( පළමු කොටස )
හැඳින්වීම...
Micro plastic ඇතිවීම හා එහි ක්‍රියාව
ලොව කාර්මීකරණය ත් සමග වසර 1907 දි New York නගරයේ විසූ Leo Bakelite විසින් කෘතිම ප්ලාස්ටික් යන්න අනාවරණය හා නිශ්පාදනය (Bakelite) ප්‍රථම වරට සිදු කරන අතර වර්තමානය වන විට ප්ලාස්ටික් භාවිතය නො වැළැක්විය හැකි තරම් අත්‍යවශ්‍ය හා සුලභ දෙයක් බවට පත්ව ඇත.
එහි ඇති පහසුව, ලාභදායී බව, ආදේශකයක් වීම,සැහැල්ලු බව වැනි විවිධ කරුණු නිසා ලොකයේ බෝහෝමයක් නිශ්පාදන සඳහා අද වන විට ප්ලාස්ටික් භාවිතා කරනු ලබයි.
එසේ භාවිතාවන ප්ලාස්ටික් කොටස් අප නොදැනුවත්වම අප ගන්නා ආහාර, ජලය, ආලේපන, දන්තාලේප, ෂැම්පු, සේදුම් කුඩු වැනි බොහෝ නිෂ්පාදනවල අඩංගු වීම මෙහි ඇති වඩාත් අවධානය යොමු කලයුතු කරුණයි.
මෙලෙස ආහාර, ජලය හෝ වෙනත් නිෂ්පාදන වශයෙන් මිනිසුන් ගේ හා සතුන් ගේ ශරීර ගත වන මෙම කුඩා ප්ලාස්ටික් අංශු වල සර්ව සම්පූර්ණ කොටස් microplastics වන අතර ඒවා 0.3 - 5 mm අතර පවතින ඉතා කුඩා ප්ලාස්ටික් අංශු වේ.
විශාල ප්ලාස්ටික් කොටස් (Macro plastic) පසුව ද්විතීක ක්ෂුද්‍ර ප්ලාස්ටික් (Secondary micro plastic) කොටස් බවටත් අවසානයේදී ප්‍රාථමික ක්ෂුද්‍ර ප්ලාස්ටික් කොටස් (Primary micro plastic) බවටත් පත්වේ..
ඒවා.
- Micro fibers
- Micro beads
- Micro pellets
යන ආකාර වලින් සමන්විතය.
මෙම microplastic පිළිබඳ පර්යේෂණ ඉතා මෑත ඉතිහාසයක දී වඩාත් අවධානයට හා සැලකිල්ලට ගෙන තිබෙන බැවින් මෙහි ඇති වඩාත් පුළුල් අධ්‍යයනයක් තවමත් සීමිතය.
එය එසේ වූ නමුත් මෙම ලිපියෙන් ඒ පිළිබඳ තරමක් දුරට අවබෝධයක් ලබා දීමට හැකි වෙතැයි සිතමි.
ආහාර හා ජලයේ ඇති microplastic
මිනිසා විසින් ප්ලාස්ටික් ටොන් බිලියන ගණනින් නිෂ්පාදන කටයුතුවලට භාවිතා කරන අතර එයින් සියයට දහයක් පමණ සුළු ප්‍රමාණය ක් ප්‍රතිචක්‍රීයකරණය සඳහා යොදාගනී.
බොහෝ ප්ලාස්ටික් කොටස් හා නිෂ්පාදන පරිසරයට එකතු වන අතර මෙසේ එකතු වන ප්ලාස්ටික් කොටස් කාලයත් සමග ඉතා කුඩා අංශුමය කොටස් වලට බිඳ වැටෙනු ඇත. (UV කිරණ හා වියෝජනය මගින්)
බොහෝ ප්ලාස්ටික් නිෂ්පාදන පහසුවෙන් දිරවීමට හැකිවන ලෙස නිපදවන නමුත් ඇත්තෙන්ම ඒවා ඉතා කුඩා අංශුමය කොටස් බවට බිඳ වැටෙන අතර පූර්ණ වියෝජනයට භාජනය නොවේ.(Biological degradation )
මෙනිසා වියෝජනය නොවන (non degradable) විශාල ප්ලාස්ටික් නිශ්පාදන වලට වඩා පූර්ණ වියෝජනය නොවන (Partially degradable) ප්ලාස්ටික් නිෂ්පාදන පරිසරයට වඩාත් අහිතකරය.
