Search here..

Saturday, 31 July 2021

ශ්‍රී ලංකාවේ මත්ස්‍ය විද්‍යාත්මක කලාප

1982 දී ආචාර්ය රනිල් සේනානායක හා මහාචාර්ය පීටර්.බි.මොයිල් යන විද්වතුන් විසින් ශ්‍රී ලංකාව ප‍්‍රධාන මත්ස්‍ය විද්‍යාත්මක කලාප 4කට බෙදා වෙන් කරනු ලැබුනි. ප‍්‍රධාන වශයෙන්ම ශ්‍රී ලංකාව තුලින් වාර්තා වී ඇති මත්ස්‍ය විශේෂ සංඛ්‍යාව හා ඔවුන්ගේ පරිණාමීය බන්ධුතාව මෙම වර්ගීීකරණය සඳහා පාදක කරගෙන ඇත. එලෙස වෙන් කරන ලද කලාප වනුයේ,


01.නිරිත දිග කලාපය (South Western Province)
02.වියළි කලාපය (Dry Zone Province)
03.අතරමැදි කලාපය(Transition Province)
04.මහවැලි කලාපය (Mahaweli Province)

01.නිරිත දිග කලාපය

මෙය ඉහත කලාප අතරින් වැදගත්ම කලාපයයි.අත්තනගලු නිම්නය ඇතුළුව පිළිවෙලින්,දකුණු දිගින් කැළණි,කළු,ගිං,නිල්වලා යන ප්‍රධාන ගංගා සහ කුඩා ගංගා නිම්න වලින් සමන්විත ප්‍රදේශය මෙම කලාපයට අයත් වේ. ශ්‍රී ලංකාවට ආවේණික මත්ස්‍ය විශේෂ 27ක් ඇතුලත්ව මත්ස්‍ය විශේෂ 59ක් මෙම කලාපයෙන් වාර්තා වී ඇත,ඉන් 22ක් මෙම කලාපයට ආවේණික වන අතර මෙම 22 අතරින් 20ක්  ශ්‍රී ලංකාවට ආවේණික වේ.

උදා:-
                    
Aplochellus dayi(උඩ හඳයා) 


Puntius titteya(ලේ තිත්තයා)



02.වියළි කලාපය

මෙම කලාපය මහවැලි කලාපය මගින් ප්‍රධාන කොටස් 2කට වෙන්වෙයි.

 • ගිණිකොන දිග වියළි කලාපය
 • උතුරු හා වයඹ වියළි කලාපය

නිරිත දිග හා මහවැලි කලාපයට අයත් ගංගා ද්‍රෝණි හැර වියළි කලාපය තුල ගලනා සියලුම ගංගා ද්‍රෝණි වේ.මෙම කලාපයෙන් මත්ස්‍ය විශේෂ 37ක් වාර්තා වී ඇති අතර ඉන් 5ක්  ශ්‍රී ලංකාවට ආවේණික වේ.
නමුත් මෙම විශේෂ 37 අතරින් එකඳු විශේෂයක් වත් මෙම කලාපයට ආවේණික නොවේ.මෙම කලාපයේ බොහෝ මත්ස්‍ය විශේෂ ඉන්දියානු අර්ධද්වීපයෙන්ද වාර්තා වන අතර පරිණාමීයව ඉතා සමීප බන්ධුතාවක් දක්වයි.

උදා:-
               
Mystus gulio (මාන අංකුට්ටා/අඟුලුවා)    


  Mystus cavasius (පත් අංකුට්ටා)


 
03.අතරමැදි කලාපය

තද බෑවුම් සහිත දෙවන අඩතැන්නට අයත් මධ්‍යම කඳුකරයේ බෑවුම් ප්‍රදේශ මෙම කලාපයට අයත් වේ. මෙම ප්‍රදේශයේ ඇති ඇතැම් දිය පහර වලට ආවේණික මත්ස්‍ය විශේෂ 03ක් උපයෝගී කරගනිමින් පර්යේෂණ මට්ටමේ හඳුන්වාදීම් කිහිපයක් සිදු කර ඇත. මෙම කලාපයේ පවතින ජල ප්‍රවාහයන්ගේ වේගවත් බව හේතුවෙන් මත්ස්‍ය විශේෂ රඳා පැවතීමේ  හැකියාව අඩු වී ඇත.

