Search here..

Sunday 26 July 2020

කඩොලාන වනාන්තර - Mangrove Forests




මොනවාද මේ කඩොලාන ?

කඩොලාන යනු වෙරළබඩ අන්තර් කලාපයේ වැඩෙන ශාක විශේෂ සමූහයක්. කඩොලාන වනාන්තර පාරිසරික හා ආර්ථික සම්පත් ⁣වේ. ඒවා වටා ඵලදායි පරිසර පද්ධතීන් ගොඩනැගී ඇත.
ගං මෝය, කලපු ඇතුළු වෙරළතීර වල කඩොලාන වැවෙන අතර ලෝකයේ නිවර්තන, උපනිවර්තන කලාපීය රටවල (රටවල් 118) කඩොලාන වර්ධනය වේ.
අධික ලවණමය භූමියක, අවම වූ ඔක්සිජන් ප්‍රමාණයක් යටතේ, ඉහළ ආලෝක තීව්‍රතාවයක, තද සුළං සමඟ, වඩදිය බාදියෙන් වරින්වර ජලයෙන් යටවන භූමියක වැඩෙන මෙම ශාක එම පරිසර සාධකවලට සාර්ථකව අනුවර්තනය වී ඇත. ඒ අතුරින් සංකීර්ණ ලුණු පෙරීමේ පද්ධතීන් සහ සංකීර්ණ මූල පද්ධතීන් විශේෂ වේ.


කඩොලාන වනාන්තර සපයන නිෂ්පාදන සහ සේවාවන් මොනවාද ?

ගොඩබිම හා මුහුද යා කරමින් වැඩෙන ⁣මෙම වනාන්තරවල ඉති රිකිලි කටුස්සන්, සර්පයන්, කුරුල්ලන් සඳහා වාසස්ථාන සහ ආහාර සපයන අතර ගසෙහි මුල් ඇතුළු පහළ කොටස සමුද්‍ර ජීවීන් ගණනාවක් සඳහා අභය භූමි ලෙස ක්‍රියා කරයි.
ඔවුන් මත්ස්‍ය පැටවුන්හට තවාන් ⁣ලෙස ක්‍රියාකරන අතර එය දේශීය ආර්ථිකයට සහ ආහාර නිෂ්පාදනයට විශාල බලපෑමක් ද ඇති කරයි.


ගොඩබිම කුණාටු සහ ජලගැලීම්වලින් ආරක්ෂා කරන මෙම වනාන්තර ජල දූෂක පෙරා ඉවත් කර ඒවා මුහුදට එක්වීම වළකා වෙරළාසන්න දූෂණය අවම කරයි. මෝය සහ කළපු ඛාදනයෙන් වළකයි.
දේශගුණයට ද විශාල බලපෑමක් එල්ල කිරීමට කඩොලාන සුවිශේෂී ලෙස දායක වෙයි. ඒවා නවතම අධ්‍යයනයන්ට අනුව ලෝකයේ කඩොලාන පසෙහි 2000 වසර වන විට carbon metric ton බිලියන 6.4 රඳවා ගැනීමක් වාර්තා වී ඇති අතර 2015 වසර වන විට එයින් metric ton මිලියන 122ක් පරිසරයට නිදහස් වී ඇත්තේ කඩොලාන කැලෑ විනාශය හේතුවෙනි.
දේශගුණික විපර්යාස අවම කිරීම සඳහා ඵලදායි ක්‍රියාමාර්ග ලෙස මෙම කඩොලාන වන රැකගැනීම, වැඩි දියුණු කිරීම හා යලි නඟාසිටුවීම දේශපාලන ප්‍රමුඛතාවයක් විය යුතු බව එක්සත් ජනපදයේ Woods Hole පර්යේෂණ මධ්‍යස්ථානය පෙන්වාදී ඇත.
ඉස්සන් වගාව, අනෙකුත් ජලජීවී වගා, දැව සඳහා භාවිතය ඇතුළු විවිධ සංවර්ධන සඳහා කඩොලාන වනාන්තර නිබඳවම විනාශයට පාත්‍ර වේ. ඊට එරෙහිව එක්ව නැගීසිට මෙ⁣ම අපූරු වනාන්තර රැකගැනීම අපගේ වගකීමක් නොවන්නේ ද?

රචනය : මාධවී ජයසේකර



Share:

Monday 20 July 2020

නීල ආර්ථිකය (දෙවෙනි කොටස)




“නීල ආර්ථිකය - පළවෙනි කොටස“ ලෙස මීට පෙර පළ කරන ලද නීල ආර්ථිකය හඳුන්වා දීමේ ලිපියෙහි දිගුවක් ලෙස මෙම ලිපිය පළ කරනු ලබයි. මෙහිදී නීල ආර්ථිකයේ පවතින වැදගත්කම පිළිබඳව තවදුරටත් සාකච්ඡා කෙරේ. 

