Search here..

Saturday 4 September 2021

සිඩ්නිහි පාවෙන වනාන්තරයක් බවට පත් වූ නෞකාව

එස්.එස්.අයර්ෆීල්ඩ් යනු සිඩ්නි නගරයට බටහිර දෙසින් පිහිටි හෝම්බුෂ් බොක්කෙහි ඇති බොහෝ නැවු වලින් එකක් වුවත්, එය විසුරවා හැරීමට නියමිතව තිබූ අනෙකුත් නෞකා වලින් වෙනස් වන්නේ මළකඩ  බැඳුණු  පඩු පැහයෙන් හා කඩොලානයෙහි හරිත පැහැයෙන් ඡායාරූප ශිල්පීන් ආකර්ශණය කරන පාවෙන වනාන්තරයක් නිසාමය.

එස්.එස්.අයර්ෆීල්ඩ් වර්ශ 1911දි එක්සත් රාජධානියේ ග්‍රේන්මවුත් ඩොක්යාර්ඩ් සමාගමේ එස්.එස්.කොරිමාල් ලෙස ජීවිතය ආරම්භ කළේය. මීටර් 79ක දිගකින් යුතු, වානේ යොදාගෙන තනි ඉස්කුරුප්පු ඇණ ටොන් 1140 කින් පුරුද්දා සාදන ලද අතර වර්ශ 1912දී සිඩ්නිහි වාශ්ප කොලියාර් ලෙස ලියාපදිංචි කරන ලදී. පොදු රාජ්‍ය මණ්ඩල රජය විසින් මිළදී ගනු ලැබූ එස්.එස්.කොලියාර් දෙවන ලෝක යුද්ධ සමයේ පැසිපික් කලාපයේ ස්ථානගතව සිටි ඇමරිකානු භටයන්ට සැපයුම් ප්‍රවාහනය කිරීමට භාවිතා කරන ලදී. නිවුකාසල් හා බ්ලැක්වට්ල් බොක්කෙහි මිලර්ගේ පර්‍යන්තය අතර් සේවය කරමින් ඕස්ට්‍රේලියාවට අභිමානවත් සේවාවක් සැපයීය.


අවසානයේදී වර්ශ 1972දී වසර 60කට වැඩි වූ වෘත්තිය ජීවිතය නිමා කිරීමට සිදු වූ අතර එය නැවු විසුරුවා හැරීමේ අංගනයක් ලෙස ප්‍රසිද්ධියට පත්ව තිබූ හෝම්බුෂ් බොක්කේදී විසුරුවා හැරීමට සූදානම් කෙරිණි.


කෙසේ වෙතත්,නැව විසුරුවීමට පෙර නැවු අංගනය වසා දැමුනු අතර එස්.එස්.අයර්ෆීල්ඩ් කිසිවෙකුගේ හෝ මතකයේ නොරැදිණි.වර්තමානය වනවිත එහි වසර් 75කට වඩා පැරණි නැවු හතරක් පමණ බොක්කෙහි පාවෙමින් තිබුනත් බොහොමයක් ඒවා ඉවතට ගසාගෙන ගොස් ඇත.

කාලයත් සමග ස්වාභාවධර්මයෙන් ලත් දායදයන්ගෙන් පරිපූර්ණ, සියවසක් ඉක්ම වූ එස්.එස්.අයර්ෆීල්ඩ් නරඹන්නන්ගේ නෙත් සිත් පැහැරගන්නා අපූරු දසුනක් මවමින් පාවෙන කඩොලාන වනාන්තරය දරා සිටිමින් හස්ලෑම්ස් ක්‍රීක්ගේ මෝය දෙස බලාගෙන ඉසුඹුලන්නේය.


ලිපිය : හෂිනිකා විතාරණගේ

 මූලාශ්‍ර:

● https://www.pandotrip.com/a-new-attraction-in-sydney-a-floating-forest-australia-6520/

● https://www.outandaboutwithkids.com.au/sydneys-floating-forest-homebush-bay/

Share:

0 comments:

Post a Comment

Contact Form

Name

Email *

Message *

Featured post

Mic On 2020

       ‘Mic On 2020’ - An Intra faculty, song and instrumental cover contest, was successfully organized by the Aquatic students’ Associatio...