උදා:-

Xiptrophorus hellerii (සෝවෝඩි ටේල්/කඩු පහරා) 



Poecilla reticulata(වෙල් ගප්පි)



04.මහවැලි කලාපය

නිරිත දිග කලාපයට පසුව මෙම කලාපය වැදගත්ම මත්ස්‍ය විද්‍යාත්මක කලාපය ලෙස හඳුන්වයි.දුම්බර හා මධ්‍යම කඳුකරයේ සිට ත්‍රිකුණාමලය දක්වා වු මහවැලි නදී නිම්න ප්‍රදේශය මෙම කලාපයට අයත් වේ. මෙම කලාපයෙන් මත්ස්‍ය විශේෂ 44ක් වාර්තා වී ඇති ඉන් 11ක් ශ්‍රී ලංකාවට ආවේණික වේ. එමෙන්ම මෙම 11 අතරින් 5ක් දැකිය හැක්කේ මහවැලි කලාපයේ පමණි.

උදා:-
    
Belontia signata(තල්කොස්සා)



Puntius srilankensis (දංකුඩ පෙතියා)



                         




 

රචනය:සංදීපනී පතිරණගේ

මූලාශ්‍ර: ගුණතිලක එස්.(2007)ශ්‍රී ලංකාවේ මිරිදිය මසුන්-ජෛව විවිධත්ව ලේඛම් කාර්යාලය-පරිසර හා ස්වභාවික සම්පත් අමාත්‍යාංශය​.
 


Share:

Sunday, 25 July 2021

Simple steps that can be taken to reduce the damage caused by the accidented container ship, MV X-press pearl

 

 The brand-new Container ship, MV X-press pearl caught fire off the cost of Colombo on 20th of May, and it was engulfed in flames by 27 May. After burning for 12 days, the vessel sank on 2nd June. This navel accident caused a massive damage on Sri Lankan coastal line, marine habitat and its bio diversity, marine fisheries, as well as the entire atmosphere due to smoke from the fire.

 This ship was carrying 1486 containers including 81 containers with toxic chemicals, 25 tons of nitric acid and 78 tons of plastic pellets. Due to fire, some of them were destroyed, while some fell in to the ocean. However, almost a month has passed, now the memory of the tragedy is disappearing from our minds as well as beach cleaning using primitive mechanisms also almost over. However still dead bodies of fishes and turtles are washing up to the beach as well as some debris from the ship. Practically we can’t clean the ocean water, because due to its volume, it is not practical. But it is possible to clean the beach and ocean surface in case of oil spill.

For beach cleaning, we can use modern beach cleaning machines, which are more effective from labor and time consuming.


A modern beach cleaning machine





The basic mechanism



Removing oil spills from open ocean.

 

The floating barriers as below are used to prevent oil spreading on water. Then using a pump or surface skimmer, this oil can be removed.





Written by : W.M.P. Manukularathne 

Share:

Wednesday, 21 July 2021

Alongshore webinar series ; Webinar #2

වර්තමාන කාර්මික ලෝකයේ අහිතකර බලපෑම ජල දූෂණය හරහා අපට නිරන්තරයෙන් අත්විඳීමට සිදුවී ඇත. මේ පිළිබඳව සමාජයක් ලෙස අප සැවොම දැනුවත් වීමට කාලය එළඹී ඇත.

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ජලජ ජීව විද්‍යා ශිෂ්‍ය සංගමය මගින් සංවිධානය කරනු ලබන සම්මන්ත්‍රණ මාලාව "Alongshore", එහි දෙවන පියවර තබමින් "ජලජ ජීවීන් මත ආගන්තුක රසායනික සංයෝග වල බලපෑම" යටතේ හරවත්, විද්වත් ඒ වගේම රසවත් කතිකාවතක් ගොඩනගන්නට සියල්ල සූදානම් කර තිබේ.

මෙවර සාකච්ඡාව සදහා සම්පත් දායකත්වය, ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ සත්ත්ව විද්‍යා අධ්‍යනාංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය පත්මලාල් මානගේ මහතායි.

දිනය      -ජූලි මස 29 වන බ්‍රහස්පතින්දා 

වේලාව - පස්වරු 5 සිට 6 දක්වා 

මාර්ගගත ක්‍රමයන් ඔස්සේ ZOOM තාක්ෂණය හරහා ඔබටත් මේ අගනා අවස්ථාව සමඟ අප හා සම්බන්ධ වීමට හැක.

