පෘථිවි තලයෙන් ඉතා විශාල ප්‍රමාණයක් පවතින්නේ සාගරය ය. මේ විශාල සාගරික ප්‍රදේශයන් ගොඩබිම හා සම්බන්ධ වන සංක්‍රාන්ති කලාපයක් සේ හැදින්විය හැකි වෙරළ ප්‍රදේශයන්(coastal environment / coastal zone ) ඉතා මනස්කාන්ත මෙන්ම සුන්දර ස්ථානද වේ.
මුහුදු රළ ඉම නිරන්තරයෙන් චලනය වේ. මේ චලනයන් හට ගන්නේ කෙසේද?
මුහුදු වෙරළේ රළ හටගනු ලබන්නේ පෘථිවියේ භ්‍රමණය, උදම් චලන, සුළඟ, වර්ෂණය, වාෂ්පීභවනය, මුහුදු ජලයේ උෂ්ණත්වය ලවණතාවය, ගුරුත්වය, සමුද්‍රස්ථ භූමිකම්පා, ගොඩබිමින් සාගරයට ගලා එන ජලය ආදි හේතු / ක්‍රියාවලි රැසක් හේතු කරගෙනයි. මෙසේ ඇතිවන ක්‍රියාවලි උත්පාදනය කරනු ලබන ශක්තිය මඟින් නග්නිකරණ ක්‍රියාවට පණ දෙමින් භු රූප රැසක් නිර්මාණය කරනු ලබයි. විශාල පීඩනයන් වසර දහස් ගණනක් තිස්සේ ඉවසන වෙරළ ඉම සුදුසු තැන්හි පසුබාමින් තවත් විට නැඟි සිටිමින් වෙරළ නිර්මාණය කර ඇත. තරංග ආශ්‍රීත බලපෑම වෙරළට පමණක් සීමා වේ.
සාමාන්‍යයෙන් සාගරය සතු චලන වර්ග තුනක් ( මීට අමතරව තවත් ඒවා තිබෙනවා; උදා: සුනාමි, කුණාටු රළ ) භූ රූප නිර්මාණ ක්‍රියාවලිය සඳහා ප්‍රධාන වශයෙන් දායක වෙනවා.
1.උදම් (tides)
2.සාගර ප්‍රවාහ
3.තරංග (රළ) (waves)
- සාගර තරංග හා ඒවායේ ස්වභවය
- වෙරළ නිර්මාණය වී ඇති පාෂාණ වල ස්වාභාවය.
- ලෝක ගෝලය තුළ වෙරළ අයත් වන සයුරු කලාපය.
- සාගරික ජල මට්ටමේ ඇති වන වෙනස් කම්.
- කොරල් හි පිහිටිම.
- ග්ලැසියර් බලපෑම.
- ගංගා ආදියේ බලපෑම.
- සුළං හි ප්‍රබල බව හා සුළං දිසාව.
- වෙරළේ දේශගුණය
- මානුෂ ක්‍රියාකාරකම්.(මේ ගැන මොනවාට ලියනවාද? …)
වෙරළ ඛාදනයත් ආකාර තුනකින් යුක්තයි. ඒවා ඛාදනය , පරිවහනය , නිධි සාදනය වශයෙන් වෙනවා. යම් භූ රූපයක් ඛාදිත හො නිධි සාදිත කියලා වර්ග දෙකින් එකකට මුලිකවම අයිතියි.
වෙරළ ඛාදනය නිසා ඇති වන භූ රූප කිහිපයක් තියෙනවා. ඒවා හරි ලස්සනයි. වෙරළ කොහොමත් ලස්සනයි නේ. ලස්සන වෙරළේ තියෙන භූ රූපත් ඒ වගේ තමයි.
- මුහුදු දඹය ( sea cliff)
- මුහුදු ගුහා (Sea cave)
- වා සිදුර (උම්මාන / හුම්මාන) (spouting horn)
- ආරුක්කුව (Arch)
- මුහුදු කුළ (sea stack)
- බොක්ක( Bay)
1.මුහුදු දඹය (Sea cliff)
මෙය නිර්මාණය වන්නේ සාමාන්‍ය ඛාදනය නිසායි.වෙරළාසන්න සාගරයෙහි එක්වර ම සිරස්ව නැඟෙන බෑවුම් කෝණය ඉතාම වැඩි භූ රූපයකි. වෙරළ දිගින් දිගටම ඛාදනය වීම නිසා මතුවන හෝ වෙරළේ පතුළ හෑරීම නිසා ප්‍රතිරෝධක පාෂාණයන් හෝ ස්වභාවිකවම වෙරළේ පිහිටන ප්‍රතිරෝධක පාෂාණ ප්‍රති-ඛාදනයට ලක් වීම නිසාත් මේවා නිර්මාණය විය හැකියි. එමෙන්ම පාෂාණයේ ඇති විභේද රේඛාවක් නිසා ඇති වන භින්න තීරු උනත් හේතු වන්නට පුළුවනි.දඹය මුහුදු ආරුක්කුවක් කඩා වැවීමෙන්ද සෑදේ.
