Search here..

Tuesday 15 June 2021

“දෑස් නොපෙනෙන ගුහා මත්ස්‍යයයෝ “

ගුහා මසුන් යනු කවුරුන්ද ?

ගුහා පරිසරය තම වාසභූමිය කරගත්ජීවිත කාලයම අදුරු ගුහා තුළ වාසය කරන මත්ස්‍යයින් ගුහා මත්ස්‍යයන් ලෙස  හදුන්වනු ලබයිමෙම මත්ස්‍යයන් බොහෝමයක් ප්‍රමාණයෙන් කුඩා  වන අතර දිගින් 3cm - 7 cm පමණ වේමෙම මත්ස්‍යයින්ට සුවිශේෂී වූ බාහිර පෙනුමක් ඇති අතර  ඔවුන්ගේ හැසිරීම හා සංවේදනයන්ද සාමාන්‍ය මත්ස්‍යයන්ට වඩා හාත්පසින්ම විවිධ වේ.

ගුහා තුළ වාසය සදහා ඇති හැඩගැසීම්

මොවුන්ගේ දේහ වර්ණය ගත් කල  බොහොමයක් මත්ස්‍යයන් ඉතා ලා පැහැයෙන් යුතුය. එසේම මොවුන් තම ආහාර ලෙස ලබාගනුයේ ජලය පතුලේ තැන්පත් වී ඇති දෑ වේ. ඉතා කෙටි නින්දක් පමණක් ලබාගන්නා  මොවුන් වැඩි කාලයක් නිදි වර්ජිතව ගත කරයිමොවුන්ගේ බිත්තර සාමාන්‍ය මත්ස්‍යයකුගේ බිත්තර වලට වඩා ප්‍රමාණයෙන් විශාල වන අතර මුහුණේ ඇති අස්ථිවල හැඩයද යම් පමණකට වෙනස්කම් දක්නට ලැබේ. එසේම මෙම මත්ස්‍යයින් රංචු අකාරයේ හැසිරීමක් නොදක්වන අතර බොහෝ දුරට තනි තනිව වාසය කිරීමට නැඹුරුවක් දක්වයි.

ගුහා මසුන්ගේ දෘෂ්ටිය

ගුහා තුළ පවතින අධික අදුරු පරිසරය නිසා මෙම මත්ස්‍යයන්ට දෘෂ්ටිය සදහා ප්‍රමාණවත් ආලෝකයක් නොලැබේ. එසේම එවැනි පරිසරයක දී මත්ස්‍යයින්ට විවිධ ගැටලු පැන නගී . ප්‍රධානව ආහාර සොයා ගැනීමට වැඩි වෙහෙසක් දැරීමට සිදුවීම, ප්‍රජනන ක්‍රියාවලිය නොනවත්වා පවත්වාගෙන යාම, විලෝපිකයන්ගෙන් ආරක්ෂා වීම වැනි දෑ සදහා වැඩි ශක්තියක් වැයකිරීමට සිදුවේ.  

මෙසේ වැඩි ශක්තියක් අවශ්‍ය වන  නිසා බොහොමයක් ගුහා මත්ස්‍යයන් තම දේහය තුළ වූ අනිකුත් වැඩි ශක්තියක් අවශ්‍ය වන ඉන්ද්‍රියයන් අවශේෂ කර ගනු ලබයි. මේ අනුව සංවේදනය ඉන්ද්‍රියයන් හා ඒ ආශ්‍රිත ස්නායු පද්ධතියේ ක්‍රියාකාරිත්වය සදහා වැඩි ශක්තියක් වැය වන බැවිනුත්, ගුහා තුළ ඇති දැඩි අදුරු වට පිටාව හේතුවෙනුත්, ගුහා මත්ස්‍යයන්ගේ ඇස් පරිහානියට පත් වී ඇත.

ගුහා මසුන් ලෝකය දකින්නේ කෙසේද?

