Search here..

Sunday 6 September 2020

බොලිවියාවේ ස්වභාවික ආශ්චර්ය - Laguna colorada නොහොත් රතු කලපුව

Laguna colorada නොහොත් රතු කලපුව ඇමරිකානු මහද්වීපයේ සුප්‍රකට ඇන්ඩීස් කඳු වැටිය මධ්‍යයේ  පිහිටි Salar de Uyuni ලවණ තලාවේ පසෙකින් පිහිටා ඇත. ස්වභාදහමේ අනර්ඝ නිර්මාණයක් වූ මේ විල් ජලය මීටරයක් තරම් නොගැඹුරු වන අතර රුධිරය මෙන් රත් පැහැයක් ගනී. එම හේතුවෙන් එය රතු කලපුව ලෙස ප්‍රසිද්ධ වී ඇත.

අක්කර 15,000 ක පැතිරී ඇති මෙම අරුමය සැබැවින්ම  ලුණු විලකි (Salt lake). ජනප්‍රවාදවල අනුව විලේ ජලය රත් පැහැ ගැන්වී ඇත්තේ දෙවියන්ගේ රුධිරය නිසා යැයි සඳහන්වන නමුත්  සැබැවින්ම ජලයට රත් පැහැය ලබාදී ඇත්තේ රතු පැහැති අවසාදිත සහ ලවණ ජලයේ වසන ඇල්ගී විශේෂයක් විසිනි. තවද විල අාශ්‍රිතව දක්නට ලැබෙන Flamingo පක්ශී විශේෂයක මෙහි ඇති ආකර්ෂනය දෙගුණ තෙගුණ කරයි. ඒ අතර අතිශයින් විරල Janes' falmingo නැමැති විශේෂයද දක්නට ලැබේ. ජලයේ ඇති අධික ඇල්ගේ ගහණය නිසා, විල ඔවුන්ට ආහාර සපයා ගැනීමට කදිම තෝතැන්නක් බවට පත්වී ඇත.

  

Flamingo පක්ශීන් සුදු සහ අළු පැහැති පිහාටු සහිතව උපත ලැබූවත්, ඔවුන් විස්මයානුකූල ලෙස රෝස පැහැයට හැරෙන්නේ විලේ ලවණ ජලයේ වසන රතු algae විසින් නිපදවන canthaxanthin නැමැති වර්ණකය නිසාවෙනි.

පැහැදිලි නිල් ආකාසයක් ඈතින් දිස්වන හිම මිදුනු ඇන්ඩීස් කඳු වැටියත් රක්ත පැහැති විල් ජලයත් නම් කැමරා කාචයට ඉතා මනරම් දසුනක් හසුකර දී ඇති බව නම් පැහැදිලි ය.


රචනය:     රිද්මි ගුණතිලක

                 මාධවී ජයසේකර

Share:

0 comments:

Post a Comment

Contact Form

Name

Email *

Message *

Featured post

Mic On 2020

       ‘Mic On 2020’ - An Intra faculty, song and instrumental cover contest, was successfully organized by the Aquatic students’ Associatio...