Search here..

Friday 11 December 2020

Colombo Port City - "කොළඹ වරාය නගරය"

 

Colombo Port City - පළමු කොටස


මොකක්ද මේ Colombo Port City කියන්නේ?

Colombo Port City (CPC) හෙවත් වරාය නගරය යනු ශ්‍රී ලංකාවේ ප්‍රධාන වාණිජ අගනුවර වන කොළඹ මධ්‍යම ව්‍යාපාරික දිස්ත්‍රික්කයේ වරායට දකුණින් පිහිටි වෙරළ තීරයෙන් ඔබ්බට ඉදිකරනු ලබන නවතම නගර සංවර්ධන ව්‍යාපෘතිය යි. සාගර කලාපය ගොඩ කර තනනු ලබන මෙම නව නගරය ප්‍රමාණයෙන් හෙක්ටයාර 269  හෙවත් අක්කර 664  නව භූමියකට හිමිකම් කිය යි. මෙම පෝර්ට් සිටි ව්‍යාපෘතිය දකුණු ආසියාවේ ප්‍රමුඛතම නේවාසික හා ව්‍යාපාරික ගමනාන්තය වනු ඇතැයි සැලකේ.

මෙම නව භූමිය ප්‍රධාන කලාප පහකින් සමන්විත වන අතර ඒවා නම්; International Island, Central Park living, Island living, Marina සහ International Island යනාදිය යි.

මෙම CPC ව්‍යාපෘතිය අවසානය වන විට හෙක්ටයාර 560ක (අක්කර 1383.8) පමණ ඉදි කිරීමේ අවකාශයක් ගොඩනැගෙනු ඇතැයි සැලකේ.

මෙහි සැලසුම් සහ ඉදිකිරීම් කටයුතු ප්‍රමිතියෙන් විශිෂ්ඨ මට්ටමින් පවතින අතර මෙම ව්‍යාපෘතිය මූලික වශයෙන් මිනිසුන්ගේ ජීවන රටාව කෙරෙහි අවධානය යොමු කර ඇත. මෙහිදී ව්‍යාපාරික කටයුතු, සෞඛ්‍ය සේවා, අධ්‍යාපනය, විනෝදාස්වාද, හෝටල් සහ ආපනශාලා, වෙළඳ කටයුතු සහ කාර්යාල, නිවාඩු නිකේතනය ඇතුළත් වන පරිදි නිර්මාණය කර ඇත. එමගින් සාගර කලාපයේ ජීවත් වීමේ නවමු අත්දැකීමක් ඇති කරන අති නවීන පහසුකම් සලසන නගරයක් ලෙස එය ගොඩ නැගෙනු ඇත. 


China Communications Construction Company Ltd. හි කොටසක් වන China Harbour Engineering සමාගම හරහා සිදු කෙරෙනු ලබන මෙම ව්‍යාපෘතියෙහි මෙරට භාරකාර ආයතනය ලෙස කටයුතු කරනු ලබන්නේ CHEC Port City Colombo සමාගමයි.

මෙම ව්‍යාපෘතියේ පළමු වන අදියර යටතේ ගොඩ කිරීමේ කටයුතු සිදු කෙරෙන ප්‍රමාණය හෙක්ටෙයාර 269 කි. මේ සඳහා ඇස්තමේන්තු ව්‍යාපෘති පිරිවැය ඩොලර් බිලියන 1.4 ක් වන අතර මේ වනවිට ඩොලර් මිලියන 800ක පමණ වැඩ නිමකර ඇති නමුත් Covid-19 වසංගත තත්ත්වය හේතුවෙන් ඉදිරි කටයුතු සඳහා ව්‍යාපෘති පිරිවැය ගණනය කළ අගයට වඩා ඉහළ යා හැකි බව ද පැවසේ.

නවතම වාර්තාවට අනුව මෙසේ මෙරට සාගර කලාපය ගොඩ කර තනනු ලැබෙන හෙක්ටයාර 269 නව භූමි ප්‍රමාණයෙන්  හෙක්ටයාර 178 අලෙවි කළ හැකි වේ.

