Search here..

Sunday, 6 June 2021

Well- being of Marine Ecosystem - (Poem)

Well- being of Marine Ecosystem

To our beloved human friends,
We are fine and peaceful here
Hope to hear the same from you.
Long time no see;
Thanks for leaving us alone,
Keeping natural balance undisturbed
The coral brothers
Guards of coastline; sheltering marine life
Saving you all from storm and erosion
See them growing fast and beautiful.
No scavengers, researchers, and destroyers
The amazing mangroves
Nurturing marine life
Absence of deforesting hands
Makes them stay happy.
Heard about lockdowns.
Don’t want to see you starving
Just accept our prawns, crabs and fish
We are always yielders; not the hunters.
Euphotic, disphotic and aphotic zones
All free of pollution
The mother ocean stays calm
No poisonous contamination.
No vessels; no crude, no chemicals and no spills
Great thanks for leaving her healthy
Don’t forget to convey our kind regards to
Conservationists and archaeologists
And even environmentalists and ecologists
Who always like to see us as we are
Admiring our beauty of life
Without harming us.
With lots of gratitude and regards,
Microorganisms

(on behalf of whole coastal and marine eco system)
By:

Loganathan Thanushanthahi



Share:

Wednesday, 2 June 2021

ජලජ සම්පත් කළමනාකරණ විෂය (Aquatic Resources Management ) හා විශේෂ උපාධිය පිළිබදව ඔබ දැනුවත්ද?





මෑතකදී නිකුත් වූ අපොස උසස්පෙළ විභාගයේ ප්‍රතිඵලත් සමග ඔබගේ උසස් අධ්‍යාපන සිහිනය යථාර්ථයක් කරගැනිමට වෙහෙස වෙන ඔබට උපකාරයක් වන්නට ලියැවෙන ලිපියකි මේ...

අපොස උසස්පෙළ විභාගයට ජීව විද්‍යා අංශයෙන් මුහුණ දුන් බොහෝ දෙනෙක් තම උසස් අධ්‍යාපනය සදහා විවිධ වු මං පෙත් විවර කරගැනිමට උත්සහ කරමින් සිටිනවා...ඒ අතරින් උසස්පෙළ විභාගය සදහා මුහුණ දුන් සීමිත පිරිසකට පමණක් හිමිවන මෙම ජලජ සම්පත් කළමනාකරණ විෂය හා විශේෂ උපාධි පාඨමාලාව පිලිබදව බොහෝදෙනෙක් දැනුවත් බවින් අඩුයි..ඉතාම වැදගත් කරුණක් වන්නේ ජලජ සම්පත් කළමනාකරණ විෂය හා විශේෂ උපාධි පාඨමාලාව ඔබ වෙත පිරිනමන්නෙ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ව්‍යවහාරික විද්‍යා පීඨයෙන් සහ ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයෙන් පමණක් වීමයි. නමුත් රසායන විද්‍යාව, කළමනාකරණ විද්‍යාව සහ සත්ත්ව විද්‍යාව යන අංශවලට අනුබද්ධව ඔබට මෙම ජලජ සම්පත් කළමනාකරණ විෂය හැදෑරීමට අවස්ථාව හිමිවන්නේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ව්‍යවහාරික විද්‍යාපීඨයෙන් පමණි.

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය යටතේ Aquatic Resources Management හෙවත් ජලජ සම්පත් කළමනාකරණ විෂය හදාරන සිසුන්ට විශ්ව විද්‍යාලයේ දෙවන වසර අවසානයේදි දෙවසරක තම කුසලතා මත පදනම්ව ඉදිරි අවුරුදු දෙක සදහා ගෞරව (විශේෂ) උපාධි පාඨමාලාව(BSc.hons) සදහා තේරී පත්විය හැක. ඒ ඔස්සෙ වැඩිදුර අධ්‍යාපනය මගින් ඉන් ඉදිරියට ගොස් ශිෂ්‍යත්ව ඔස්සේ MSc සහ PhD උපාධියක හිමිකරුවෙකු වීමටත් අවස්ථාව හිමිවේ..ගෞරව උපාධියට තේරී පත් නොවුනත් තෙවන වසර අවසානයේදි සිව් අවුරුදු විස්තාරිත උපාධි පාඨමාලාවක් (Extended degree) සදහාද තේරී පත්වීමට සිසුන්ට අවස්ථාව හිමිවන බව ඉමහත් සතුටින් දැනුම් දෙන්නෙමු.