එමෙන්ම දඹයක් කියන්නේ දිගු කාලීන නිර්මාණ ක්‍රියාවලියක ප්‍රථිපලයක් ලෙසින් හඳුන්වා දෙන්නත් පුළුවන්. මුලින් ම පවතින්නේ යන්තමින් ඇති බෑවුමක් සහිත වෙරළක්. මේ වෙරළේ නිතර දෙවේලේ රළ වැදිම හේතුවෙන් ‘කට්ටයක්’ එහෙමත් නැත්නම් ‘කත්තුවක්’ නිර්මාණය වනවා. ක්‍රම ක්‍රමයෙන් මේ කට්ටය වර්ධනය වීම පසු කාලීනව දඹයක නිර්මාණ ක්‍රියාවලිය බවට පත්වනවා. මේවා රළඹුන් දඹ ලෙසින් ද හැදින්වේ. දඹ කඩා වැටීම පිළිබඳ අසන්නට ලැබේ. එයට අනුව මැටි හෝ එවැනි පාෂාණ මත හුණු ස්ථර පිහිටීම නිසා එවිට ඒ ස්ථර පහසුවෙන් ලිස්සා යා හැකි නිසා මෙසේ දඹ කඩා වැටේ.
එමෙන් ම තෘතියික මැටිවලින් හෝ වැලිගල් වලින් සෑදුණු ප්‍රපාතාකාර දඹ පහසුවෙන් ඛාදනය වන හෙයින් ඒවා කොන්ක්‍රීට් බැමි වැනි දේ යොදා ආරක්ෂා කිරීමට සිදුව ඇත. එහෙත් තෙත් දිනවල මේවා ගරා වැටීම සිදු වේ. ලංකාවේ ත්‍රිකුණාමලයේ ස්වාමි ගල අසලද,රූමස්සලද දඹ භූ රූප වලට නිදසුන්ය.
2.මුහුදු ගුහා (sea cave)
මුහුදු ගුහාවක් නිර්මාණය වන්නේ වෙරළ ආශ්‍රීතව ප්‍රතිරෝධක පාෂාණයක් ඇති විටය. මේ පාෂාණයට නිරන්තරයෙන් රළ වැදී බිඳීම හේතුවෙන් ඛාදනය වීම ඇරඹේ. මෙසේ කලක් ඛාදනය වන විට ගුහාවක් ආකාරයට සාගර ජල මට්ටටමට අනුව ඛාදනය වීම දැකිය හැක. මෙම ගුහාවල වහළ කඩා වැටීම නිසා ඒවා ප්‍රමාණයෙන් හා උසින් වැඩි වේ. වා සිදුරක් තව දුරටත් වර්ධනය වීම නිසාද මුහුදු ගුහාවක් සෑදේ. වඩදිය බාදිය ඇති වීමේ ප්‍රබලතාවය අනුව මෙම ගුහා හොඳින් නිර්මාණය වේ. එමෙන්ම සාගර ජල මට්ටම අඩු වූ විට එවන් ගුහා වලට ඇතුළු විමටත් හැක.
3.වා සිදුර (උම්මාන / හුම්මාන/ ග්ලුප්)(spouting horn)
මේ භූ රෑපය ඉතාම සුන්දර වුත් විරල වුත් එකක්. වෙරළ ආසන්න ප්‍රතිරෝධක පාෂාණයක ඉංග්‍රිසි හොඩියේ ‘L’ අකුරක හැඩයේ සිදුරක් සැදීම නිසා මේ වැන්නක් නිර්මාණය වනවා. ඒමෙන්ම මුහුදු ගුහාවක් නිර්මාණය වී ඊට පසුව තමයි මෙය සැදෙන්නේ. නමුත් සෑම මුහුදු ගුහාවක්ම වාසිදුරක් සාදන්නේ නෑ.
