Search here..

Wednesday 20 October 2021

Alongshore webinar series 1.0 ; Webinar #5

බොහොමයක් ශාක හා සත්ත්ව විශේෂ වල පැවැත්ම තහවුරු කරමින් පරිසර පද්ධති සඳහා වෙනත් විවිධාකාර සේවාවන් රාශියක් සපයන කඩොලාන ප්‍රජාව, දශක තුනක පමණ කාලයක සිට වනහරණය හා අනිසි භාවිතය හේතුවෙන් පිළියම් කළ නොහැකි ආකාරයෙන් විනාශ වෙමින් පවතියි.  එබැවින් කඩොලාන නිවැරදි ආකාරයෙන් කළමනාකරණය පිළිබඳ අප දැනුවත් විය යුතුව ඇත.

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ජලජ ජීව විද්‍යා ශිෂ්‍ය සංගමය මඟින් සංවිධානය කරනු ලබන සම්මන්ත්‍රණ මාලාව "Alongshore", එහි පස්වන පියවර තබමින් "කඩොලාන තාත්වික කළමනාකරණය සඳහා විද්‍යාව හා පාලනය" පිළිබඳ හරවත්, විද්වත් ඒ වගේම රසවත් කතිකාවතක් ගොඩනගමින් ඔබව දැනුවත් කිරීමට අපි සූදානම් .

මෙවර සාකච්ඡාව සඳහා සම්පත් දායකත්වය, වයඹ විශ්ව විද්‍යාලයේ පශු සම්පත් ධීවර හා පෝෂණ පීඨයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සෙව්වන්දි ජයකොඩි මහත්මියයි.

දිනය        - ඔක්තෝබර් මස 22 වන සිකුරාදා 
වේලාව     - පස්වරු 5 සිට 6 දක්වා 

මාර්ගගත ක්‍රමයන් ඔස්සේ ZOOM තාක්ෂණය හරහා ඔබටත් මේ අගනා අවස්ථාව සමඟ අප හා සම්බන්ධ වීමට හැක.

පහත සබැඳිය හරහා ඔබට එදින සාකච්ඡාවට සම්බන්ධ විය හැක.


Meeting ID    : 646 0048 3443
Passcode     : g@VNJ28f 






Share:

0 comments:

Post a Comment

Contact Form

Name

Email *

Message *

Featured post

Mic On 2020

       ‘Mic On 2020’ - An Intra faculty, song and instrumental cover contest, was successfully organized by the Aquatic students’ Associatio...