අධ්‍යන වර්ෂ තුළදී සාගර විද්‍යාව, ජලයේ රසායන විද්‍යාව (Water Chemistry), මත්ස්‍ය විද්‍යාව (Ichthyology) , Aquatic Toxicology, මත්ස්‍ය වගාව හා විසිතුරු මත්ස්‍ය වගාව (Aquaculture and Ornamental fish culture) , ජලජ ජීවීන්ගෙ විවිධත්වය මෙන්ම ජීව විද්‍යා සිසුවෙකුට විශ්වවිද්‍යාල ජීවිතයේදී වැදගත්ම වන ගණිත සංකල්ප පිලිබදව වෙනම විෂයන්  ද GIS යනාදී වැදගත් වන මෘදුකාංග ඇසුරු කරගත් විෂයන් යනාදී අංශ රැසක් ඔස්සෙ අධ්‍යාපනය ලැබීමට අවස්ථාව හිමිවේ..එමෙන්ම මේ හා අනුබද්ධව කළමනාකරණ විෂයද අන්තර්ගතවීම අංගසම්පූර්ණ ව්‍යවසායකයෙකු බවට පත්වීමට අවස්ථාව උදා කරයි.

ක්ෂේත්‍ර රැසක් ඔස්සෙ විහිදුණු මෙම උපාධි පාඨමාලාව හැදෑරූ අප ආදි විද්‍යාර්ථයින් රාජ්‍ය සහ පුද්ගලික අංශයේ රැකියා රැසක නිරතව ඇත. උදාහරණ ලෙස,
NARA ( National Aquatic Resources and Development Agency), NAQDA (National Aquaculture Development Authority) වැනි ලොව පිළිගත් පර්යේෂණ ආයතන වල මෙන්ම ITI, MAS, MEPA, CEA වැනි පිළිගත් ආයතනවලද බැංකු ක්ෂේත්‍රයේ ද මහවැලි අධිකාරිය,ධීවර අමාත්‍යංශය,  ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය, Sri Lanka Custom ඇතුළුව රාජ්‍ය අංශයේ දෙපාර්තමේන්තු වල මෙන්ම ශ්‍රී ලංකා පරිපාලන සේවය Sri Lanka Administrative service (SLAS), ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවය Sri Lanka Education Administrative Service (SLEAS) සහ  අධ්‍යයන කාර්ය මණ්ඩලවල (රාජ්‍ය විශ්ව විද්‍යාල සහ රජයේ පාසල්) යනාදිය දැක්විය හැක. ඉන් ඔබ්බට ගොස් තම උපාධිය විශිෂ්ඨ සාමාර්ථ සහිතව සම්පූර්ණ කරන සිසුන්ට විදෙස්ගත රැකියා අවස්ථා ද උදාකරගත හැක.

විශ්වවිද්‍යාලය තුළ අධ්‍යාපනයට පමණක් නොව ප්‍රායෝගික අධ්‍යාපනයට මුල්තැන දෙන විෂයක් සහ විශේෂ උපාධි පාඨාමාලවක් ලෙස විශ්වවිද්‍යාලීය අධ්‍යයන කාලය තුළදී ක්ෂේත්‍ර චාරිකා තුළින් විෂය පථයේ ගැඹුරටම අධ්‍යාපනය සහ ප්‍රයෝගික අත්දැකීම්  ලැබීමට අවස්ථාව හිමිවීම ඉතා සුවිශේෂීය.