නීල ආර්ථිකය යන සංකල්පය යටතේ මූලික වශයෙන් සලකා බලනු ලබන්නේ සාගර, සමුද්‍ර සම්පත් හා එහි ප්‍රභවයන්, තිරසාර ලෙස භාවිතා කරමින් රටක/ලෝකයේ ආර්ථිකය ගොඩ නැගීමේ ක්‍රියාවලියයි.මේ යටතේ පුළුල් පරාසයක පැතිර පවතින ක්‍රියාකාරකම් රැසක් සලකා බැලිය හැකි ය.

මෙහිදී ලෝකයේ විවිධ වූ භූ ගෝලීය පිහිටීම හා ඒ හා සම්බන්ධ විවිධ වූ අංශ සහ ඒවායේ ඇති විශේෂ වූ ගුණාංග රටක ආර්ථික අරමුණු ඉටුකර ගැනීම සඳහා ඵලදායි ලෙස යොදාගත හැකිය.

නීල ආර්ථිකයේ ප්‍රභවය ලෙස සලකනු ලබන සාගර, සමුද්‍ර ආශ්‍රිතව සිදු කරනු ලබන ධීවර හා ජලජීවී වගාවේ සිට පුනර්ජනනීය සාගර ශක්ති, සාගර ජෛව තාක්ෂණ නිපැයුම් දක්වා මෙම ක්ෂේත්‍රයේ පවතින යෙදවුම් වඩා වැඩි දියුණු කළ හැකිය.

ධීවර හා ජලජීවී වගාව, සාගර ජෛව තාක්ෂණය (pharmaceuticals, sea food products), සාගර පුනර්ජනනීය ශක්තිය (offshore wind /wave energy), සාගර නිෂ්පාදන (ships, instruments), ප්‍රවාහන, සංචාරක හා විනෝද ක්‍රීඩා (sport fishing), සාගර ඉදිකිරීම්, වානිජ හා රක්ෂණ, සන්නිවේදන, අධ්‍යාපන හා පර්යේෂණ, යනාදිය නීල ආර්ථිකය යටතේ සලකා බලනු ලබන ක්ෂේත්‍ර කිහිපයක් ලෙස දැක්විය හැකිය.

 


ශ්‍රී ලංකාව තුල ක්‍රියාත්මක කිරීම 


මෙම සංකල්පය තුළින් සංවර්ධනය වෙමින් පවතින රටකට, එම රටේ ආර්ථිකය තිරසාර ලෙස වර්ධනය කරගත හැකිය. 

නීල ආර්ථිකයේ ඉහළ ප්‍රතිලාභ අත්කරගත හැක්කේ දූපත් වශයෙන් පිහිටා ඇති රටවලට ය. රට වටා පවතින පුළුල් සාගර හා සමුද්‍ර තීරය තම රටේ ආර්ථික අරමුණු ඉටුකර ගැනීම සඳහා සොබා දහමින් ලැබී ඇති දායාදයකි.

ශ්‍රී ලංකාව කුඩා දූපත් රාජ්‍යයක් වන අතර ඊට නාවික සැතපුම් දෙසීයක පමණ දුරකට සාගර ආර්ථික කලාපයක් (Exclusive Economic Zone) නිත්‍යානුකූල වශයෙන් හිමි වී ඇත. එසේම නුදුරු අනාගතයේ දී එය තවත් වර්ග කිලෝමීටර 75 000 කින් පමණ වර්ධනය වනු ඇතැයි බලාපොරොත්තු වේ. එසේ රටේ භූමි ප්‍රමාණයෙන් අට ගුණයක පමණ ප්‍රමාණයක් විශාල සාගර තීරයක් හිමිව ඇති ශ්‍රී ලංකාව වැනි රටකට නීල ආර්ථිකය තුළින් සළකා බලනු ලබන මූලික ක්ෂේත්‍රයන් ගෙන් රැසක්ම ක්‍රියාත්මක කළ හැකිය.

ශ්‍රී ලංකාව ආසියාවේ සේද මාවත ලෙස සලකනු ලබන්නේ ඒ හරහා විශාල සාගර ගමන් මාර්ග ප්‍රමාණයක් පවතින නිසාත් වඩාත් සංවර්ධිත වූ ද්විත්ව නැව් තොට වල පිහිටීමත් නිසාය. 

ශ්‍රී ලංකා වටා පවතින ස්වභාවික හා සුන්දර වෙරළ තීරයක් ඒ හා බැඳි ස්වභාවික පරිසර පද්ධතීන් හා සත්ත්වයින් සංචාරක ක්ෂේත්‍රයේ වර්ධනයට යොදා ගත හැකිය. 