ඇස් පරිහානියට පත්වීමත් සමග  මෙම මත්ස්‍යයන් හට  තම අවට පරිසරය ගැන සංවේදන ලබා ගැනීමට නොහැකි වී යයිමේ නිසා මොවුන්ගේ අනිකුත් සංවේදන ඉන්ද්‍රියයන් වඩාත් දියුණු වී බාහිර පරිසරය පිළිබඳ ව තොරතුරු ලබා දේ. ප්‍රධානව රස සංවේදනය වැඩි දියුණු වී ඇති අතර මොවුන්ගේ උඩු හා යටි හනුවල ඇති රසාංකුර ප්‍රමාණය සාපේක්ෂව වැඩි වී ඇත. එසේම මොවුන්ගේ අංශරේඛාව (lateral line) හා හිස ආශ්‍රිතව ඇති සංවේදන සෛල ප්‍රමාණය ද ඉහළ වේ. මෙමගින් මොවුන් ජලය තුළ පිහිනා යන විට ඇති වන පීඩන වෙනස පහසුවෙන් හඳුනාගනු ලබයිඑසේම මොවුන්ගේ හිස්කබලේ ඇති අවිධිමත් හැඩය  නිසා ගුහා මත්ස්‍යයින්ට පහසුවෙන් ඔවුන්ගේ මාර්ගය සොයා ගැනීමට හැකි වී ඇති බව විශ්වාස කෙරේ.

ලොව පුරා සිටින ගුහා මත්ස්‍යයන්

ලොව විශාලතම ගුහා මත්ස්‍යයා ලෙස දැනට වර්තාවන්නේ උතුරු ඉන්දියාවේ ලැඩෝව් ගුහා තුලින් සොයාගත්, Golden Mahseer නම් වූ සාමාන්‍ය මතුපිට ජලයේ වාසය කරන මත්ස්‍යයාට බොහෝ සෙයින් සමාන වූ මත්ස්‍යයයාය

මෙම මත්ස්‍යයා සාමාන්‍ය ගුහා මත්ස්‍යයින්ට වඩා දස ගුණයක් පමණ ප්‍රමාණයෙන් විශාල වන අතර සුදු පැහැති දේහයකින් යුක්ත වේ. එසේම මෙම මත්ස්‍යයාගේ අක්ෂි දුර්වලව වර්ධනය වී ඇත.

ඊට අමතරව Mexican tetra නම් වූ මත්ස්‍යයා ගුහා පරිසරයේ මෙන්ම මතුපිට ජල පද්ධතිවල ද දැකගත හැක. එසේම තායිලන්තයේ ගුහා තුළ දක්නට ලැබෙන තවත් ගුහා මත්ස්‍ය විශේෂයක් ලෙස ( Cryptotora thamicola) සැලකිය හැක.

චීනයේ දකුණු දිග ගුහා තුලින් හමුවන Humpback golden line barbal නම් වූ මත්ස්‍යයා ද ගුහා මසුන් සදහා තවත් නිදසුනකි.

මෙම සියලු මත්ස්‍යයන්ගේ දේහ වර්ණ, අක්ෂි පෙනුම අවශේෂ වී ගුහා පරිසරයට උචිත අන්දමට හැඩගැසී තිබීම දැකගත හැක.

ගැඹුරු මුහුදු පතුල්, ගැඹුරු ලිං පතුල්, මිරිදිය ජල ගුහා වාසභූමිය කරගත් ගුහ මත්ස්‍යයින් ස්වභාව ධර්මයේ තවත් එක් අපූර්ව නිර්මාණයක් ලෙස සැලකිය හැකිය.


රචනය - අකීෂා ප්‍රභාෂ්වි





මූලාශ්‍ර  - අන්තර්ජාලය ඇසුරිනි


Baker, C.F. and Montgomery, J.C., 1999. The sensory basis of rheotaxis in the blind Mexican cave fish, Astyanax fasciatus. Journal of Comparative Physiology A, 184(5), pp.519-527.
 
Teyke, T., 1990. Morphological differences in neuromasts of the blind cave fish Astyanax hubbsi and the sighted river fish Astyanax mexicanus. Brain, behavior and evolution, 35(1), pp.23-30.
 
Wilkens, H. and Strecker, U., 2017. Regressive and Constructive Traits in Astyanax Surface and Cave Fish. In Evolution in the Dark (pp. 79-189). Springer, Berlin, Heidelberg

Share:

0 comments:

Post a Comment

Contact Form

Name

Email *

Message *

Featured post

Mic On 2020

       ‘Mic On 2020’ - An Intra faculty, song and instrumental cover contest, was successfully organized by the Aquatic students’ Associatio...