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ව්‍යවහාරික විද්‍යාපීඨයෙන් පිරිනමන Aquatic Resources Management විෂය ඔස්සේ ලැබෙන අමතර ප්‍රතිලාභ ලෙස පිහිනුම් පාඨමාලාවක් ද නොමිලයේම හැදෑරීමට අවස්ථාව ලැබේ. එයට Snorkeling සහ Diving යන අංශ ද ඇතුලත් වීම ඉතා විශේෂය. ඊට අනුබද්ධව කෙනෙකුට ඉතා දුලබ අවස්ථාක් ලෙස හිමිවන ජීවිතාරක්ෂක ( Water Safety and Basic Lifesaving Skills) පාඨමාලාවක් ද නොමිලයේ හැදෑරීමට අවස්ථාව හිමිවේ.

පරිපූර්ණ විශ්වවිද්‍යාල ජීවිතයක් සදහා සෞන්දර්ය රසවින්දනයට ද මුල්තැන දෙමින් "පැදුර" එළිමහන් ප්‍රසංගය, "Aqua Night" වැනි ප්‍රසංග වාර්ෂිකව "ජලජ ජීව විද්‍යා ශිෂ්‍ය සංගමය" (Aquatic Students' Association)  හරහා සංවිධානය වන්නේ සිසුන් බලාපොරොත්තු වන්නෙ අධ්‍යාපනයම පමණක් නොවන නිසාවෙනි.

රටේ අති දක්ෂ සහ සුදුසුකම් ලත් ආචාර්ය මණ්ඩලයක් හමුවේ අධ්‍යාපනය ලැබීමට අවස්ථාව හිමිවන ජලජ සම්පත් කළමනාකරණ උපාධි පාඨමාලාව තුළින් දැනුමින් මෙන්ම හැකියාවෙන් ද සපිරි විද්‍යාර්ථීන් රටට දායාද කිරීමට ගන්නා මෙම උත්සහය අගය කළ යුතුමය.


Share:

Thursday, 27 May 2021

ශ්‍රී ලංකා මුහුදු තීරයේ ගිනිගන්නා නෞකාව - MV X-Press Pearl

 ශ්‍රී ලංකා මුහුදු තීරයේ ගිනිගන්නා නෞකාව - MV  X-Press Pearl

Source: https://www.expressandstar.com

රසායන ද්‍රව්‍ය බහාලුම් 1486 රැගෙන මැයි මස 19 වනදින ඉන්දියාවේ හසීරා සිට කොළඹ  වරයට පැමිණි X PRESS PEARL නෞකාව පසුගිය මැයි මස 20 වන දින හදිසි ගිනිගැනීමකට ලක්විය. 

Source: www.navy.lk

 කොළඹ වාරයේ සිට නාවුක සැතපුම් 9.5 ක් පමණ දුරින් ගිනිගනිමින් පැවති මෙම නෞකාවේ සිටි පිලිපීන, චීන, ඉන්දීය, රුසියානු ජාතිකයින් 25 දෙනෙක් නාවික හමුදාවේ මෙහෙයුම් මගින් මුදාගැනීමට හැකිවිය.  ඒ අතර දෙදෙනෙකු පිළිස්සීම් තුවාල  වූ අතර එක් ඉන්දීය ජාතිකයෙක් හට COVID-19 වෛරසය වැළඳී තිබුණි. 

මැයි 25 වනදින  උදෑසන මෙම නෞකාවේ පිපුරුමක් වාර්තා වූ අතර රසානය ද්‍රව්‍ය සහිත බහාලුම් 8 ක් පමණ පමණ මුහුදුට වැටීම සිදුවිය. 

Source: https://www.offshore-energy.biz/

ශ්‍රී ලංකා නාවික හමුදාව , ඉන්දීය  ආරක්ෂක නෞකා ගින්න මැඩපැවැත්වීමට නොයෙක් ප්‍රයත්නයන් ගත්තද ගින්න X-PRESS PEARL නෞකාව තුල ශීග්‍රයෙන්  පැතිරගොස් තිබුණි. ඒ අනුව තවත් උත්සහයක් ලෙස මැයි 26 වනදින ශ්‍රී ලංකා ගුවන් හමුදාව මගින් Dry Chemical Powder කිලෝග්‍රෑම් 450 ක් පමණ ගුවනින් X-PRESS PEARL නෞකාව මතට මුදාහරින ලදී.

