Search here..

Sunday 26 September 2021

මුහුද යටින් එතෙර වන්නට මගක්: ඔරිසන්ඩ් උමඟ

 ස්කැනේඩියානු අර්ධද්වීපයත්, මධ්‍යම හා බටහිර යුරෝපයත් සම්බන්ධ කරමින් 1995 දී ඉදිකිරීම් ආරම්භකල ඔරිසන්ඩ් ව්‍යාපෘතිය පාලමකින්, උමඟකින් හා කෘතීම දූපතකින් සමන්විත වේ. ඉහළින් දිවෙන මංතීරු 4කින් යුතු මහා මාර්ගයකින් හා පහළින් දිවෙන මංතීරු 2කින් යුතු දුම්රිය මාර්ගයකින් සැදුම්ලත් මෙම ඔරිසන්ඩ් මර්ගය ස්වීඩනයේ මැල්මෝ නගරය හා ඩෙන්මාර්කයේ කෝපන්හේගන් අගනුවර යාකරමින් මුහුද යටින් 4 Km පමණ වන උමඟින් හා සම්පුර්ණ ගමන්මාර්ගය 16.4 Km පමණ වන ලෙසින් නිර්මාණය වී ඇත. මෙය මහජන ගමනාගමනය සඳහා විවෘතකර ඇත්තේ 2000 වසරේ ජුලි මස 1 වන දිනයි.

සමුද්‍ර සන්ධිය ඔස්සේ සිදුවන නාවික ගමනාගමනයට බාධාවක් නොවෙමින් හිතකර හා අහිතකර කාලගුණයන්හිදී පැහැදිලි මාර්ගයක් ලබාදෙන ලෙසත්, කෝපන්හේගන් අගනුවර ඇති ගුවන්තොටුපළේ ගුවන් ගමනාගමනයට අවහිරයක් නොවන ලෙසත් ඉදිකර ඇති මෙම ඔරිසන්ඩ් උමං මාර්ගය ශීත කාලයේදී අයිස් මිදීමෙන් සිදුවන සමුද්‍ර සංධියේ අවහිරවීම් වැළැක්වීමට ද දායකවේ. පාලම් හා ව්‍යූහාත්මක ඉන්ජිනේරු සඳහා  ඇති ජාත්‍යන්තර සංගමය (IABSE) විසින් පිරිනමන කැපී පෙනෙන ව්‍යූහය සඳහා වූ සම්මානයෙන් 2002 වසරේදී මෙම ඔරිසන්ඩ් උමං මාර්ගය පිදුම් ලැබීය.




රචනය- නඳුනි හීපිටියගේ

මූලාශ්‍ර:

https://www.roadtraffic-technology.com/projects/oresund/




Share:

0 comments:

Post a Comment

Contact Form

Name

Email *

Message *

Featured post

Mic On 2020

       ‘Mic On 2020’ - An Intra faculty, song and instrumental cover contest, was successfully organized by the Aquatic students’ Associatio...