Search here..

Wednesday 2 June 2021

ජලජ සම්පත් කළමනාකරණ විෂය (Aquatic Resources Management ) හා විශේෂ උපාධිය පිළිබදව ඔබ දැනුවත්ද?





මෑතකදී නිකුත් වූ අපොස උසස්පෙළ විභාගයේ ප්‍රතිඵලත් සමග ඔබගේ උසස් අධ්‍යාපන සිහිනය යථාර්ථයක් කරගැනිමට වෙහෙස වෙන ඔබට උපකාරයක් වන්නට ලියැවෙන ලිපියකි මේ...

අපොස උසස්පෙළ විභාගයට ජීව විද්‍යා අංශයෙන් මුහුණ දුන් බොහෝ දෙනෙක් තම උසස් අධ්‍යාපනය සදහා විවිධ වු මං පෙත් විවර කරගැනිමට උත්සහ කරමින් සිටිනවා...ඒ අතරින් උසස්පෙළ විභාගය සදහා මුහුණ දුන් සීමිත පිරිසකට පමණක් හිමිවන මෙම ජලජ සම්පත් කළමනාකරණ විෂය හා විශේෂ උපාධි පාඨමාලාව පිලිබදව බොහෝදෙනෙක් දැනුවත් බවින් අඩුයි..ඉතාම වැදගත් කරුණක් වන්නේ ජලජ සම්පත් කළමනාකරණ විෂය හා විශේෂ උපාධි පාඨමාලාව ඔබ වෙත පිරිනමන්නෙ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ව්‍යවහාරික විද්‍යා පීඨයෙන් සහ ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයෙන් පමණක් වීමයි. නමුත් රසායන විද්‍යාව, කළමනාකරණ විද්‍යාව සහ සත්ත්ව විද්‍යාව යන අංශවලට අනුබද්ධව ඔබට මෙම ජලජ සම්පත් කළමනාකරණ විෂය හැදෑරීමට අවස්ථාව හිමිවන්නේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ව්‍යවහාරික විද්‍යාපීඨයෙන් පමණි.

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය යටතේ Aquatic Resources Management හෙවත් ජලජ සම්පත් කළමනාකරණ විෂය හදාරන සිසුන්ට විශ්ව විද්‍යාලයේ දෙවන වසර අවසානයේදි දෙවසරක තම කුසලතා මත පදනම්ව ඉදිරි අවුරුදු දෙක සදහා ගෞරව (විශේෂ) උපාධි පාඨමාලාව(BSc.hons) සදහා තේරී පත්විය හැක. ඒ ඔස්සෙ වැඩිදුර අධ්‍යාපනය මගින් ඉන් ඉදිරියට ගොස් ශිෂ්‍යත්ව ඔස්සේ MSc සහ PhD උපාධියක හිමිකරුවෙකු වීමටත් අවස්ථාව හිමිවේ..ගෞරව උපාධියට තේරී පත් නොවුනත් තෙවන වසර අවසානයේදි සිව් අවුරුදු විස්තාරිත උපාධි පාඨමාලාවක් (Extended degree) සදහාද තේරී පත්වීමට සිසුන්ට අවස්ථාව හිමිවන බව ඉමහත් සතුටින් දැනුම් දෙන්නෙමු.

අධ්‍යන වර්ෂ තුළදී සාගර විද්‍යාව, ජලයේ රසායන විද්‍යාව (Water Chemistry), මත්ස්‍ය විද්‍යාව (Ichthyology) , Aquatic Toxicology, මත්ස්‍ය වගාව හා විසිතුරු මත්ස්‍ය වගාව (Aquaculture and Ornamental fish culture) , ජලජ ජීවීන්ගෙ විවිධත්වය මෙන්ම ජීව විද්‍යා සිසුවෙකුට විශ්වවිද්‍යාල ජීවිතයේදී වැදගත්ම වන ගණිත සංකල්ප පිලිබදව වෙනම විෂයන්  ද GIS යනාදී වැදගත් වන මෘදුකාංග ඇසුරු කරගත් විෂයන් යනාදී අංශ රැසක් ඔස්සෙ අධ්‍යාපනය ලැබීමට අවස්ථාව හිමිවේ..එමෙන්ම මේ හා අනුබද්ධව කළමනාකරණ විෂයද අන්තර්ගතවීම අංගසම්පූර්ණ ව්‍යවසායකයෙකු බවට පත්වීමට අවස්ථාව උදා කරයි.