X-PRESS PEARL නෞකාව ශ්‍රී ලංකා මුහුදු තීරයේ නාවුක සැතපුම් 50 ක් පමණ තවදුරටත් ඈතට රැගෙන යාමට බලධාරීන් සැලකිලිමත් වුවද පවතින අයහපත් කාලගුණික  තත්වයට සහ ගින්න නිවීමට වැඩි අවධානය  යොමු කිරීමට සිදුවිය. 

ඒ අනුව X-PRESS PEARL නෞකාව තුල ගින්න විශාල වශයෙන් පැතිරගොස් ඇති අතර නෞකාව මත ඇති රසායන ද්‍රව්‍ය සහිත බහාලුම් තවදුරටත් මුහුදට වැටෙමින් පවතී. 

Source: www.navy.lk

මෙම රසායන  ද්‍රව්‍ය, බහාලුම් කොටස් ආදී අපද්‍රව්‍ය දැනටමත් අවට මුහුදු තීරයන්ට (වත්තල , උස්වැටකෙයියාව , මීගමුව) ගොඩගසා ඇති අයුරු දක්නට ලැබේ. තවදුරටත් මෙම අපද්‍රව්‍ය දික්ඕවිට සිට පුත්තලම් සහ වැල්ලවත්ත සිට පානදුර වෙරලතීරයන්ට ගොඩගැසීමට ඉඩ ඇති බව සදහන් වේ. මෙම රසායන ද්‍රව්‍ය සහ අපද්‍රව්‍ය ඉවත් කිරීමේ වැඩසටහන් ශ්‍රී ලංකා නාවික හමුදාව මැදිහත්ව සිදුකරනු ලැබේ. මහජනතාව එම රසානික අපද්‍රව්‍ය ඇල්ලීමෙන් හා ගැටීමෙන් වලකින ලෙසට බලධාරීන් ඉල්ලා සිටී. 

මෙම රසායන ද්‍රව්‍ය හේතුවෙන් ඇතිවූ ගින්නෙන් පිටවූ Nitrogen Dioxide ඇතුලු විෂ වායුන් හේතුවෙන් තදාසන්න ප්‍රදේශවලට අම්ල වැසි ඇතිවීමේ අවධානමක් ද පවතින බව බලධාරීන් ප්‍රකාශ කර සිටී.

මෙම X-PRESS PEARL නෞකාව බලගැන්වීමට නෞකාව තුල ගබඩා කර තිබෙන ඉන්ධන මුහුදට එක්වීම සිදුවිය හැකි තවත් බරපතල සමුද්‍ර හානියකි. සාමාන්‍ය භාණ්ඩ ප්‍රවාහන නෞකාවක් තුල ඉන්ධන ගැලුම් මිලියනයක් පමණ තිබෙන අතර එමගින් මෙම  X-PRESS PEARL නෞකාවේ විශාල ඉන්ධන ප්‍රමාණයක් පවතින බවත් එම ඉන්ධන මුහුදට එක වුවහොත් ඇතිවන හානියත් විශාල වන බවත් වැටහා  ගත හැක.

X-PRESS PEARL නෞකාවෙන් මුහුදට එක්වූ රසායන ද්‍රව්‍ය හේතුවෙන් සමුද්‍ර පරිසරයට ඇතිවූ හානිය සොයාබැලීමට ශ්‍රී ලංකාවේ  නාරා ආයතනය මගින් පරීක්ෂණ අරඹා තිබේ.


දැනට පවතින තත්වය අනුව X-PRESS PEARL නෞකාවේ ගින්න යම්තාක් දුරට පාලන කිරීමට ශ්‍රී ලංකා නාවික හමුදාව සහ ඉන්දීය වෙරළ ආරක්ෂක යාත්‍රා වලට හැකියාව ලැබී ඇත.

