Search here..

Saturday 16 October 2021

මුහුදු පතුලේ නත්තල් සිරි මවන නත්තල් ගස් පනුවන් (Christmas tree worm)

Spirobranchus giganteus,  යන විද්‍යාත්මක නාමයෙන් හැඳින්වෙන මෙම ආකර්ශනීය ජීවින් නිවර්ථන කලාපීය මුහුදේ වැඩි වශයෙන් දකින්නට පුළුවන්. විශේෂයෙන් කැරබියන් මුහුදේ සිට ඉන්දු පැසිපික් කලාපය දක්වා වූ මුහුදු තීරයේ කොරල් පර ආශ්‍රිතව මොවුන් බහුල වශයෙන් ජීවත් වෙනවා. නත්තල් ගස් පනුවන් සත්ව රාජධානියේ ඇනලීඩා හෙවත් සඛණ්ඩ පනුවන් වංශයේ පොලිකීටා  වර්ගයට අයත් මුහුදේ වාසය කරන ජීව විශේෂයකි. මොවුන්ගේ දේහයේ ඇති නත්තල් ගස් හැඩය නිසා මොවුන් නත්තල් ගස් පනුවන් ( Christmas tree worm) ලෙස හැඳින්වෙනවා. මොවුන් ඉතාමත් අලංකාර වර්ණ වලින් හැඩගැන්වෙන අතර බොහෝවිට එක් සත්වයෙක් වර්ණ දෙකකින් යුක්ත වෙනවා. ඔවුන්ගේ දේහය සෙන්ටිමීටර් 3.8 ක පමණ දිගින් යුක්තවේ. ඔවුන්ගේ නාළාකාර දේහයේ ඇති වී තිබෙන නෙරායාම් මඟින් ඔටුනු ආකාර ව්‍යුහයක් සැකසී ඇති අතර මධ්‍ය දේහය වටා කේශාකාර උපාංග වෘතාකාරව සැකසීමෙන් ඔවුන්ට මෙම සුවිශේෂි නත්තල් ගස් හැඩය ලැබී ඇත. ඔවුන් මෙම උපාංග ශ්වසනය සහ ආහාර ගොඳුරු කරගැනීමට යොදා ගනු ලබයි. මොවුන් පෙරා බුදින්නන් වන අතර ජලයේ පාවෙන ශාක ප්ලාවංග සහ ක්ෂුද්‍ර ශාක කොටස් තම ආහාර වශයෙන් යොදා ගනු ලබනවා.

මොවුන් ඔත් ජීවිත ගත කරන අතර බොහෝවිට ජීව කොරල් වල ශීර්ෂයට සම්බන්ධ වී කැල්සියම් වලින් සමන්විත නාලයක් තම දේහය වටා ස්‍රාවය කරගනු ලබනවා. ඔවුන් එම නාලය තම නිවස ලෙස ආරක්ෂාවට යොදා ගනු ලබනවා. සතුරු ආක්‍රමණයක සේයාවක් දැනුන විගස තම දේහය එම නාළය තුළ සඟවා ගන්නා අතර එසේ සැඟවුණු පසුව නාළයේ විවරයේ ඇති තියුණු අං හැඩැති පිධානය වැසී යාමෙන් ඔවුන්ට තවදුරටත් ආරක්ෂාව සැලසෙනවා.

මෙම ජීවී විශේෂය ඒක ලිංගික වන අතර ජලයට මුදා හරිනු ලබන ඩිම්බ හා ශුක්‍රාණු සංසේචනය වීමෙන් කීටයකු  වර්ධනය වෙනවා. එම කීටයා සුදුසු කොරල්පරයකට සම්බන්ධ වීමෙන් පසු තවදුරටත් වර්ධනය වී සුහුඹුල් අවස්ථාවට පත්වේ.

මොවුන් කොරල් ආශ්‍රිතව මවන්නාවූ වර්ණවත් රූරටා  නිසාවෙන්ම ජලජ ජීවි ඡායාරූපකරුවන් බොහෝ දෙනෙකු මොවුන්ගේ වසස්ථාන තම සේයාරූ ලබාගැනීම සඳහා යොදාගනු ලබනවා.




රචනය - ඉෂිනි දේවින්දි

 මූලාශ්‍ර:

https://www.marinebio.org/species/christmas-tree-worms/spiro

https://oceanservice.noaa.gov/facts/xmas-tree.html

 

 

 



Share:

2 comments:

Contact Form

Name

Email *

Message *

Featured post

Mic On 2020

       ‘Mic On 2020’ - An Intra faculty, song and instrumental cover contest, was successfully organized by the Aquatic students’ Associatio...