Search here..

Sunday 26 July 2020

කඩොලාන වනාන්තර - Mangrove Forests




මොනවාද මේ කඩොලාන ?

කඩොලාන යනු වෙරළබඩ අන්තර් කලාපයේ වැඩෙන ශාක විශේෂ සමූහයක්. කඩොලාන වනාන්තර පාරිසරික හා ආර්ථික සම්පත් ⁣වේ. ඒවා වටා ඵලදායි පරිසර පද්ධතීන් ගොඩනැගී ඇත.
ගං මෝය, කලපු ඇතුළු වෙරළතීර වල කඩොලාන වැවෙන අතර ලෝකයේ නිවර්තන, උපනිවර්තන කලාපීය රටවල (රටවල් 118) කඩොලාන වර්ධනය වේ.
අධික ලවණමය භූමියක, අවම වූ ඔක්සිජන් ප්‍රමාණයක් යටතේ, ඉහළ ආලෝක තීව්‍රතාවයක, තද සුළං සමඟ, වඩදිය බාදියෙන් වරින්වර ජලයෙන් යටවන භූමියක වැඩෙන මෙම ශාක එම පරිසර සාධකවලට සාර්ථකව අනුවර්තනය වී ඇත. ඒ අතුරින් සංකීර්ණ ලුණු පෙරීමේ පද්ධතීන් සහ සංකීර්ණ මූල පද්ධතීන් විශේෂ වේ.


කඩොලාන වනාන්තර සපයන නිෂ්පාදන සහ සේවාවන් මොනවාද ?

ගොඩබිම හා මුහුද යා කරමින් වැඩෙන ⁣මෙම වනාන්තරවල ඉති රිකිලි කටුස්සන්, සර්පයන්, කුරුල්ලන් සඳහා වාසස්ථාන සහ ආහාර සපයන අතර ගසෙහි මුල් ඇතුළු පහළ කොටස සමුද්‍ර ජීවීන් ගණනාවක් සඳහා අභය භූමි ලෙස ක්‍රියා කරයි.
ඔවුන් මත්ස්‍ය පැටවුන්හට තවාන් ⁣ලෙස ක්‍රියාකරන අතර එය දේශීය ආර්ථිකයට සහ ආහාර නිෂ්පාදනයට විශාල බලපෑමක් ද ඇති කරයි.


ගොඩබිම කුණාටු සහ ජලගැලීම්වලින් ආරක්ෂා කරන මෙම වනාන්තර ජල දූෂක පෙරා ඉවත් කර ඒවා මුහුදට එක්වීම වළකා වෙරළාසන්න දූෂණය අවම කරයි. මෝය සහ කළපු ඛාදනයෙන් වළකයි.
දේශගුණයට ද විශාල බලපෑමක් එල්ල කිරීමට කඩොලාන සුවිශේෂී ලෙස දායක වෙයි. ඒවා නවතම අධ්‍යයනයන්ට අනුව ලෝකයේ කඩොලාන පසෙහි 2000 වසර වන විට carbon metric ton බිලියන 6.4 රඳවා ගැනීමක් වාර්තා වී ඇති අතර 2015 වසර වන විට එයින් metric ton මිලියන 122ක් පරිසරයට නිදහස් වී ඇත්තේ කඩොලාන කැලෑ විනාශය හේතුවෙනි.
දේශගුණික විපර්යාස අවම කිරීම සඳහා ඵලදායි ක්‍රියාමාර්ග ලෙස මෙම කඩොලාන වන රැකගැනීම, වැඩි දියුණු කිරීම හා යලි නඟාසිටුවීම දේශපාලන ප්‍රමුඛතාවයක් විය යුතු බව එක්සත් ජනපදයේ Woods Hole පර්යේෂණ මධ්‍යස්ථානය පෙන්වාදී ඇත.
ඉස්සන් වගාව, අනෙකුත් ජලජීවී වගා, දැව සඳහා භාවිතය ඇතුළු විවිධ සංවර්ධන සඳහා කඩොලාන වනාන්තර නිබඳවම විනාශයට පාත්‍ර වේ. ඊට එරෙහිව එක්ව නැගීසිට මෙ⁣ම අපූරු වනාන්තර රැකගැනීම අපගේ වගකීමක් නොවන්නේ ද?

රචනය : මාධවී ජයසේකර



Share:

0 comments:

Post a Comment

Contact Form

Name

Email *

Message *

Featured post

Mic On 2020

       ‘Mic On 2020’ - An Intra faculty, song and instrumental cover contest, was successfully organized by the Aquatic students’ Associatio...