පහත සබැඳිය හරහා ඔබට එදින සාකච්ඡාවට සම්බන්ධ විය හැක.


https://learn.zoom.us/j/61500092888?pwd=WGdLdC9mTTJZTXBlTitYUDNhaE1Ldz09


Meeting ID - 615 0009 2888

Passcode   - .QanH7RR



Share:

Friday, 16 July 2021

රිටිපන්න ධීවරයා අභියෝග මැදින් සියවස් තුනකට


ශ්‍රී ලංකාව දූපත් රාජ්‍යයක් වශයෙන් මහා සාගරයකට උරුමකම් කියන රටකි. ඒ සාගර සම්පත ධීවර කර්මාන්තයට මං පාදන්නකි. ධීවර කර්මාන්තයේ ප්‍රභේද අතරින් රිටිපන්න ධීවර කර්මාන්තය ශ්‍රී ලංකාවට ආවේණික වූ පාරම්පරික , සම්ප්‍රදායික ක්‍රමයකි. රිටිපන්න ධීවර කර්මාන්තය ඇමක් නොමැතිව බිලීබාන එකම ක්‍රමයයි.


 රිටිපන්න ධීවර ක්‍රමයේ ආරම්භය 

රිටිපන්න ධීවර කර්මාන්තයේ ඉතිහාසය විමසා බලන විට වසර 100-150 ක අතීතයට දිව යන්නකි. ජන මූලාශ්‍රවලට අනුව මෙම රිටිපන්න ක්‍රමය ඉන්දියාවෙන් පැමිණි ‘කල්ලන්’ නැමැති මිනිස් කණ්ඩායමක් විසින් මාතර ගාන්ධාර වරායේ ආරම්භ කොට ඇත. ඉන් පසු ශ්‍රී ලාංකික ජනයා මෙම ධීවර කර්මාන්තයට හුරු වූ බව ජන මූලාශ්‍රවල සඳහන් වේ.

 

බහුලවම දක්නට ලැබෙන ප්‍රදේශ

ශ්‍රී ලංකාවේ ධීවර ප්‍රජාව ගැන සැළකීමේ දී රිටිපන්න ධීවරයා, ධීවර කර්මාන්තයේ ධරණීය පැවැත්ම තහවුරුකරන්නෙකු ලෙස හැදින්වීම නිවරුදිය. ගොඩබිම සිට වෙරළාසන්න මුහුදු තීරයෙන් වැලිගම, කළුකන්ද, මිදිගම, දේදුව, ගොවියාපාන, අහංගම,කබලාන,අරංගල, කොග්ගල ,දලවැල්ල, යන ස්ථානවල රිටිපන්න ධීවරයා ක්‍රියාත්මක වන අයුරු දැකිය හැකිය.

ඉතාමත් සුන්දර පරිසර පද්ධතියක් තුළ රිටිපන්න ධීවර කර්මාන්තයේ යෙදෙන ධීවරයා දැකීම පවා මනස්කාන්ත දසුනක් බව පරිසරවේදියෝ පවසති. හිරු බැසයන සන්ධ්‍යා භාගයේ මෙම කර්මාන්තයේ නිරත වන ධීවරයාගේ දසුන කැමරාකරුවන්ගේ නෙතට හසුවන පොදු කැමරා කෝණයක් ලෙස අර්ථ දැක්වීම නිවැරදිය.  


භාවිතා කරන උපකරණ 

ඇමක්‌ නැති ව බිලීබාන මෙම බිලීකටුව ලෝකයේ නවීන තාක්‍ෂණයෙන් දියුණු ජපානය, චීනයකොරියාව වැනි රටවලටත් තවමත් නිපදවා ගැනීමට නොහැකි වී තිබේ. රිටිපන්න ධීවර කර්මාන්තයෙහි නිරත වීම සඳහා බිලී පිත්තක්, බිලී කටුවක්, සහ රිටක් යොදාගනු ලබනවා. එම එක් එක් උපකරණය සාදාගැනීම සඳහා ධීවරයන් අනුගමනය කරන්නේ ඔවුන්ටම ආවේණික වුණු ක්‍රම යි.

 

1. බිලී පිත්ත 

බිලී පිත්ත සෑදීම සඳහා යොදාගනු ලබන්නේ කිතුල් ලීය යි. මුලින්ම කිතුල් ගස්වල අතු කඩා ඒවා අව්වේ වේලා ගනු ලබනවා. ඉන් අනතුරුව ගින්දරින් රත්කර පිත්ත නැවෙන අයුරින් සකස් කර ගන්නවා. උපරිම දිග මීටර් 2ක් පමණ වන කිතුල් පිත්තට අමුණන ලණුව සඳහා තංගුස් නූල් භාවිතා කරනවා. නමුත් අතීතයේ දී ධීවරයින් ඒ සඳහා අන්නාසි කොළයේ කෙඳි යොදාගනු ලැබුවා.

