Search here..

Wednesday, 8 July 2020

සමුද්‍ර අභය භූමිය - පරවි දූපත (Pigeon Island)


ශ්‍රි ලංකාව ජාතික සමුද්‍ර අභය භූමි ද්විත්වයකට උරුමකම් කියන ස්ථානයකි. ඉන් එක් සමුද්‍ර අභය භූමියක් ලෙස පරවි දූපත හැදින්විය හැක.
හෙක්ටයාර් 471.4 ක් පුරාවට විහිදී ඇති මෙම දූපතෙහි හෙක්ටයාර් 9 ක් පමණ ගොඩබිම ප්‍රදේශය වන අතර ඉතිරිය කොරල් නිදි වලින් සීමා වී ඇත.

පරවි දූපතට පිවිසුම් මාර්ගය..

පරවි දූපතට ළඟාවීමට නම් නැගෙනහිර පළාතෙහි ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයෙහි පිහිටි, සංචාරක ආකර්ෂනය නොමදව දිනා ගත් සුන්දර වෙරළ තීරයක් වන නිලාවේලි වෙරළ තීරයට පිවිසිය යුතු ය. එතැන් සිට පැයක පමණ මුහුදු ගමනකින් පසු පරවි දූපතට ළඟා විය හැක.

පරවි දූපත ලෙස හදුන් වන්නට හේතුව..? 

මෙම දූපත පරවි දූපත ලෙස හදුන්වන්නේ, ඒකදේශික පක්ෂි විශේෂයක් වන ගල් පරවියන් සිය ගණනක් මෙම භූමිය තම වාසස්ථානය බවට පත් කර ගෙන ඇති බැවිනි.

පරවි දූපතෙහි භෞතික ලක්ෂණ..

පරවි දූපත කුඩා සහ විශාල දූපත් දෙකක එකතුවකි. විශාල පරවි දූපත හිරිගල් පරයකින් මායිම් වී ඇත. එය දිගින් 200m වන අතර පළල 100m පමණ වෙයි. මෙහි උසම ස්ථානය මුහුදු මට්ටමේ සිට 44.8m පමණ උසින් පිහිටා ඇත. මෙහි පවතින කුඩා පරවි දූපත, ගල් සහිත දූව කිහිපයකින් වට වී පවතියි. මධ්‍යන වාර්ෂික උෂ්ණත්වය 27° C පමණ වන අතර වාර්ෂික වර්ෂාපතනය මිලිමීටර් 1000 - 1700 පමණ වේ.

පරවි දූපතෙහි ජෛව විවිධත්වය...


ජෛව විවිධත්වයෙන් ඉතා ඉහළ අගයක් ගන්නා විශාල පරවි දූපතෙහි කොරල් පර ආශ්‍රිතව ප්‍රධාන වශයෙන් නිඩාරියා වංශයට අයත් ඇන්තසෝවා වර්ගයේ කුඩා බුහුබා ආකාරයක් වන Acropora spp නැමති විශේෂය දැක ගත හැක. ඊට අමතරව ගල් කොරල් (Stony Coral) විශේෂයක් වන Montipora spp දැක ගත හැක.
ගල් කොරල් විශේෂ (Faviidae spp, Mussidae spp, Poritidae spp) කුඩා පරවි දූපතෙහි ද දැක ගත හැකි අතර මෘදු කොරල් (Soft Coral) විශේෂ (Sinularia spp, Lobophyton spp, Sarcophyton spp) ද දැක ගත හැක. එමෙන්ම මෙහි පවතින කොරල් පර පෘෂ්ටවංශීන් සහ අපෘෂ්ටවංශීන් රැසකට රැකවරණය ලබා දෙයි.
කොරල් පර විශේෂ 100+ පමණත් කොරල් ආශ්‍රිත මත්ත්ස්‍ය විශේෂ 300+ පමණත් පරවි දූපත වටා වාර්ථා වෙයි. 

මීට අමතරව Blacktip reef sharks විශේෂ වාසය කරන අතර මෙහි යන සංචාරකයින් හට මොවුන් නැරඹීමේ හැකියාවද පවතියි. එපමණක් නොව කොළ කැස්බෑවා, පොතු කැස්බෑවා, බටු කැස්බෑවා වැනි කැස්බෑ විශේෂ කිහිපයක්ම මේ සුන්දර දූපතෙහි දැක ගත හැක.




එමෙන්ම මෙම ස්ථානය Scuba diving, Snorkeling  සහ Surfing වැනි ක්‍රියාකාරකම් සඳහාත් කදිම ස්ථානයකි.
අවුරුද්ද පුරාවටම උදෑසන 9 සිට සවස 5 දක්වා සංචාරකයින් හට මෙම ස්ථානය විවෘතව ඇත.
අවුරුද්ද පුරාවටම පැමිණෙන දහසක් වූ සංචාරකයන් නිසා කොරල් පර හායනය මෙන්ම මෙහි ජෛව විවිධත්වයට සහ මත්ත්ස්‍ය ඝනත්වයටත් තර්ජන එල්ල වී ඇත.


අපේ රටෙහි පවතින ස්වභාදම් මාතාවගේ අපූරු නිර්මාණයක් වූ මෙම සුන්දර පාරාදීසය රැක ගැනීම අප කාගේත් වගකීම බව මෙවැනි ස්ථාන සංචාරය කරන අප කවුරුත් මතක තබා ගත යුතු ය.





✍ උදානි ජයසිංහ 


Share:

Monday, 6 July 2020

'Miyasi Diyasara' - 2018


  'Miyasi Diyasara' 2018 - The annual musical evening organized by Aquatic students' Association of University of Sri Jayawardenepura was held at the NFC premises of the Faculty of Applied sciences..


 


 


Share:

Aqua night - 2018

   " Aqua Night - 2018 " An annual event for entertainment and to encourage undergraduates & postgraduates to enhance affability between each other & between lecturers and students was held on 20th of September 2018 in Silver Bells - Aththidiya.

 .
 
 
 


Share:

AMPLEXO' 19 - Freshers' Welcome 2019


    AMPLEXO '19 the Freshers' welcome 2019 was held on zoology auditorium .Our beloved fresh blood, the new Aquatic junior batch for year 2019 was welcomed  by the seniors with joy and laughter.


 

 

Share:

Annual General Meeting - 2019


   
 


    The Annual General Meeting 2019 of Aquatic Students' Association was held at the Zoology auditorium. The new office bearers were appointed for 2019 (Top Board 2019). Then the suggestions were made by the members of the association.






 
Share:

Contact Form

Name

Email *

Message *

Featured post

Mic On 2020

       ‘Mic On 2020’ - An Intra faculty, song and instrumental cover contest, was successfully organized by the Aquatic students’ Associatio...