මේ වගේ සිදුරකට වතුර පහරක් වේගයෙන් වැදුණහම එය වතුර උඩට වීසි කරන්නේ පීඩනය හා වේගය නිසායි. මේ භූ රූපය පැහැදිලි කරන්න පුළුවන් තවත් උදාහරණයක් තමයි ‘ලී කුඩු ලිප’. කවදා හරි එකක් හදලා පත්තු කරපු කෙනෙක් ඉන්නවා නම් එයාට පුළුවන් ඒ ඇසුරෙන් මේක තේරුම් ගන්න. ලි කුඩු ලිපේ ගින්දර දාන්නේ අන්න එතනට තමයි මේ කියන වා-සිදුරේ රළ පහර වදින්නේ. හුම්මානේ වේගයෙන් රළ පිටතට එන්නේ ලිපේ ගින්දර එන තාලෙටම තමා.
මෙවැනි හුම්මානයක් ලංකාවේ දකුණු පලාතේ කුඩා වැල්ල ප්‍රදේශයේ ඇත. තවත් හුම්මාන ලෝකයේ විවිධ තැන් වල තිබේ. ඒ අතර ඔස්ට්‍රේලියාවේ නිව් සවුත් වේල්ස් වල ඇති හුම්මානයත් තිබේ.
4.ආරුක්කුව (Arch)
පෘතුගාලයේ අගනුවර ලිස්බන් මෙවනි ආරුක්කුවක් දැකගත හැක. ස්පාඤ්ඤයටත් අත්ලාන්තික් සාගරයටත් මැදිව පිහිටා ඇත.
5.මුහුදු කුළු (sea stack)
ආරුක්කුවේ කඩා වැටුණු විට එහි ඉතුරුවන තුඩුවේ ඉදිරිපස කෙළවර මුහුදු ජලයෙන් උඩට මතුවීම නිසා මුහුදු කුළු නිර්මාණය වේ.එංගලන්තයේ දකුණු හා බටහිර වෙරළේ සුලභව ඇත.ලංකාවේ සීනිගම දේවාලය පිහිටා ඇති ස්ථානයද මේ සඳහා නිදසුනකි.
6.බොක්ක (Bay)
දිගු කාලයක් තිස්සේ භූමිය ඛාදනය වීම නිසා භූමිය / ගොඩබිම දෙස කා වැදුණු නැතහොත් හෑරී ගිය වෙරළ ලක්ෂණයක් වේ. බොක්කක් එහි ගැඹුර නිසා වෙනස් වේ. ස්වභාවිකවම සකස් වන ගැඹුරු බොකු ලෝකයේ සුප්‍රසිද්ධ එමෙන්ම ආරක්ෂිත වටිනා වරායන් වේ. නිදසුන්: ලංකාවේ ත්‍රිකුණාමලය, ආරුගම් බොක්ක, ඉන්දියානු සාගරයේ බෙංගාල බොක්ක, ඒඩන් බොක්ක, අරාබි බොක්ක වෙරළ ඛාදනය නිසා මෙවනි භූ රූප අපට දැක ගැනීමට හැක.
අප රටේ ද ඛාදනය හේතු කොටගෙන නිර්මාණය වුනු මෙ වැනි ලක්ෂණ වෙරළ බඩ ප්‍රදේශ වලින් දැක බලා ගැනීමට හැක. මුහුදු රළ නිසා එයින් ඇතිවන පීඩනයේ වෙනස නිසා මෙවැනි වෙරළ ඛාදිත භූ රූප ලොව පුරා ඇතැම් වෙරළ ආශ්‍රිත ප්‍රදේශවල දැක ගැනීමට හැකියාව ඇත.
මේ සිතියමේ බලන්න කට ඇරිලා තියෙන්නේ එක පැත්තකින් විතරනේ. අනික් පැති තුනෙන්ම වටේට ගොඩ බිම.මේ තියෙන පිංතුරේ තියෙන්නේ බොක්කක්. එකෙන් වටහා ගන්න පහසුයි බොක්කක සැබෑ ස්වරූපය.
මේ වෙරළ ඛාදිත හා නිධි සාදිත භූ රෑප චිත්‍රපට සදහා බොහෝවිට පසුබිම් වනවා. විශේෂයෙන් ම ඉන්දියානු චිත්‍රපට ගීත පසුබිම් සදහා බොහෝ විට නොයෙක් වෙරළ පසුබිම් වෙනවා. ඒ ගැන අවධානයෙන් සිටියොත් ඔබට එම පසුබිම් එක්ක මේ භු රූප බොහෝමයක් දකින්න පුළුවන්.
ඊ ළඟ ලිපිය වෙරළ නිධිසාදනය ගැනයි.
තොරතුරු සහ ඡායාරූප - අන්තර්ජාලය ඇසුරිනි.