2. බිලී කටුව 

බිලීකටුව සාදාගැනීමට අච්චුවක් වශයෙන් දැලිපොත්ත භාවිතා කරනවා. දැලිපොත්ත යනුවෙන් හඳුන්වන්නේ  දැල්ලාගේ පිට ආවරණය යි. වෙරළේ දී සුලභව හමුවන දැලිපොතු එකතු කරගන්නා ධීවරයින් ඒවා මිරිදියෙන් සෝදා සති තුනක් පමණ දුමෙහි තබා වියළා ගන්නවා. ඉන් අනතුරුව දැලිපොත්ත කුඩා කැබලිවලට කපා එම කුඩා කැබලි ගල් ලෑල්ලක තබා ගින්දර මඟින් රත්කරනු ලබනවා. එලෙස රත්කිරීමෙන් පසුව බිලී කටුවෙන් අච්චුව සාදා ගන්නා අතර, උණු කරගත් සුදු ඊයම් දියරය අච්චුවට වත්කරනවා. එම ක්‍රියාවලිය අවසන් වී විනාඩි 5ක් පමණ ගතවන විට අච්චුවෙන් බිලී කටුව ගලවා ගත හැකියි. 

3. රිට 

මුල් යුගයේ දී ඇලස්ටෝනියා ලීයෙන් සෑදූ රිටක් රිටිපන්න ධීවර කර්මාන්තය සඳහා භාවිතා කරනු ලැබුවා. නමුත් වර්තමානය වන විට කඳුරු, කඩොල් වැනි ලී වර්ගයකින් සෑදූ රිටක් හෝ ගැල්වනයිස් බටයක් ඒ සඳහා යොදාගන්නවා. වඩාත්ම අපහසු කාර්යය වන්නේ එම රිට නොගැඹුරු මුහුදේ සිටවීම යි.

       


රිටිපන්න ක්‍රමයෙන් මසුන් අල්ලන ආකාරය 

රිටිපන්න ධීවර කර්මාන්තයේ යෙදීම සඳහා වඩාත්ම සුදුසු වන්නේ කැළඹිලි රහිත මුහුදු තීරය යි. මුලින්ම තියුණු ලෙස උල්කර තිබෙන රිට කොරල්පරවල ඇති සිදුරුවලට තබා  සෙ.මී 5-8ක් පමණ ගැඹුරට සිටවනු ලබනවා. එහි දී රිට අවට ගල්පතුරු තබා ශක්තිමත්ව සවි කිරීම සිදුකරනවා. එම රිටෙහි පොත්ත නොගලවා සවි කිරීමට ධීවරයන් පුරුදු වී සිටින්නේ රිටෙහි දිය සෙවල බැඳීම නිසා මත්ස්‍යයන් එම රිට ආසන්නයට පැමිණෙන නිසා යි. බොහෝ විට දිය සෙවල කෑමට එන මත්ස්‍යයින් රිටිපන්න ධීවරයාගේ බිලී පිත්තට පහසුවෙන් හසුවන නිසා ඔවුන් එම උපක්‍රමය අනුගමනය කරනවා. ඉන් පසුව කරුව සවි කිරීම සඳහා ලී දෙකක් ශක්තිමත්ව, සමාන්තරව තබා ලණු හෝ රෙදිපටිවලින් ගැට ගසා සවිකර ගන්නවා. එහි දී ඉතාමත් ශක්තිමත් ඇටමිල්ල වැනි ලීයක් හරස්ලීය ලෙස යොදා ගන්නවා. ඇතැම් අවස්ථාවල කරුවක් සහිත ලීයක් ගැනීම වඩාත් යෝග්‍ය බව ඔවුන්ගේ අදහස යි. එවැනි අවස්ථාවක් නොමැති විට ඉතා ශක්තිමත් ලී දෙකක් හරස් ලීය මත බැඳ ගන්නවා. ධීවරයා මසුන් ඇල්ලීමේ යෙදෙන්නේ එම හරස් ලීය මත සිටගෙන යි. මෙහිදී ධීවරයින්ට බහුලවම හමුවන්නේ කුම්බලාවා, කෝරලුවා, ඇහැලම්බරුවා, කොරඹුරුවා, බොල්ලන්, හුරුල්ලා, සාලයා වැනි මත්ස්‍ය විශේෂ යි.

