Search here..

Thursday 27 May 2021

ශ්‍රී ලංකා මුහුදු තීරයේ ගිනිගන්නා නෞකාව - MV X-Press Pearl

 ශ්‍රී ලංකා මුහුදු තීරයේ ගිනිගන්නා නෞකාව - MV  X-Press Pearl

Source: https://www.expressandstar.com

රසායන ද්‍රව්‍ය බහාලුම් 1486 රැගෙන මැයි මස 19 වනදින ඉන්දියාවේ හසීරා සිට කොළඹ  වරයට පැමිණි X PRESS PEARL නෞකාව පසුගිය මැයි මස 20 වන දින හදිසි ගිනිගැනීමකට ලක්විය. 

Source: www.navy.lk

 කොළඹ වාරයේ සිට නාවුක සැතපුම් 9.5 ක් පමණ දුරින් ගිනිගනිමින් පැවති මෙම නෞකාවේ සිටි පිලිපීන, චීන, ඉන්දීය, රුසියානු ජාතිකයින් 25 දෙනෙක් නාවික හමුදාවේ මෙහෙයුම් මගින් මුදාගැනීමට හැකිවිය.  ඒ අතර දෙදෙනෙකු පිළිස්සීම් තුවාල  වූ අතර එක් ඉන්දීය ජාතිකයෙක් හට COVID-19 වෛරසය වැළඳී තිබුණි. 

මැයි 25 වනදින  උදෑසන මෙම නෞකාවේ පිපුරුමක් වාර්තා වූ අතර රසානය ද්‍රව්‍ය සහිත බහාලුම් 8 ක් පමණ පමණ මුහුදුට වැටීම සිදුවිය. 

Source: https://www.offshore-energy.biz/

ශ්‍රී ලංකා නාවික හමුදාව , ඉන්දීය  ආරක්ෂක නෞකා ගින්න මැඩපැවැත්වීමට නොයෙක් ප්‍රයත්නයන් ගත්තද ගින්න X-PRESS PEARL නෞකාව තුල ශීග්‍රයෙන්  පැතිරගොස් තිබුණි. ඒ අනුව තවත් උත්සහයක් ලෙස මැයි 26 වනදින ශ්‍රී ලංකා ගුවන් හමුදාව මගින් Dry Chemical Powder කිලෝග්‍රෑම් 450 ක් පමණ ගුවනින් X-PRESS PEARL නෞකාව මතට මුදාහරින ලදී.

X-PRESS PEARL නෞකාව ශ්‍රී ලංකා මුහුදු තීරයේ නාවුක සැතපුම් 50 ක් පමණ තවදුරටත් ඈතට රැගෙන යාමට බලධාරීන් සැලකිලිමත් වුවද පවතින අයහපත් කාලගුණික  තත්වයට සහ ගින්න නිවීමට වැඩි අවධානය  යොමු කිරීමට සිදුවිය. 

ඒ අනුව X-PRESS PEARL නෞකාව තුල ගින්න විශාල වශයෙන් පැතිරගොස් ඇති අතර නෞකාව මත ඇති රසායන ද්‍රව්‍ය සහිත බහාලුම් තවදුරටත් මුහුදට වැටෙමින් පවතී. 

Source: www.navy.lk

මෙම රසායන  ද්‍රව්‍ය, බහාලුම් කොටස් ආදී අපද්‍රව්‍ය දැනටමත් අවට මුහුදු තීරයන්ට (වත්තල , උස්වැටකෙයියාව , මීගමුව) ගොඩගසා ඇති අයුරු දක්නට ලැබේ. තවදුරටත් මෙම අපද්‍රව්‍ය දික්ඕවිට සිට පුත්තලම් සහ වැල්ලවත්ත සිට පානදුර වෙරලතීරයන්ට ගොඩගැසීමට ඉඩ ඇති බව සදහන් වේ. මෙම රසායන ද්‍රව්‍ය සහ අපද්‍රව්‍ය ඉවත් කිරීමේ වැඩසටහන් ශ්‍රී ලංකා නාවික හමුදාව මැදිහත්ව සිදුකරනු ලැබේ. මහජනතාව එම රසානික අපද්‍රව්‍ය ඇල්ලීමෙන් හා ගැටීමෙන් වලකින ලෙසට බලධාරීන් ඉල්ලා සිටී. 

මෙම රසායන ද්‍රව්‍ය හේතුවෙන් ඇතිවූ ගින්නෙන් පිටවූ Nitrogen Dioxide ඇතුලු විෂ වායුන් හේතුවෙන් තදාසන්න ප්‍රදේශවලට අම්ල වැසි ඇතිවීමේ අවධානමක් ද පවතින බව බලධාරීන් ප්‍රකාශ කර සිටී.

මෙම X-PRESS PEARL නෞකාව බලගැන්වීමට නෞකාව තුල ගබඩා කර තිබෙන ඉන්ධන මුහුදට එක්වීම සිදුවිය හැකි තවත් බරපතල සමුද්‍ර හානියකි. සාමාන්‍ය භාණ්ඩ ප්‍රවාහන නෞකාවක් තුල ඉන්ධන ගැලුම් මිලියනයක් පමණ තිබෙන අතර එමගින් මෙම  X-PRESS PEARL නෞකාවේ විශාල ඉන්ධන ප්‍රමාණයක් පවතින බවත් එම ඉන්ධන මුහුදට එක වුවහොත් ඇතිවන හානියත් විශාල වන බවත් වැටහා  ගත හැක.

X-PRESS PEARL නෞකාවෙන් මුහුදට එක්වූ රසායන ද්‍රව්‍ය හේතුවෙන් සමුද්‍ර පරිසරයට ඇතිවූ හානිය සොයාබැලීමට ශ්‍රී ලංකාවේ  නාරා ආයතනය මගින් පරීක්ෂණ අරඹා තිබේ.


දැනට පවතින තත්වය අනුව X-PRESS PEARL නෞකාවේ ගින්න යම්තාක් දුරට පාලන කිරීමට ශ්‍රී ලංකා නාවික හමුදාව සහ ඉන්දීය වෙරළ ආරක්ෂක යාත්‍රා වලට හැකියාව ලැබී ඇත.

කෙසේ නමුත් මෙම  X-PRESS PEARL නෞකාවේ ඇතිවූ අනතුරෙන් ශ්‍රී ලංකා සමුද්‍ර පරිසර පද්ධතියට කෙටි කාලීන සහ දීර්ඝ කාලීන අහිතකර බලපෑම් ඇතිවනු ඇතැයි අපේක්ෂා කිරීමට පුළුවන.


රචනය : Isuru Umesha Ravisanka



References: 

https://www.expressandstar.com/news/world-news/2021/05/25/container-ship-evacuated-after-explosion-off-colombo/

https://www.fleetmon.com/maritime-news/2021/33869/container-ship-x-press-pearl-may-26-update-total-l/

https://news.navy.lk/oparation-news/2021/05/25/202105251830/

https://youtu.be/FH9MIEoVoiI

Share:

0 comments:

Post a Comment

Contact Form

Name

Email *

Message *

Featured post

Mic On 2020

       ‘Mic On 2020’ - An Intra faculty, song and instrumental cover contest, was successfully organized by the Aquatic students’ Associatio...