 එසේම මෙහි චීන ඉදිකිරීම් සමාගම වන China Communications Construction Company Ltd. ආයතනය වෙත  වසර 99 බද්දට අලෙවි කළ හැකි ඉඩම් හෙක්‌ටයාර් 116 හිමි වී ඇති බව ද ඉතිරි හෙක්ටයාර 62 ශ්‍රී ලංකා රජයට හිමිවී ඇත. මීට අමතරව හෙක්ටයාර 91 ක ඉඩ ප්‍රමාණයක් පොදු ස්ථාන ලෙස භාවිතා කිරීමට ද වෙන් කොට ඇත. 


ප්‍රතිලාභ...

මෙහි ඉදිකිරීම් කටයුතු සඳහා දේශීය කොන්ත්‍රාත්කරුවන් වෙත අවස්ථාව සලසා දීම මගින් නව රැකියා අවස්ථා උත්පාදනය වේ. වර්තමානය වන විට මෙහි 70% ක් පමණ මෙරට සේවකයින් කටයුතු කරනු ලබන අතර ඉතිරි ය චීන සමාගමට අයත් සේවකයින් කටයුතු කරනු ලබයි.

මෙම සංවර්ධන ව්‍යාපෘතිය අවසානයේ මෙරට තුළ නව වඩාත් ආකර්ෂණීය වූ සංවර්ධිත නගරයක් ගොඩනැගෙන අතර එමගින් සංචාරක හෝටල් සහ ව්‍යාපාර ක්ෂේත්‍රයෙහි ඉහළ දියුණුවක් අත්කර ගත හැකිය.

මෙහිදී ශ්‍රී ලංකාව තුළ නව නිෂ්පාදන හා සේවා කටයුතු ආරම්භ වන අතර, එහි පවතින සියළුම ආයතනයන් හි කටයුතු සදහා නව රැකියා අවස්ථා ඇති වීම මගින් විරැකියාව සඳහා එය තරමක පිටිවහලක් වනු ඇත. ඇස්තමේන්තුගත පරිදි මෙමගින් නව රැකියා අවස්ථා 83000 පමණ උත්පාදනය වනු ඇතැයි සැලකේ. 


වර්තමාන තත්ත්වය...

මේ වන විටත් සාගර කලාපයේ හෙක්ටයාර 269 ප්‍රමාණයක් වැලි වලින් පුරවා ඇති අතර කිලෝමීටර් 2.4 පමණ දිගැති දියකඩනයක් සහ ප්‍රධාන මෙහෙයුම් කාර්යාල හා මං මාවත් ඉදිකොට ඇත.

එසේම Central Park හි ඉදිවන නාගරික උද්‍යානයේ ශාක රෝපණ කටයුතු ආරම්භ කර ඇති අතර root ball කරන ලද මධ්‍යම ප්‍රමාණයේ ශාක ගෙන විත් රෝපණය කරනු ලබයි.

මෙසේ තිරසාර නගර සැලසුම් සහ Smart City සංකල්ප මත ගොඩනැගෙන මෙම CPC ව්‍යාපෘතිය නුදුරු අනාගතයේ (වසර 25 පමණ) දී දකුණු ආසියාවේ වඩාත් සජීවී නගරය වනු ඇත.

 

 

 

රචනය : සංජය තිලකරත්න


මූලාශ: 

www.portcitycolombo.lk/land-plots/
www.dailypost.lk/green-zone-coming-to-life-in-port-city/
blog.realinstitutoelcano.org/en/is-sri-lanka-caught-in-chinas-debt-trap-a-view-from-the-ground/
Share:

0 comments:

Post a Comment

Contact Form

Name

Email *

Message *

Featured post

Mic On 2020

       ‘Mic On 2020’ - An Intra faculty, song and instrumental cover contest, was successfully organized by the Aquatic students’ Associatio...