රිටිපන්න ධීවරයාට වසර පුරාම මත්ස්‍ය අස්වැන්න ලබාගත හැකිවීම විශේෂත්වයකි.ධීවර කර්මාන්තයේ තිරසාර පැවැත්ම තහවුරු කරන මව් මත්ස්‍ය ගහණයේ පැවැත්ම යම් ප්‍රමාණයකින් හෝ ආරක්ෂා කරනු ලබන්නේ රිටිපන්න ධීවර කර්මාන්තයෙනි. මත්ස්‍යයන් රංචු වශයෙන් පැමිණෙන ස්ථානවල කාල වේලාව ධීවරයන් තම අත්දැකීම් වලින් දැන හඳුනා ගෙන ඇත්තේ කාලයක් එම ක්ෂේත්‍රයේ නියැලීමෙනි. ඉතා කෙටි කාලයක් තුළ මෙම රිටිපන්න ධීවර කර්මාන්තයේ යෙදෙන ධීවරයා පෙරවරු5.30 සිට පස්වරු 5.00 .ත් 6.00 ත් අතර වැඩි වශයෙන් රැකියාවේ නිරතවනු දැකිය හැකිය.





රිටිපන්නයට ආකර්ෂණය වී සිටින විදෙස් සංචාරකයින් 

රිටිපන්න කර්මාන්තයේ යෙදෙන ධීවරයින් යනු විදෙස් සංචාරකයින්ගේ ආකර්ෂණය

නොමඳව දිනාගෙන සිටින පිරිසක්. බොහෝ විට විදෙස් සංචාරක නඩයක් පැමිණි විට

 ඔවුන්ගේ ඡායාරූපවලට පෙනී සිටීමෙන් මෙම ධීවරයින්ට යම් මුදලක් හිමිවනවා.

එසේම විදෙස් සංචාරකයින් රිට මතට නැග බිලී පිත්ත අතට ගෙන ඡායාරූපවලට පෙනී සිටීන්නේ ධීවරයින්ට වැඩි මුදලක් ලබාදෙමින්. එම නිසාම පසුගිය කාල සමයේ රිටිපන්න ධීවරයින්ට සංචාරකයන්ගෙන් ලැබෙන මුදල් ප්රධාන ආදායම් මාර්ගයක් වුණා.




රිටිපන්න ධීවර කර්මාන්තය අභාවයට යමින් තිබෙනවා 

 මුහුදු දිය අතරමැද රළපහර සමඟ ගැටෙමින් එක් රිටක සමබරව හිඳ මාළුබාන මෙම ධීවරයාගේ ජීවන රටාව නම් එතරම් සුන්දර නැත. අතීතයේ සිට තම දවසේ වියදම සොයාගැනීමට රිටිපන්න වෘත්තීය වෘත්තියෙහි නියැළුණු මොවුන් පසු කලෙක අපට උරුම වූ රිටිපන්න ක්‍රමය විදේශීයන්ට සංචාරක කර්මාන්තයක් ලෙසද සිදු කළේය. නමුත් ගැඹුරු මුහුදේ සිදු කරන බහුදින යාත්‍රා මගින් මාළු ඇල්ලීම හා දැල් ක්‍රමය හේතුකොටගෙන නොගැඹුරු වෙරළ තීරයට කුඩා මාළු වර්ග පැමිණීම ඉතා අඩු වී ඇත. රිටිපන්න ධීවරයන් දකින ආකාරයට එය මෙම වෘත්තියට මරු පහරක් එල්ල කොට ඇත. එහි ප්‍රතිඵලයක් වශයෙන් බොහෝ රිටිපන්න ධීවරයින් විදෙස් සංචාරකයන්ගෙන් මුදල් ලබාගැනීමේ අරමුණෙන් රිටිපන්න ධීවර කර්මාන්තයේ යෙදෙනවා.

නමුත් රිටිපන්න ධීවරයාගේ බලාපොරොත්තුව මෙම වෘත්තිය ධීවරකර්මාන්තයක් ලෙස ම ඉදිරියට සිදු කිරීමටය.මෙම රිටිපන්න වෘත්තිය කර්මාන්තයක් වශයෙන් ධීවර අමාත්‍යාංශයට යටත් වේ. පරිසරයට හානියක් නොකර සිදුකරන මෙම අපූරු පන්න ක්‍රමය අභාවයට යාම කණගාටුදායක තත්ත්වයක්. එම නිසා රිටිපන්න ධීවරයින්ගේ අනාගතය සුරක්ෂිත කිරීම අදාල බලධාරීන්ගේ වගකීමක් වනවා. ඔවුන් නිසි පරිදි ක්‍රියාත්මක වෙමින් මෙම ධීවර ක්‍රමය ආරක්ෂා කරගතහොත් රිටිපන්න ධීවරයා මසුන් අල්ලන අපූරු දසුන අනාගත පරපුරටත් දැකගැනීමට හැකිවනු ඇති. ශ්‍රී ලංකාවට උරුම වූ දකුණු ලක සුන්දරත්වය විදහා පාන පාන මෙම රිටිපන්න ධීවර කර්මාන්තයේ හා ධීවරයාගේ මෙම ගැටලුවලට විසඳුම් ලබාදීමට ඉදිරිපත් වන්නේ කවුරුන්ද ?