කෙසේ නමුත් මෙම  X-PRESS PEARL නෞකාවේ ඇතිවූ අනතුරෙන් ශ්‍රී ලංකා සමුද්‍ර පරිසර පද්ධතියට කෙටි කාලීන සහ දීර්ඝ කාලීන අහිතකර බලපෑම් ඇතිවනු ඇතැයි අපේක්ෂා කිරීමට පුළුවන.


රචනය : Isuru Umesha Ravisanka



References: 

https://www.expressandstar.com/news/world-news/2021/05/25/container-ship-evacuated-after-explosion-off-colombo/

https://www.fleetmon.com/maritime-news/2021/33869/container-ship-x-press-pearl-may-26-update-total-l/

https://news.navy.lk/oparation-news/2021/05/25/202105251830/

https://youtu.be/FH9MIEoVoiI

Share:

Sunday, 16 May 2021

Micro Plastic  (ක්ෂුද්‍ර ප්ලාස්ටික්)

 ( පළමු කොටස ) 


හැඳින්වීම... 

Micro plastic ඇතිවීම හා එහි ක්‍රියාව

ලොව කාර්මීකරණය ත් සමග වසර 1907 දි  New York නගරයේ විසූ Leo Bakelite විසින් කෘතිම ප්ලාස්ටික් යන්න අනාවරණය හා නිශ්පාදනය (Bakelite) ප්‍රථම වරට සිදු කරන අතර වර්තමානය වන විට ප්ලාස්ටික් භාවිතය නො වැළැක්විය හැකි තරම් අත්‍යවශ්‍ය හා සුලභ දෙයක් බවට පත්ව ඇත. 

එහි ඇති පහසුව, ලාභදායී බව, ආදේශකයක් වීම,සැහැල්ලු බව වැනි විවිධ කරුණු නිසා ලොකයේ බෝහෝමයක් නිශ්පාදන සඳහා අද වන විට ප්ලාස්ටික් භාවිතා කරනු ලබයි. 

එසේ භාවිතාවන ප්ලාස්ටික් කොටස් අප නොදැනුවත්වම අප ගන්නා ආහාර, ජලය, ආලේපන, දන්තාලේප, ෂැම්පු, සේදුම් කුඩු වැනි බොහෝ නිෂ්පාදනවල අඩංගු වීම මෙහි ඇති වඩාත් අවධානය යොමු කලයුතු  කරුණයි. 

මෙලෙස ආහාර, ජලය හෝ වෙනත් නිෂ්පාදන වශයෙන් මිනිසුන් ගේ හා සතුන් ගේ ශරීර ගත වන මෙම කුඩා ප්ලාස්ටික් අංශු වල සර්ව සම්පූර්ණ කොටස්     microplastics වන අතර ඒවා 0.3 - 5 mm අතර පවතින ඉතා කුඩා ප්ලාස්ටික් අංශු වේ.

විශාල ප්ලාස්ටික් කොටස් (Macro plastic) පසුව ද්විතීක ක්ෂුද්‍ර ප්ලාස්ටික් (Secondary micro plastic) කොටස් බවටත් අවසානයේදී  ප්‍රාථමික ක්ෂුද්‍ර ප්ලාස්ටික් කොටස් (Primary micro plastic) බවටත් පත්වේ.. 

ඒවා.

  • Micro fibers
  • Micro beads
  • Micro pellets 

යන ආකාර වලින් සමන්විතය.

මෙම microplastic පිළිබඳ පර්යේෂණ ඉතා මෑත ඉතිහාසයක දී වඩාත් අවධානයට හා සැලකිල්ලට ගෙන තිබෙන බැවින් මෙහි ඇති වඩාත් පුළුල් අධ්‍යයනයක් තවමත් සීමිතය. 

එය එසේ වූ නමුත් මෙම ලිපියෙන් ඒ පිළිබඳ තරමක් දුරට අවබෝධයක් ලබා දීමට හැකි වෙතැයි සිතමි. 