ක්ෂේත්‍ර රැසක් ඔස්සෙ විහිදුණු මෙම උපාධි පාඨමාලාව හැදෑරූ අප ආදි විද්‍යාර්ථයින් රාජ්‍ය සහ පුද්ගලික අංශයේ රැකියා රැසක නිරතව ඇත. උදාහරණ ලෙස,
NARA ( National Aquatic Resources and Development Agency), NAQDA (National Aquaculture Development Authority) වැනි ලොව පිළිගත් පර්යේෂණ ආයතන වල මෙන්ම ITI, MAS, MEPA, CEA වැනි පිළිගත් ආයතනවලද බැංකු ක්ෂේත්‍රයේ ද මහවැලි අධිකාරිය,ධීවර අමාත්‍යංශය,  ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය, Sri Lanka Custom ඇතුළුව රාජ්‍ය අංශයේ දෙපාර්තමේන්තු වල මෙන්ම ශ්‍රී ලංකා පරිපාලන සේවය Sri Lanka Administrative service (SLAS), ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවය Sri Lanka Education Administrative Service (SLEAS) සහ  අධ්‍යයන කාර්ය මණ්ඩලවල (රාජ්‍ය විශ්ව විද්‍යාල සහ රජයේ පාසල්) යනාදිය දැක්විය හැක. ඉන් ඔබ්බට ගොස් තම උපාධිය විශිෂ්ඨ සාමාර්ථ සහිතව සම්පූර්ණ කරන සිසුන්ට විදෙස්ගත රැකියා අවස්ථා ද උදාකරගත හැක.

විශ්වවිද්‍යාලය තුළ අධ්‍යාපනයට පමණක් නොව ප්‍රායෝගික අධ්‍යාපනයට මුල්තැන දෙන විෂයක් සහ විශේෂ උපාධි පාඨාමාලවක් ලෙස විශ්වවිද්‍යාලීය අධ්‍යයන කාලය තුළදී ක්ෂේත්‍ර චාරිකා තුළින් විෂය පථයේ ගැඹුරටම අධ්‍යාපනය සහ ප්‍රයෝගික අත්දැකීම්  ලැබීමට අවස්ථාව හිමිවීම ඉතා සුවිශේෂීය.

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ව්‍යවහාරික විද්‍යාපීඨයෙන් පිරිනමන Aquatic Resources Management විෂය ඔස්සේ ලැබෙන අමතර ප්‍රතිලාභ ලෙස පිහිනුම් පාඨමාලාවක් ද නොමිලයේම හැදෑරීමට අවස්ථාව ලැබේ. එයට Snorkeling සහ Diving යන අංශ ද ඇතුලත් වීම ඉතා විශේෂය. ඊට අනුබද්ධව කෙනෙකුට ඉතා දුලබ අවස්ථාක් ලෙස හිමිවන ජීවිතාරක්ෂක ( Water Safety and Basic Lifesaving Skills) පාඨමාලාවක් ද නොමිලයේ හැදෑරීමට අවස්ථාව හිමිවේ.

පරිපූර්ණ විශ්වවිද්‍යාල ජීවිතයක් සදහා සෞන්දර්ය රසවින්දනයට ද මුල්තැන දෙමින් "පැදුර" එළිමහන් ප්‍රසංගය, "Aqua Night" වැනි ප්‍රසංග වාර්ෂිකව "ජලජ ජීව විද්‍යා ශිෂ්‍ය සංගමය" (Aquatic Students' Association)  හරහා සංවිධානය වන්නේ සිසුන් බලාපොරොත්තු වන්නෙ අධ්‍යාපනයම පමණක් නොවන නිසාවෙනි.

රටේ අති දක්ෂ සහ සුදුසුකම් ලත් ආචාර්ය මණ්ඩලයක් හමුවේ අධ්‍යාපනය ලැබීමට අවස්ථාව හිමිවන ජලජ සම්පත් කළමනාකරණ උපාධි පාඨමාලාව තුළින් දැනුමින් මෙන්ම හැකියාවෙන් ද සපිරි විද්‍යාර්ථීන් රටට දායාද කිරීමට ගන්නා මෙම උත්සහය අගය කළ යුතුමය.


Share:

0 comments:

Post a Comment

Contact Form

Name

Email *

Message *

Featured post

Mic On 2020

       ‘Mic On 2020’ - An Intra faculty, song and instrumental cover contest, was successfully organized by the Aquatic students’ Associatio...