Search here..

Wednesday 16 June 2021

විකිරණශීලි අපද්‍රව්‍ය ගැන දැන ගනිමු

 

විකිරණශීලි අපද්‍රව්‍ය ගැන දැන ගනිමු

පෘථිවිය මත ජීවත් වන සියලුම ජීවීන්ට බාහිර පරිසරයේ පවතින විකිරණ වලට හැම විටම පාහේ නිරාවරණය වීමට සිදුවේ.විකිරණශීලිතාවය (Radioactivity), අප සියලු දෙනාටම අසා හුරුපුරුදු වචනයකි.එමගින් අදහස් වන්නේ, ඇතැම් අස්ථායී මූලද්‍රව්‍ය හෝ පදාර්ථ, ශක්තිය හා නියුක්ලයිඩ නිදහස් කර වඩාත් ස්ථායී මූලද්‍රව්‍ය බවට පත්වීමයි. මෙම නිදහස් කරන ශක්තිය, විකිරණ (Radiation) ලෙස හඳුන්වයි.

මෙම විකිරණ ප්‍රධානව,

1. අයනීකාරක ගුණය සහිත
2. අයනීකාරක ගුණය රහිත ලෙසකොටස් 2 කට බෙදා දැක්විය හැක.

මේ අතරින් ජීවීන්ට වඩාත් ප්‍රබල බලපෑම් ඇති කරන්නේ අයනීකාරක ගුණය සහිත විකිරණයි.

එසේම ජීවීන් නිරාවරණය වන අයනීකාරක ගුණය සහිත විකිරණ වලින් වැඩි ප්‍රමාණයක් නිදහස් වන්නේ ස්වභාවික පරිසරයෙනි.එනමුත් මෙම ස්වභාවික විකිරණ ලැබෙන මාත්‍රාව අඩු වීමත්, ඒවායේ ප්‍රබලතාව සාපේක්ෂව අඩු වීමත් නිසාම ඒවායින් වැඩි බලපෑමක් ජීවීන් කෙරෙහි ඇති නොකරයි.

උදා:- පෘථිවි ගෝලයේ ඇති විකිරණශීලි ඛනිජ (මොනොසයිට්,තෝරියනයිට්,තෝරයිට්), අන්තරීක්ෂ කිරණ

දැන් අපි විකිරණශීලි අපද්‍රව්‍ය ගැන විමසා බලමු. විකිරණශීලි අපද්‍රව්‍ය යනු විවිධ විද්‍යාත්මක, වෛද්‍ය විද්‍යාත්මක හා කාර්මික කටයුතු වලදී භාවිතා කරන විකිරණශීලි ද්‍රව්‍ය මගින් පිටවන අපද්‍රව්‍ය වේ.මෙම අපද්‍රව්‍ය තුළ විකිරණ මුදාහරින නියුක්ලයිඩ කොටස් අඩංගු වේ. මෙම විකිරණ නියුක්ලයිඩ සඳහා විවිධ අර්ධ ආයුකාල ඇත.

අර්ධ ආයුකාලයක් යනු, විකිරණශීලි ද්‍රව්‍යයක් එහි ආරම්භ ප්‍රමාණයෙන් භාගයක් දක්වා ක්ෂය වීමට ගතවන කාලයයි.මෙම අර්ධ ආයුකාලය එක් එක් විකිරණශීලි මූලද්‍රව්‍යය අනුව, තත්ත්පර ගණනක සිට වසර මිලියන ගණනක් දක්වා දිගු විය හැකිය.

එසේම විකිරණශීලි අපද්‍රව්‍ය වලට විවිධ භෞතික (ඝන, ද්‍රව හෝ වායු) ගුණහා රසායනික ගුණදක්නට ලැබේ. විකිරණශීලි අපද්‍රව්‍ය මූලිකව කොටස් 3කට වර්ග කල හැක.
1. පහළ මට්ටමේ අපද්‍රව්‍ය (Low level waste)
2. අතරමැදි මට්ටමේ අපද්‍රව්‍ය (Intermediate level waste)
3. ඉහළ මට්ටමේ අපද්‍රව්‍ය (High level waste)

 

පහළ මට්ටමේ අපද්‍රව්‍ය

අතරමැදි මට්ටමේ අපද්‍රව්‍ය

ඉහළ මට්ටමේ අපද්‍රව්‍ය

මූලාශ්‍ර

රෝහල්, විද්‍යාගාර, කර්මාන්ත අපද්‍රව්‍ය

විද්‍යාගාර, කර්මාන්ත අපද්‍රව්‍ය

න්‍යෂ්ටික බලාගාර අපද්‍රව්‍ය

නිදසුන්

අත්වැසුම්, ඉවතලන ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය, සපත්තු,ඖෂධ වර්ග