ආහාර හා ජලයේ ඇති microplastic

මිනිසා විසින් ප්ලාස්ටික් ටොන් බිලියන ගණනින් නිෂ්පාදන කටයුතුවලට භාවිතා කරන අතර එයින් සියයට දහයක් පමණ සුළු ප්‍රමාණය ක් ප්‍රතිචක්‍රීයකරණය සඳහා යොදාගනී. 

බොහෝ ප්ලාස්ටික් කොටස් හා නිෂ්පාදන පරිසරයට එකතු වන අතර මෙසේ එකතු වන ප්ලාස්ටික් කොටස් කාලයත් සමග ඉතා කුඩා අංශුමය කොටස් වලට බිඳ වැටෙනු ඇත. (UV කිරණ හා වියෝජනය මගින්) 

බොහෝ ප්ලාස්ටික් නිෂ්පාදන පහසුවෙන් දිරවීමට හැකිවන ලෙස නිපදවන නමුත් ඇත්තෙන්ම ඒවා ඉතා කුඩා අංශුමය කොටස් බවට බිඳ වැටෙන අතර පූර්ණ වියෝජනයට භාජනය නොවේ.(Biological degradation ) 

මෙනිසා   වියෝජනය නොවන (non degradable) විශාල ප්ලාස්ටික් නිශ්පාදන වලට වඩා පූර්ණ වියෝජනය නොවන (Partially degradable) ප්ලාස්ටික් නිෂ්පාදන පරිසරයට වඩාත් අහිතකරය. 

එසේ ඉතිරි වන ඉතා කුඩා අංශුමය ප්ලාස්ටික් කොටස් (tiny particles) පසේ සිට ජල ප්‍රවාහ ඔස්සේ ඇළ දොළ ගංගා හරහා සාගරයට මුසු වෙයි. අවසානයේ මෙසේ සාගර ජලය හා ගංගාවල පවතින ඉතා කුඩා අංශුමය ප්ලාස්ටික් කොටස් ජලයේ සිටින සත්ව ප්ලවංග (zooplankton, ichthyoplankton) යන ක්ෂුද්‍රජීවීන්ගේ (micro organism) ආහාර පරිභෝජනය  (filter feeding ) මඟින් ශරීරය තුළට ඇතුළු වේ. 

බොහෝ විට මෙම ක්ෂුද්‍ර ප්ලාස්ටික් අංශු ඉතා කුඩා ආහාර අංශු යැයි සිතා මෙම ක්ෂුද්‍ර ජීවීන් ඒවා ආහාරයට ගන්නවා වනු ඇත. 

එසේ කුඩා ප්ලාස්ටික් අංශු අඩංගු ශුද්‍රජීවීන් කුඩා මත්ස්‍යයින් (fish larvae) විසින් ආහාරයට ගන්නා අතර එමගින් ඒවා මත්ස්‍ය ශරීරගත වේ. මෙසේ ආහාර දාමයක් ඔස්සේ පැමිණ අවසානයේ මිනිස් සිරුරට ද මෙම ක්ෂුද්‍ර ප්ලාස්ටික් අංශු ඇතුළු වේ. 

එසේම මෙම කුඩා ප්ලාස්ටික් අංශු සාගර පෙරා බුදින්නන් ගේ  සිරුරේ ද ඉතා පහසුවෙන් තැන්පත් විය හැකිය. බොහෝවිට කවචමය මත්ස්‍ය යන් (shellfish) ලෙස සලකනු ලබන Bivalve, Scallop, යන සත්වයන් ගේ සිරුරේ ඉතා පහසුවෙන් ප්ලාස්ටික් අංශු තැන්පත් වන අතර ඒවා මිනිස් පරිභෝජනයේදී සෘජුවම ශරීරගත විය හැකිය. 

එසේම බොහෝ විට අප ආහාරයට ගන්නවා ලුණුවල සහ අනෙකුත් සාගර ආශ්‍රිත නිශ්පාදන වල පවා මෙම ක්ෂුද්‍ර ප්ලාස්ටික් අංශු අඩංගු විය හැකි යැයි පැවසේ. 


