Search here..

Thursday 17 June 2021

Micro Plastic (ක්ෂුද්‍ර ප්ලාස්ටික් / දෙවෙනි කොටස )

 Micro Plastic  (ක්ෂුද්‍ර ප්ලාස්ටික්) 

( දෙවෙනි කොටස )

Source: https://www.greenoptimistic.com

පරිසරයට එකතු වන micro plastic

පෙර ලිපියේ දැක්වූ පරිදි විශාල ප්ලාස්ටික් කොටස් සහ අප ද්‍රව්‍ය පරිසරයට මුදා හැරීමත් ඒවායේ අර්ධ වියෝජන ක්‍රියාවලියත් මගින් ප්‍රධාන වශයෙන් ක්ෂුද්‍ර ප්ලාස්ටික් අංශු පරිසරයට එකතු වෙයි. 

මීට අමතරව microplastic පරිසරයට විවිධ මාර්ග ඔස්සේ එකතුවෙයි. එහිදී දූවිලි අංශු, වාහන ටයර මගින්, ජල නල මගින් කෘතිම රෙදිපිළි නිෂ්පාදන, නෞකා තීන්ත ආලේප මගින්, සෘජුවම ක්ෂුද්‍ර ප්ලාස්ටික් අංශු පරිසරයට එකතු වෙයි. 

එසේම සාගර නෞකා අනතුරු මගින්ද විශාල වශයෙන් ප්ලාස්ටික් පරිසරයට එකතු වෙයි. මෑතකදී සිදු වූ New Diamond නෞකා  අනතුර මෙන්ම X Press Pearl නෞකා  අනතුරත් මේ සඳහා කදිම සාක්ෂි සපයයි. 

එසේම බොහෝ කර්මාන්ත හා අපජල පිරිපහදු ඒකක මගින් ස්වභාවික ජලජ පරිසර පද්ධතීන්ට නිදහස් කරනු ලබන පිරිපහදු කල ජලයෙහි ද අධික වශයෙන් ක්ෂුද්‍ර ප්ලාස්ටික අංශු අඩංගු වෙයි. 

සෞඛ්‍ය බලපෑම්

Source: http://aware-simcoe.ca/2018/10/microplastics-found-in-human-food-chain

මෙම ක්ෂුද්‍ර ප්ලාස්ටික් අංශු අප භාවිතයට ගන්නා රූපලාවන්‍ය නිෂ්පාදන, සනීපාරක්ෂ නිෂ්පාදන ඔස්සේ මෙන්ම අප ගන්නා මත්ස්‍ය ආහාර හා අනෙක් ආහාර ඔස්සේ ද ශරීරගත විය හැකි බව මීට පෙර ලිපියේ දී ද සඳහන් කෙරුණි. 

මෙසේ ශරීර ගතවන ශුද්ධ ප්ලාස්ටික් අංශු ඉතා පහසුවෙන් රුධිරයට ඇතුළු විය හැකි අතර ඒවා අපගේ මොළයේ ස්නායු වලට පවා හානි කළ හැකි යැයි පැවසේ. 

එසේ ම ගැබිනි මව්වරුන්ගේ සිරුරේ සිට කලල බන්ධය හරහා කලලයට ද, මෙම ක්ෂුද්‍ර ප්ලාස්ටික් අංශු ගමන් කළ හැකි යැයි පැවසේ. 

මෙලෙස ශරීරගත වන ක්ෂුද්‍ර ප්ලාස්ටික් අංශු මඟින්

බිස්පෙනෝල් ඒ සහ තැලේට් නිපද විය හැකි අතර බිස්පෙනෝල් හෝමෝන ( ලිංගික හෝමෝන) වලට බාධා අැති  කර යි. එමගින් පිරිමින්ගේ හා කාන්තාවන්ගේ සාරවත් බව අඩු කිරීමට හේතු වේ.

එසේම මෙම ක්ෂුද්‍ර ප්ලාස්ටික් වල අඩංගු styrene හා polychlorinated biphenyls (PCBs) පිළිකා, ස්නායු ආබාධ, ප්‍රතිශක්තිකරණ දුර්වලතා, ස්වසන හා ශ්‍රවණ ආබාධ වැනි බොහොමයක් රෝග ඇති කිරීමට හේතු වේ

වලක්වා ගත හැකි ක්‍රම.

මෙම ක්ෂුද්‍ර ප්ලාස්ටික් අර්බුදය ඇත්තෙන්ම පූර්ණ වශයෙන් වළක්වාගත නොහැකි නමුත් එයින් ඇතිවන බලපෑම අවම කරගත හැකිය. 

ඒ සඳහා හැකි පමණ ස්වාභාවික උල්පත් ජලය පිරිපහදු කිරීම මගින් පානය කිරීම වඩාත් උචිතය. මන්දයත් පානීය ජලය ක්ෂුද්‍ර ප්ලාස්ටික් ශරීරගතව මූලික ප්‍රභවයක් ලෙස දැක්විය හැකියි. 

එසේම ආහාර නිෂ්පාදන හා ඇසුරුම් කටයුතුවලදී ප්ලාස්ටික් ආවරණ භාවිත නොකිරීම ත් ආහාර උදුන් (microwave oven) තුළ පිළියෙල කිරීමේදී ප්ලාස්ටික් භාජන භාවිතා නොකිරීමත් උචිතය. 

තවද ප්‍රතිචක්‍රීකරණ කේත 5,6,7, ලෙස සඳහන් කර ඇති ප්ලාස්ටික් භාජනවල ආහාර බහාලීම වැලකීමත් උචිතය. 

හැකි පමණ ස්වභාවික ආහාර නිෂ්පාදන පරිභෝජනය කිරීමත්, ජනතාව දැනුවත් කිරීමේ වැඩමුළු ඇති කිරීම මෙන්ම අප පෞද්ගලිකව සියලු දෙනා හැකි පමණ මෙම ප්ලාස්ටික් පරිසරයට නිදහස් නොකිරීමට කටයුතු කිරීමත් ජල පෝෂක කලාව ගංගා සාගර කලාප පවිත්‍ර කිරීම ත් මගින් මෙම බලපෑම අවම කර ගත හැකිය.

Microplastic නුදුරු අනාගතයේදී අතිශය තර්ජනාත්මක බලපෑමක් ඇති කළ හැකි මාතෘකාව ක් වන බැවින්, හැකි පමණ එය අවම කරගැනීමට කටයුතු කරමු.



රචනය- සංජය තිලකරත්න





මුලාශ්‍ර-

https://www.discoverwildlife.com/people/facts-about-microplastics/

https://link.springer.com/article/10.1007/s11356-021-13184-2

https://www.google.com/amp/s/www.washingtonpost.com/health/youre-literally-eating-microplastics-how-you-can-cut-down-exposure-to-them/2019/10/04/22ebdfb6-e17a-11e9-8dc8-498eabc129a0_story.html%3foutputType=amp

Share:

0 comments:

Post a Comment

Contact Form

Name

Email *

Message *

Featured post

Mic On 2020

       ‘Mic On 2020’ - An Intra faculty, song and instrumental cover contest, was successfully organized by the Aquatic students’ Associatio...