Written by: imansala udeshani

References:

https://prabathfunny.blogspot.com/2017/08/blog-post_1.html?m=1

http://sinhala.newsslbc.lk/?p=8233

http://exoticislandtours.com/sri-lanka/attractions/stilt-fishing/

 

 

 

 

 

 

 

 

 

 

 

 

Share:

Thursday, 15 July 2021

Symbiotic relationships in coral reef ecosystem

 

                                    Corals can be seen like rocks, but they are live. They look like plants, but they do not photosynthesis. Corals are colonial animals and can have a single polyp or a colony of thousands of polyps. Each polyp is a tubular sac-like body with a ring of tentacles surrounding their mouth. Polyps range in size from 1-3 mm in diameter for colonial corals. Multiple polyps are linked from the common gastrovascular system. It is helpful for them to share food, water, wastes with surrounding polyps.

                                    When considering about coral reef associators first we need to consider about the symbiotic relationship of corals and other flora and fauna. These relationships are very common near reefs as are so many species associated with coral reefs. As we all know algae and corals are in a symbiotic relationship. Symbioses are perhaps best recognized as a broad category of heterospecific associations embracing various degrees of adaptive interaction. There are 3 types of symbiotic relationships. They are,
                                    (1) Mutualism
                                    (2) Parasitism
                                    (3) Commensalism

 

                                     


Now let’s consider each step by step  

(1) Mutualism 

When two organisms of different types of species work together and each is getting benefits from the relationship. This is two types. They are obligate and facultative relationships. 0bligate mutualism is known as neither organism can live without another. Relationship between hard corals and algae is an obligate mutualistic relationship. As corals do not photosynthesis algae produce organic substances and provide them to corals and corals provide space for algae to live.

Relationship between the sea anemones and clown fish is also an obligate mutualistic relationship. Sea anemones are predators and they are attached themselves to a rock or the ocean floor. They capture prey and it is paralyzed by using their poisonous tentacles. But clown fish is used to live among anemone’s tentacles as it has a mucus layer all over the body which is immune to the deadly sting of the anemone. Therefore, clownfish get protection from predators. Not only that, clown fish helps to feed the anemone by letting them eat their left over and by luring fish over to the anemone. 


Source: journals.plos.org


When consider about facultative mutualistic relationship it is known as species benefit from one
another, but do not fully depend on one another.Relationship between shrimp or smaller fish and larger
marine organisms can be taken as an example. Shrimps remove materials like parasites from larger organisms in which they get meal from. Removal of harmful parasites is the benefit that get for larger animals.Examples for those smaller fish are bluehead wrasse, Spanish hogfish. Often time larger fish wait in cleaning stations for the cleaner fish to come and get these things off of them. Sometimes these smaller fish become the meal of the larger fish. 



(2) Parasitism

On coral reefs parasitic interactions are incredibly common and varied. Here only one of the species is benefited. Parasites gain from the relationship and another species get harmed. Petasites are two types and they are ectoparasites and endoparasites. Ectoparasites live on outside of the host body and ectoparasites live inside of the host body.



Isopods involve in a parasitic symbiotic relationship. Some isopods eat the tongue of the fish and live in the fish mouth and act as the tongue of the fish and get all the food the fish takes inside. Then it eats anything that fish eats.


Relationship between the fish lice and small fish is an ectoparasitic relationship. Fish may die if there are too many fish lice attached. Fish lice eat fish body fluid.





Phylum Platyhelminthes parasitic on coral reefs in many different ways. Mainly cause to the heavy loss of the coral cover. Acropora eating flat worm has only been found in the Great Barrier Reef.


(3) Commensalism

Here one species benefits from another species. The other species is neither harmed nor helped in the relationship.

Relationship of jelly fish and small fish is a commensality. When there is a threat small fish hide among the tentacles of the jelly fish and get the protection. But jelly fish do not get any specific harm or a benefit fromthis action.



Relationship between shrimp and feather star is also a commensalism. Shrimp blend with the feather star and use it for protection. When shrimp is hiding it is very difficult to find it.
 


Mimicry

Mimicry is a form of symbiosis where a species may mimic the colors, patterns, behaviors of another species.This may happen for a reason. The organisms who do mimic can get closer to the prey without any suspect, can get protection by imitating a predator or a poisonous species.Mimicry can be two types. They are aggressive mimicry and batesian mimicry. When an animal imitates as a predator it is known as aggressive mimicry and when an animal imitates as a poisonous species it is known and batesian mimicry.





