Search here..

Monday 5 October 2020

Bio luminescence - ජෛව සන්දීප්තිය

 


මොකක්ද මේ ජෛව සන්දීප්තිය කියන්නේ?

ජෛව සන්දීප්තිය යනුවෙන් සරලව හඳුන්වන්නේ, කිසියම් ජීවියෙකු තුල සිදුවන රසායනික ප්‍රතික්‍රියාවන් මගින් ආලෝකය නිපදවීමයි.ජෛව සන්දීප්තියෙන් නිපදවන ආලෝකයෙන් 20% පමණ ප්‍රමාණයක් තාපය බවට පත් වෙනවා.

මෙම ජෛව සන්දීප්තිය මගින් විචිත්‍රවත් ආලෝක රටාවන් විහිදුවන ජීවීන් බොහෝමයක් සාගරය තුලින් හඳුනාගන්න පුළුවන්.

ජීවීන් ජෛව සන්දීප්තිය පෙන්වන්නේ ඇයි?

ජෛව සන්දීප්තිය මගින් ආලෝකය නිපදවීමෙන් විලෝපිතයන්ගෙන් පලායාම හා ආරක්ෂාවීම , ගොදුරු තමන් වෙත ආකර්ශනය කරගැනීම හා ගොදුරු හඳුනාගැනීම ,ඇතැම්විට එකම වර්ගයේ ජීවීන් අතර සන්නිවේදනය සහ සහකරුවන් සොයාගැනීම සඳහාත් ජෛව සන්දීප්තිය උපකාරී වෙනවා.

ජෛව සන්දීප්තිය මගින් විවිධ වර්ණ ඇතිවෙන්නේ කොහොමද?

ජෛව සන්දීප්තිය මගින් ආලෝකය නිපදවීමට Luciferin , Luciferase හෝ Photoprotein යන රසායනික සංයෝග සහභාගි වෙනවා. ජීවීන් නිපදවන ආලෝකයන් විවිධ වර්ණ වලින් යුක්ත වන්නේ ජෛව සන්දීප්තිය සඳහා සහභාගි වන  Luciferin අණු වල පිළිවෙල අනුවයි.

ඇතැම් ජීවීන් තමන් තුල Luciferin සංයෝගය සංස්ලේෂණය කර ගන්නා අතර ඇතැම් ජීවීන් ආහාර මගින් හෝ සහජීවී සම්බන්ධතා මගින් Luciferin ලබාගන්නවා.

ජෛව සන්දීප්තිය පෙන්වන ජීවීන්

Firefly Squid
Source: https://media.nationalgeographic.org/assets/photos

Firefly Squid ලෙසින් හඳුන්වන මෙම දැල්ලන් විශේෂය ජපානයට අවේනික ජෛව සන්දීප්තිය පෙන්වන අපූරු ජීවියෙකි.

Comb Jelly
Source: https://media.nationalgeographic.org/assets/photos

Dinoflagellates
Ton Sai, Krabi, Thailand
Source: https://img.traveltriangle.com

Manasquan Beach, New Jersey
Source: https://img.traveltriangle.com

ජෛව සන්දීප්තිය හේතුවෙන් මෙම වෙරළ තීරයන් තුල ඇතිවන ආලෝක රටාවන් ජීවීතයේ එක් වරක් හෝ දැක ගැනීම ඉතා ආකර්ශණීය අත්දැකීමක් වනු නොඅනුමානයි. ඒ හේතුවෙන්ම මෙම ජෛව සන්දීප්තිය පෙන්වන ජීවීන් හමුවන වෙරළ තීරයන් මහත් සංචාරක ආකර්ශනය දිනාගැනීමට සමත් වී තිබෙනවා.

මෙම ජෛව සන්දීප්තිය පාදක කරගෙන විවිධ සිනමා කෘති පවා නිර්මාණය වී තිබෙනවා . 
Source:http://atlanteangardens.blogspot.com
ඔබ Avatar චිත්‍රපටය නරඹා තිබේ නම්, එම චිත්‍රපටයේ Pandora රාජ්‍යයේ ප්‍රථම වරට ඇවිද යන ජේක් ට දැක ගන්නට හැකි වන ස්වභාවිකව ආලෝකය විහිදුවන ජීවීන්, මෙම ජෛව සන්දීප්ති සංසිද්ධිය පාදක කොටගෙන නිර්මාණය කර තිබෙනවා.

Bio luminescence හෙවත්  ජෛව සන්දීප්තිය ස්වභාවික පරිසරය තුල හමුවන තවත් සිත්ගන්නා සුළු ආකර්ශණීය සංසිද්ධියක්.

රචනය : ඉසුරු උමේෂ රවිසංක , මාධවී ජයසේකර 


මුලාශ්‍ර :

https://biolum.eemb.ucsb.edu
https://oceanservice.noaa.gov/facts/biolum
https://www.dw.com/en/bioluminescence-why-plankton-glows
https://www.britannica.com/animal




Share:

0 comments:

Post a Comment

Contact Form

Name

Email *

Message *

Featured post

Mic On 2020

       ‘Mic On 2020’ - An Intra faculty, song and instrumental cover contest, was successfully organized by the Aquatic students’ Associatio...