් වුවත්, එය විසුරවා හැරීමට නියමිතව තිබූ අනෙකුත් නෞකා වලින් වෙනස් වන්නේ මළකඩ  බැඳුණු  පඩු පැහයෙන් හා කඩොලානයෙහි හරිත පැහැයෙන් ඡායාරූප ශිල්පීන් ආකර්ශණය කරන පාවෙන වනාන්තරයක් නිසාමය.

එස්.එස්.අයර්ෆීල්ඩ් වර්ශ 1911දි එක්සත් රාජධානියේ ග්‍රේන්මවුත් ඩොක්යාර්ඩ් සමාගමේ එස්.එස්.කොරිමාල් ලෙස ජීවිතය ආරම්භ කළේය. මීටර් 79ක දිගකින් යුතු, වානේ යොදාගෙන තනි ඉස්කුරුප්පු ඇණ ටොන් 1140 කින් පුරුද්දා සාදන ලද අතර වර්ශ 1912දී සිඩ්නිහි වාශ්ප කොලියාර් ලෙස ලියාපදිංචි කරන ලදී. පොදු රාජ්‍ය මණ්ඩල රජය විසින් මිළදී ගනු ලැබූ එස්.එස්.කොලියාර් දෙවන ලෝක යුද්ධ සමයේ පැසිපික් කලාපයේ ස්ථානගතව සිටි ඇමරිකානු භටයන්ට සැපයුම් ප්‍රවාහනය කිරීමට භාවිතා කරන ලදී. නිවුකාසල් හා බ්ලැක්වට්ල් බොක්කෙහි මිලර්ගේ පර්‍යන්තය අතර් සේවය කරමින් ඕස්ට්‍රේලියාවට අභිමානවත් සේවාවක් සැපයීය.


අවසානයේදී වර්ශ 1972දී වසර 60කට වැඩි වූ වෘත්තිය ජීවිතය නිමා කිරීමට සිදු වූ අතර එය නැවු විසුරුවා හැරීමේ අංගනයක් ලෙස ප්‍රසිද්ධියට පත්ව තිබූ හෝම්බුෂ් බොක්කේදී විසුරුවා හැරීමට සූදානම් කෙරිණි.


කෙසේ වෙතත්,නැව විසුරුවීමට පෙර නැවු අංගනය වසා දැමුනු අතර එස්.එස්.අයර්ෆීල්ඩ් කිසිවෙකුගේ හෝ මතකයේ නොරැදිණි.වර්තමානය වනවිත එහි වසර් 75කට වඩා පැරණි නැවු හතරක් පමණ බොක්කෙහි පාවෙමින් තිබුනත් බොහොමයක් ඒවා ඉවතට ගසාගෙන ගොස් ඇත.

කාලයත් සමග ස්වාභාවධර්මයෙන් ලත් දායදයන්ගෙන් පරිපූර්ණ, සියවසක් ඉක්ම වූ එස්.එස්.අයර්ෆීල්ඩ් නරඹන්නන්ගේ නෙත් සිත් පැහැරගන්නා අපූරු දසුනක් මවමින් පාවෙන කඩොලාන වනාන්තරය දරා සිටිමින් හස්ලෑම්ස් ක්‍රීක්ගේ මෝය දෙස බලාගෙන ඉසුඹුලන්නේය.


ලිපිය : හෂිනිකා විතාරණගේ

 මූලාශ්‍ර:

● https://www.pandotrip.com/a-new-attraction-in-sydney-a-floating-forest-australia-6520/

● https://www.outandaboutwithkids.com.au/sydneys-floating-forest-homebush-bay/

Share:

Contact Form

Name

Email *

Message *

Featured post

Mic On 2020

       ‘Mic On 2020’ - An Intra faculty, song and instrumental cover contest, was successfully organized by the Aquatic students’ Associatio...