තවද ශ්‍රී ලංකාව තුළ ගංඟා එක සිය තුනක් පමණ පවතින අතර මේ සියල්ලෙහි පවතින ජල කඳ, අවසානයේ සාගරය හා මුසු වේ. මෙලෙසින්, එසේ ගංගා ඔස්සේ සේදී පැමිණෙන ඛනිජ වර්ග රැසක් වෙරළ ආශ්‍රිතව සාගර හා සමුද්‍ර තීරයේ තැන්පත්ව පවතී. මෙම සම්පත් තිරසාර ලෙස වාණිජ අරමුණු ඉටු කර ගැනීම සඳහා භාවිතා කළ හැකිය. 

මේ සඳහා ඇති අභියෝග. 

1.අනවසර මත්ස්‍ය ඇල්ලීම් (Poaching) 

2.මත්ද්‍රව්‍ය මත්කුඩු වෙළඳාම 

3.සෞඛ්‍යය ආරක්ෂක නොවන ධීවර කටයුතු 

4. IUU (Illegal Unreported Unregulated) fishing 

5.සාගර හා සමුද්‍ර දූෂණය 

6.කොරල් පර හා අනෙක් සම්පත් විනාශය

7.ප්‍රාදේශීය සංවිධාන නොපිහිටීම හා අරමුදල් හිඟවීම

8.දේශපාලන බලපෑම්

9.පර්යේෂණ හා සංවර්ධන කටයුතු වල පවතින දුර්වලතා

10.ගෝලීය උණුසුම ඉහළ යාම හා කාලගුණික වෙනස්කම්

මෙම නීල ආර්ථික සංවර්ධන කටයුතු ඉටු කිරීමේ දී මූලික වශයෙන් සලකා බැලිය යුතු කරුණු කිහිපයක් පවතී. 

ඒවා නම්, 

  • මිනිස් අවශ්‍යතාවන් ඉටු කිරීම,ඔවුන් සුරක්ෂිත වීම.
  •  පරිසර පද්ධතීන්ගේ ස්ථාවර බව පවත්වාගැනීම. 
  • ව්‍යුහාත්මක හා ක්‍රමානුකූල වූ ප්‍රවේශයක් පැවැතී ම. 
  • තිරසාර සංවර්ධන වැඩපිළිවෙළක් වීම. 
2016 වසරේ ඔක්තෝබර් මස, ශ්‍රී ලංකා රජය විසින් නීල ආර්ථික වැඩසටහන වඩාත් පුළුල් ලෙස හඳුන්වා දෙන ලදී. එය එසේ වූ නමුත් ඇත්තෙන්ම මෙය පොතපතට හෝ ලේඛන වලට පමණක් සීමා නොවී, එහි ප්‍රායෝගික යෙදවීමේ ක්‍රියා පිළිවෙලක් සහ ඒ සඳහා නීති අණ පනත් පිහිටුවීමේ වැඩපිළිවෙලක් ඇති කිරීමෙන්, නීල ආර්ථිකයට අදාල ආදායම් ඉපදවිය හැකි ක්ෂේත්‍ර රැසක් ක්‍රියාත්මක කළ හැකිය. එය රටේ පවතින ආර්ථික අර්බුදය ට මනා පිටිවහලක් වනු ඇත. 


සංජය තිලකරත්න



Share:

Guest Lecture - 2019


"Maritime Archaeology -Recent Advances in Sri Lanka" the guest lecture, organized by the Aquatic Students Association of Department of Zoology, Faculty of Applied Science, University of Sri Jayewardenepura, was successfully held on 8th of August 2019 at the Biological Auditorium of the faculty premises. The distinguished lecture for the day was Mr.Rasika Muthukumarana, Maritime Archaeologist at maritime Archaeology unit of central cultural fund,Galle.

  


 
Share:

Aqua Night - 2015


The first ever Aqua Night organized by Aquatic Students' Association...

  
 
 
  
 
 
 
 
  
 
  
 

 

 

 

 












Share:

Thursday 16 July 2020

Aqua Night - 2016


The Aqua Night organized by Aquatic Students' Association in 2016...



      







Share:

Padura - 2017


'Padura' - The annual musical evening organized by Aquatic students' Association of University of Sri Jayawardenepura..
  

 

  
 
 
 

Share:

Aqua night - 2017


" Aqua Night - 2017 " An annual event organized by Aquatic students' Association for entertainment and to encourage undergraduates & postgraduates to enhance affability between each other & between lecturers and students...






Share:

Contact Form

Name

Email *

Message *

Featured post

Mic On 2020

       ‘Mic On 2020’ - An Intra faculty, song and instrumental cover contest, was successfully organized by the Aquatic students’ Associatio...