Frog fish, species of angler fish engages in aggressive mimicry. They have a fleshy filament just above its lip with which it mimics the movements of a small organism in order to attract the prey.

Yellowtail snapper is also showing aggressive mimicry. This species mimics the yellow goat fish which go bottom in schools browsing on small invertebrates. By blending in with these schools of non-predatory fish the yellowtail snapper can get closer to small prey fish and can have much higher capture success rate.



Mimic octopus is a remarkable cephalopod which takes on the form of a variety of different animals by bunching up or elongating its arms to mimic anything from a stingray to a lion fish or a sea snake. It uses mimicry for defense and as a predator, which both aggressive and batesian mimic.




Another example of mimicry is between the sabre-tooth blenny and cleaner wrasses. The cleaner wrasse has a mutualistic relationship with larger fish so they don’t get eaten and the sabre-tooth blenny takes advantage of this relationship by evolving to look very similar to cleaner wrasse. Instead of cleaning the larger fish, the sabre-tooth blenny will take a bite out the large fish’s flesh and swim away. This is an example for aggressive mimicry.

Four eye butterfly fish uses a large eye spot in order toappear larger to predators.



written by:
K.P.K. Ashirwadani Amarathilaka 

References:
https://www.thoughtco.com
https://necsi.edu
https://www.briannica.com
https://www.ck12.org
www.nature.com
https://sciencedirect.co.


Share:

Wednesday, 14 July 2021

ගැඹුරු මුහුද විනිවිද දකිමු (Penetrating the deep sea)

සාගරය එහි ගැඹුර අනුව කලාප කිහිපයකට බෙදේ.

                    1. Epipelagic zone (අපි සමුද්ර කලාපය)

                    2. Mesopelagic zone (මෝසෝ සමුද්‍ර කලාපය )

                    3. Bathypelagic zone (ආඝාද සාගරික කලාපය)

                    4. Abyssopelagic zone

                    5. Hadopelagic zone


සමුද්‍ර කලාපයේ ස්ථර


සාමාන්‍යයෙන් Bathypelagic කලාපය මීටර් 1000-4000 ගැඹුර සහ Abyssopelagic කලාපය මීටර් 4000–6000 ගැඹුර දක්වා විහිදේ. කෙසේ වෙතත්, Bio-luminance (ස්වයං ආලෝකය නිපදවීම) වැනි ගැඹුරු මුහුදේ ජීවීන්ගේ ලක්ෂණ Mesopelagic (මීටර් 200-1000 ගැඹුරු) කලාපයේ ද දැකිය හැකිය. Mesopelagic කලාපය යනු Disphotic කලාපයයි. එයින් අදහස් කරන්නේ ආලෝකය අවම, නමුත් තවමත් මැනිය හැකි බවයි. සාගරයේ ස්ථානය අනුව ඔක්සිජන් අවම ස්ථරය මීටර් 700 ත් 1000 ත් අතර ගැඹුරක පවතී. මෙම ප්‍රදේශය පෝෂ්‍ය පදාර්ථ බහුල වන ස්ථානය ද වේ. Bathypelagic සහ Abyssopelagic කලාප උදාසීන වන අතර එයින් අදහස් කරන්නේ සාගරයේ මෙම ප්‍රදේශයට කිසිදු ආලෝකයක් විනිවිද නොයන බවයි. මෙම කලාප වාසය කළ හැකි සාගර අවකාශයෙන් 75% ක් පමණ වේ.


Epipelagic කලාපය (මීටර 0-200) යනු ආලෝකය ජලයට විනිවිද යන අතර ප්‍රභාසංශ්ලේෂණය සිදු වේ. මෙය Photic කලාපය ලෙසද හැඳින්වේ. මෙය සාමාන්‍යයෙන් ජලයට මීටර් සිය ගණනක් පහළින් විහිදෙන නිසා සාගර පරිමාවෙන් 90% ක් පමණ ගැඹුරු මුහුද අඳුරේ පවතී. ගැඹුරු මුහුද ද අතිශයින්ම හිතකර නොවන පරිසරයක් වන අතර උෂ්ණත්වය කලාතුරකින් 3 ° C (37.4 ° F) ඉක්මවන අතර −1.8 C (28.76 ° F) තරම් අඩු අගයක් ගනී (350 C හෝ 662 ° F ඉක්මවිය හැකි ජල තාප වාතාශ්‍ර පරිසර පද්ධති හැර). අඩු ඔක්සිජන් මට්ටම් සහ පීඩනය වායුගෝල 20 ත් 1,000 ත්  ( 2 MPa ත් 100 MPa ත් ) අතර වේ.