එසේ ඉතිරි වන ඉතා කුඩා අංශුමය ප්ලාස්ටික් කොටස් (tiny particles) පසේ සිට ජල ප්‍රවාහ ඔස්සේ ඇළ දොළ ගංගා හරහා සාගරයට මුසු වෙයි. අවසානයේ මෙසේ සාගර ජලය හා ගංගාවල පවතින ඉතා කුඩා අංශුමය ප්ලාස්ටික් කොටස් ජලයේ සිටින සත්ව ප්ලවංග (zooplankton, ichthyoplankton) යන ක්ෂුද්‍රජීවීන්ගේ (micro organism) ආහාර පරිභෝජනය (filter feeding ) මඟින් ශරීරය තුළට ඇතුළු වේ.
බොහෝ විට මෙම ක්ෂුද්‍ර ප්ලාස්ටික් අංශු ඉතා කුඩා ආහාර අංශු යැයි සිතා මෙම ක්ෂුද්‍ර ජීවීන් ඒවා ආහාරයට ගන්නවා වනු ඇත.
එසේ කුඩා ප්ලාස්ටික් අංශු අඩංගු ශුද්‍රජීවීන් කුඩා මත්ස්‍යයින් (fish larvae) විසින් ආහාරයට ගන්නා අතර එමගින් ඒවා මත්ස්‍ය ශරීරගත වේ. මෙසේ ආහාර දාමයක් ඔස්සේ පැමිණ අවසානයේ මිනිස් සිරුරට ද මෙම ක්ෂුද්‍ර ප්ලාස්ටික් අංශු ඇතුළු වේ.
එසේම මෙම කුඩා ප්ලාස්ටික් අංශු සාගර පෙරා බුදින්නන් ගේ සිරුරේ ද ඉතා පහසුවෙන් තැන්පත් විය හැකිය. බොහෝවිට කවචමය මත්ස්‍ය යන් (shellfish) ලෙස සලකනු ලබන Bivalve, Scallop, යන සත්වයන් ගේ සිරුරේ ඉතා පහසුවෙන් ප්ලාස්ටික් අංශු තැන්පත් වන අතර ඒවා මිනිස් පරිභෝජනයේදී සෘජුවම ශරීරගත විය හැකිය.
එසේම බොහෝ විට අප ආහාරයට ගන්නවා ලුණුවල සහ අනෙකුත් සාගර ආශ්‍රිත නිශ්පාදන වල පවා මෙම ක්ෂුද්‍ර ප්ලාස්ටික් අංශු අඩංගු විය හැකි යැයි පැවසේ.
ඇත්තෙන්ම මෙම ක්ෂුද්‍ර ප්ලාස්ටික් අංශු අප අවට ඇති වාතයේ පවා අඩංගු වේ. අප වාතය ආශ්වාස කරන සෑම වාරයක් පාසා මේවා ශරීරගත විය හැකි ය. පර්යේෂණ වාර්තා වලට අනුව වාතය හරහා වසරකදී දහස් ගණනින් ක්ෂුද්‍ර ප්ලාස්ටික් අංශු මිනිස් සිරුරට ඇතුළු වන බවත් මිනිසා විසින් සතියක් තුළදී 5g ක් පමණ ප්ලාස්ටික් ප්‍රමාණයක් පරිභෝජනය (ආහාර, ජලය, වාතය හරහා ) කරන බවත් පැවසේ. එය ක්‍රෙඩිට් කාඩ් එකක ප්‍රමාණයක් වෙයි.
මෙසේ ශරීරගතවන ප්ලාස්ටික් අංශුවලින් විවිධාකාර රෝගාබාධ සෘජු හා වක්‍ර ලෙස ඇතිවේ.
එසේ ඇති වන රෝගාබාධ සහ තවත් කරුණු මීළඟ ලිපියෙන් බලාපොරොත්තු වන්න.
0 comments:
Post a Comment