ඇත්තෙන්ම මෙම ක්ෂුද්‍ර ප්ලාස්ටික් අංශු අප අවට ඇති වාතයේ පවා අඩංගු වේ. අප වාතය ආශ්වාස කරන සෑම වාරයක් පාසා මේවා ශරීරගත විය හැකි ය.  පර්යේෂණ වාර්තා වලට අනුව වාතය හරහා වසරකදී දහස් ගණනින් ක්ෂුද්‍ර ප්ලාස්ටික් අංශු මිනිස් සිරුරට ඇතුළු වන බවත් මිනිසා විසින් සතියක් තුළදී 5g ක් පමණ ප්ලාස්ටික් ප්‍රමාණයක් පරිභෝජනය (ආහාර, ජලය, වාතය  හරහා ) කරන බවත් පැවසේ. එය ක්‍රෙඩිට් කාඩ් එකක ප්‍රමාණයක් වෙයි. 

මෙසේ ශරීරගතවන ප්ලාස්ටික් අංශුවලින් විවිධාකාර රෝගාබාධ සෘජු හා වක්‍ර ලෙස ඇතිවේ. 

එසේ ඇති වන රෝගාබාධ සහ තවත් කරුණු මීළඟ ලිපියෙන් බලාපොරොත්තු වන්න. 



රචනය : සංජය තිලකරත්න



References: 


Cole, Matthew & Lindeque, Penelope & Fileman, Elaine & Halsband, Claudia & Goodhead, Rhys & Moger, J. & Galloway, Tamara. (2013). Microplastic Ingestion by Zooplankton. Environmental science & technology. 47. 10.1021/es400663f.

Issac, M.N., Kandasubramanian, B. Effect of microplastics in water and aquatic systems. Environ Sci Pollut Res 28, 19544–19562 (2021). https://doi.org/10.1007/s11356-021-13184-2

Share:

Wednesday, 5 May 2021

The Great Pacific Garbage Patch

 Have you ever wonder that there is a garbage patch in the ocean that is larger than Texas ? Well there is the Great Pacific Garbage Patch (GPGP) that is continuously floating and growing. 

Graphical illustration of size of the GPGP
                                                                                                                      Source: https://theoceancleanup.com

In 1997 this garbage patch was discovered by Charles Moore,  and it is located in between Hawaii and California. The patch is estimated to have an area of 1.6 million square kilometers and the location and area is continuously changing.

Modeled mass concentration of GPGP
                                                                                                               Source: https://theoceancleanup.com

The major component of this garbage patch is the micro plastics that make about 94% of the garbage patch plastic content (in terms of object count) and the total weight of the patch is estimated about 80000 of tons. They have found that 46% mass of the total patch is coming from the abandoned fishing gear.

Content of the GPGP by size classes
                                                                                                           Source: https://theoceancleanup.com
 

Types of plastics found in GPGP

 Type H: Hard plastic, plastic sheet or film, Type N: Plastic lines, ropes, and fishing nets, Type P: Pre-production plastics (cylinders, spheres or disks), Type F: Fragments made of foamed materials.

Since plastics are persistent, they tend to gather as a patch and then they break into small pieces and then to microplastics which are continuously floating. 

Transfer of plastics through food webs
                                                                                                               Source: https://theoceancleanup.com

These microplastics cause several problems such as they are often mistaken by marine organisms and end up in the marine food webs causing negative ecological effects. Due to bio accumulation of microplastics, they cause problems not only to marine organisms, but also to human as well.

Efforts

There are several efforts focused on Great Pacific Garbage Patch and one of the major effort is 'The Ocean Cleanup' which was launched by Boyan Slat. And now it is a 32 million dollar campaign that is conducting research, trawl expeditions to understand the toxicity, physical properties and plastic data.


Written by: Isuru Umesha




References:

https://www.nationalgeographic.com/science/article/great-pacific-garbage-patch-plastics-environment

https://theoceancleanup.com/great-pacific-garbage-patch/

Share:

Contact Form

Name

Email *

Message *

Featured post

Mic On 2020

       ‘Mic On 2020’ - An Intra faculty, song and instrumental cover contest, was successfully organized by the Aquatic students’ Associatio...