Search here..

Sunday 25 October 2020

මුහුදු ඌරාගේ කඳුලු කතාව


ඉංග්‍රීසි බසින් "ඩියුගොන් (Dugong)" ලෙස හඳුන්වන මුහුදු ඌරා, සිරේනියා (Sirenia) ගෝත්‍රයට අයත් වේ. විද්‍යාත්මකව Dugong dugon ලෙස හඳුන්වන මුහුදු ඌරා; ඩොල්ෆින්, තල්මසුන් මෙන් තම පැටවුන්ට කිරි දී ඇති දැඩි කරන, සමුද්‍ර තෘණ බිම් (Seagrass beds) ආශ්‍රිතව වාසය කරන සත්ත්වයෙකි.

Dugong යන ඉංග්‍රීසි වචනය මැලේ භාෂාවෙන් දිය කිඳුරු ජනප්‍රවාදය හා සම්බන්ධව "සාගරයේ කාන්තාව (Lady of the sea)" යන තේරුම ඇති නමක් ලෙසද සඳහන් වේ. 

ලංකාවේ වයඹ දිග හා උතුරු මුහුදු තීරයන්හි, මන්නාරම් බොක්ක ආශ්‍රිතව හා පෝක් සමුද්‍ර සන්ධිය ආශ්‍රිතව අතීතයේ මුහුදු ඌරන් බහුලව දක්නට ලැබුණි. නමුත් මස් පිණිස දඩයම් කිරීම නිසාම මේ වන විට එම ප්‍රදේශ වලින් මුහුදු ඌරන් දැඩිව වඳවී යාමේ තර්ජනයට ලක්ව ඇත. මේ නිසාම වර්ෂ 1970 දී මුහුදු ඌරන් මස් පිණිස දඩයම් කිරීම තහනම් කළත්, තවමත් දැල් වලට පැටලීමෙන් මෙන්ම නීති විරෝධී ඩයිනමයිට් පිපිරවීමෙන් මසුන් ඇල්ලීමත් නිසා මුහුදු ඌරන් නිතර අනතුරට පත්වේ.

ඒ අනුව මුහුදු ඌරා ශ්‍රී ලංකාව අවට මුහුදේ හමුවන මුහුදු ක්ෂීරපායින් අතරින් වඩාත්ම තර්ජනයට ලක්වූ ක්ෂීරපායි විශේෂයයි. 

අන්තර් ජාතික රතු දත්ත පොතට අනුව 'අනතුරට ලක්විය හැකි (Vulnerable )' ලෙස වර්ගීකරණය කර ඇති මුහුදු ඌරා ලංකාව අවට 'වඳ වී යෑමේ උග්‍ර තර්ජනයට ලක්වූ (Critically endangered)' ලෙස සැලකිය යුතු බව ලාංකික සාගර විද්‍යාඥයන්ගේ මතයයි. 

මුහුදු ඌරන් සංරක්ෂණය

මුහුදු ඌරන් ශාක භක්ෂක සතුන් වන අතර ඔවුන් ආරක්ෂා කර ගැනීමට නම් ඔවුන් ආහාරයට ගන්නා සමුද්‍ර තෘණ භූමි ආරක්ෂා කිරීමද ඉතාම වැදගත් වේ. 

මේ වන විටත් මුහුදු ඌරන් සංරක්ෂණය සඳහා ශ්‍රී ලංකාව ඇතුළු බොහෝ රටවල් විවිධ ක්‍රියාමාර්ග ගෙන ඇති අතර නව තාක්ෂණික ක්‍රමවේද භාවිතා කරමින් මුහුදු ඌරන් හා මුහුදු ඌරන් වාසය කරන සමුද්‍රීය තෘණ සහිත ප්‍රදේශ නිරීක්ෂණය කිරීම සිදු කරයි.

Written by: Nadeeka Priyadarshani 




References: www.vidusara.com/2017/04/19/feature3.html

Share:

0 comments:

Post a Comment

Contact Form

Name

Email *

Message *

Featured post

Mic On 2020

       ‘Mic On 2020’ - An Intra faculty, song and instrumental cover contest, was successfully organized by the Aquatic students’ Associatio...