ගැඹුරු මුහුදේ සිටින මසුන්, සූර්යාලෝකය ලැබෙන මතුපිට ජලයට පහළින් අන්ධකාරයේ ජීවත් වන සතුන් වන අතර එම කලාප මුහුදේ Epipelagic හෝ Photic කලාපයට පහළින් පිහිටා ඇත. ගැඹුරු සාගරයේ ජලය Epipelagic කලාපයට වඩා බෙහෙවින් පහළට විහිදෙන අතර මෙම ගැඹුරු කලාපවල ජීවත්වීමට අනුවර්තනය වූ විවිධාකාර Pelagic මසුන් ඇත. Lanternfish, Flashlight fish, Cookiecutter shark, Bristlemouths, Anglerfish, Viperfish සහ Eelpout විශේෂ ප්‍රධාන ගැඹුරු මුහුදු මසුන් වේ.


Coryphaenoides armatus

Gigantacitis gargantua


Melanocetus johnsonii


මාළුවෙකු මුහුදට ගැඹුරට ගමන් කරන විට, ජලයේ ඉහළින් ඇති බර ඔවුන් මත ජල ස්ථිතික පීඩනය වැඩි කරයි. මෙම වැඩිවන පීඩනය සෑම මීටර් 10 ක්ම ගැඹුරට එක් සම්මත වායුගෝලයක් පමණ වේ (එක් වායුගෝලයක් යනු ඉහත වායුගෝලය මගින් මුහුදේ මතුපිට ඇති පීඩනයයි). Bathypelagic කලාපයේ පතුලේ ඇති මත්ස්‍යයෙකුට මෙම පීඩනය වායුගෝල 400 ක් පමණ වේ (වර්ග අඟලකට රාත්තල් 6000 කට ආසන්න වේ). 


ගැඹුරු මුහුදු ජීවීන්ට සෛලීය හා භෞතික විද්‍යාත්මක මට්ටම්වල අනුවර්තනයන් ඇති අතර එමඟින් විශාල පීඩනයකින් යුත් පරිසරයක ජීවත් වීමට ඉඩ සලසයි. මෙම අනුවර්තනයන් නොමැති වීමෙන් නොගැඹුරු ජල විශේෂ ගැඹුරැ කලාප වල විහිදී යා හැකි ගැඹුර සීමා කරයි. බාහිර පීඩනයේ ඉහළ මට්ටම් පරිවෘත්තීය ක්‍රියාවලීන් හා ජෛව රසායනික ප්‍රතික්‍රියා ඉදිරියට යන ආකාරය කෙරෙහි බලපායි.එමෙන්ම පීඩන වෙනස නිසා ප්‍රධාන වශයෙන් සෛලීය තරලයේ සංඝටක ජල ව්‍යුහයට බලපෑමක් ඇති කරයි. මෙම වෙනසට අනුවර්තනය වීම සඳහා ගැඹුරු මුහුදේ මසුන්ගේ ප්‍රෝටීන් ව්‍යුහය සහ ප්‍රතික්‍රියා නිර්ණායක මෙම තත්වයන්හි ප්‍රතික්‍රියා සිදු කිරීම සඳහා පීඩනයට ඔරොත්තු දෙන පරිදි සකස් කර ඇත.  


ගැඹුරුම සාගර කලාපය වන Hadopelagic කලාපය අවම ලෙස ගවේෂණය කළ හා අතිශයින්ම විහිදුනු සාගර පරිසර පද්ධති ලෙස සැලකේ. ඒවා හිරු එළිය නොමැතිකම, අඩු උෂ්ණත්වය, පෝෂක හිඟය වැනි කරැණු වලින් සමන්විත වේ. බොහෝ ජීවීන් වන්නේ මෘතෝපජීවින්ය. දැනට 400 කට අධික විශේෂ මෙම පරිසර පද්ධති වලින් දන්නා අතර ඒවායින් බොහොමයක් ආන්තික පාරිසරික තත්ත්වයන්ට භෞතික විද්‍යාත්මක අනුවර්තනයන් ඇත. 


Written by: Malithi Hansika Palliyaguru

References :

Haedrich RL (1996) "Deep-water fishes: evolution and adaptation in the earth's largest living spaces" Journal of Fish Biology

Sutton, T.T. (Nov 2005). "Trophic ecology of the deep-sea fish Malacosteus niger (Pisces: Stomiidae): An enigmatic feeding ecology to facilitate a unique visual system?". Deep-Sea Research

                                                   

Share:

Contact Form

Name

Email *

Message *

Featured post

Mic On 2020

       ‘Mic On 2020’ - An Intra faculty, song and instrumental cover contest, was successfully organized by the Aquatic students’ Associatio...