රෙසින වර්ග, රසායනික අපද්‍රව්‍ය, ප්‍රබලඅම්ල,භෂ්ම ආදිය, කෝෂ වර්ග

න්‍යෂ්ටික විකිරක ද්‍රව්‍ය, බැර ලෝහ,ෆොසිල ඉන්ධන

අර්ධ ආයුකාලය

අඩු

වැඩි

වැඩි

විකිරණශීලි මට්ටම

පහළ

ඉහළ

ඉහළ

මෙම ඉහළ විකිරණශීලි අපද්‍රව්‍ය අතීතයේදී ප්‍රධානව සාගර වලට බැහැර කිරීම,භුගත කිරීම හෝ වෙනත් ජල මූලාශ්‍ර වලට බැහැර කරන ලදී. නමුත් එමගින් ජලජ ජීවීන්ටහා භූගත ජල ප්‍රභව වලට සිදුවන අහිතකර බලපෑම් සැලකිල්ලට ගෙන, විකිරණශීලි අපද්‍රව්‍ය යම්කිසි නිශ්චිත කාලයක් ගබඩා කර තබා,ඒවායේ ප්‍රබලතාව අඩුවීමෙන් පසු ආරක්ෂිතව බැහැර කිරීමට පියවර ගත්හ.

නමුත් ඇතැම් හදිසි ආපදාවන් නිසා  මෙම විකිරණශීලි අපද්‍රව්‍ය විශාල වශයෙන් පරිසරයට නිකුත් වීම සිදුවේ. ඊට අමතරව දිනෙන් දින එකතු වන විකිරණශීලි අපද්‍රව්‍ය ප්‍රමාණය අධික වන නිසාත්, ඒවායේ විකිරණශීලිතාවය වැඩිවීම නිසාත්, විකිරණශීලි අපද්‍රව්‍ය නිසි කලමනාකරණයකින් තොරව බැහැර කිරීමත් නිසා,පිළිකා, උපත් දුර්වලතා, ආහාරදාම බිඳවැටීම, විකෘති ඇතිවීම, බෝගවල ඵලදාව අඩුවීම, පස නිසරු වීම, ජල දූෂණය, ජීවීන් වැඩි ප්‍රමාණයක් එකවරම මියයාම වැනි බොහෝ අහිතකර බලපෑම් ඇතිවිය හැකිය.

ඒ අනුව මෙම විකිරණශීලි අපද්‍රව්‍ය වලින් පරිසරයටත් අපටත් වන අහිතකර බලපෑම් අවමකර ගැනීමට නම් ප්‍රධානවම අපද්‍රව්‍ය නිසිපරිදි කලමණාකාරණය හා බැහැර කිරීම ඉතා වැදගත් වේ.එසේම අපගේ නිවෙස් වලින් බැහැර කරන වියලි කෝෂ,විවිධ ඖෂධ වර්ග,ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය සුන්බුන් ආදියත්,කර්මාන්ත අපද්‍රව්‍ය, කෘමිනාශක, වල්නාශක ආදී සියලු අපද්‍රව්‍ය විධිමත් අයුරින් බැහැර කිරීමට අප වගබලාගත යුතුය.

විශේෂයෙන්ම මෙම විකිරණශීලි අපද්‍රව්‍ය ඇතුලු අනෙකුත් සියලුම අපද්‍රව්‍ය ජලයට බැහැර නොකිරීමට කටයුතු කල යුතුය. මන්ද ජලය මගින් එම අපද්‍රව්‍ය විශාල ප්‍රදේශයක් පුරා පහසුවෙන් පැතිරීම සිදුවන අතර, එමගින් සිදුවන අහිතකර බලපෑම්ද වැඩිය.

විකිරණශීලි අපද්‍රව්‍ය වලින් පරිසරය ආරක්ෂා කර ගැනීමට අපි සැවොම දායක වෙමු.

රචනය: 

නදීකා  ප්‍රියදර්ශනී




References :

Lutze, W. and Ewing, R.C., 1988. Radioactive waste forms for the future.

Murray, R.L., 1994. Understanding radioactive waste (No. BATT--0117/XAB). Battelle.

Ewing, R.C., Weber, W.J. and Clinard Jr, F.W., 1995. Radiation effects in nuclear waste forms for high-level radioactive waste. Progress in nuclear energy, 29(2), pp.63-127.




Share:

0 comments:

Post a Comment

Contact Form

Name

Email *

Message *

Featured post

Mic On 2020

       ‘Mic On 2020’ - An Intra faculty, song and instrumental cover contest, was successfully organized by the Aquatic students’ Associatio...