Search here..

Tuesday, 29 June 2021

Alongshore webinar series ; Webinar #1

 මානව ක්‍රියාකරකම් වල බලපෑම හේතුවෙන් ලොව වටා පවතින සාගර පරිසර පද්ධතිය වර්තමානය වන විට ප්ලාස්ටික් අපද්‍රව්‍ය නිසා දැඩි අර්බුදයකට ලක්වී ඇත. 


මෙම ව්‍යසනය පිළිබඳ අප සැවොම දැනුවත් වීමට කාලය එළඹ ඇති බැවින් "ප්ලාස්ටික් වසංගතය හා අපගේ අනාගතය" යන මාතෘකාව ඔස්සේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සත්ත්ව විද්‍යා  අධ්‍යනාංශයෙ ජ්‍යෙෂ්ඨ  කථිකාචාර්ය, ආචර්ය කමල් රණතුංග මහතා සමඟ විද්වත්, හරවත් මෙන්ම රසබර සාකච්ඡාවක් ඉදිරිපත්  කරවීමට ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ජලජ ජීව විද්‍යා ශිෂ්‍ය සංගමයේ අපි සූදානම්.


දිනය      -ජූනි මස 30 වන බදාදා 

වේලාව - පස්වරු 5 සිට 6 දක්වා 


මාර්ගගත ක්‍රමයන් ඔස්සේ ZOOM තාක්ෂණය හරහා ඔබටත් මේ අගනා අවස්ථාව සමඟ අප හා සම්බන්ධ වීමට හැක.


පහත සබැඳිය හරහා ඔබට එදින සාකච්ඡාවට සම්බන්ධ විය හැක.

https://learn.zoom.us/j/65714377255?pwd=b0RlSTU1ZGJzQzB3dTVQa1luKy90QT09

Meeting ID - 657 1437 7255

Passcode   - NOSUP@21k


#Alongshore #WebinarSeries #FreeWebinar #USJAquatics




Share:

Sunday, 20 June 2021

Types of Fluid Flow in Hydrodynamics

 


Fluids which are in motion has four basic characteristics which include volume, density, pressure and velocity. Based on how these parameters change there are six types of fluid flow in hydrodynamics.

1.Uniform & Non Uniform Fluid Flow



In an uniform flow, the velocity of fluid at any given time does not change with respect to space and in non uniform flow velocity varies from point to point.


When an open channel is considered, its flow is uniform if the depth, mean velocity and discharge rate do not change along the length of the channel at a given instant of time.

 

Non uniform flow takes place due to gradual or sudden changes in the cross sectional area and the flow through a pipeline of constant diameter is said to be uniform.

 

 2.Steady & Unsteady Flow

 

Source (mechanicalwalkings.com)



Steady flow is a flow in which the velocity, pressure and density of liquid is constant at any point with respect to time and where those parameters change results an unsteady flow.

 

Flow of a liquid through a pipeline of variable diameter at a constant pressure head is steady.

 

Flow of a liquid through a pipe of variable diameter under variable pressure due to changing water level of a reservoir or by the opening or closure of a valve connected to the pipe.

 

3.Laminar & Turbulent Flow


 


(Source: Theconstructor.org) (Left- Laminar Right –Turbulent )


In laminar flow fluid particles move in straight paths and they are parallel to each other with no disruption between the layers. Blood flowing throughout the body follows laminar flow.
 
In turbulent flow fluid particles do not move in straight paths and move in zig zag paths excluding straight and parallel condition. In here, rapid variation of pressure and flow velocity in space and time takes place. 
When a flow is considered it can be turbulent, laminar or in between which is measured by Reynolds number. Laminar flow occurs at high viscosity and lower velocity.


4.Compressible & Incompressible Fluid Flow

(Source: Chegg.com)


In compressible flow the density of fluid is not constant from point to point and it keeps on changing. Any fluid flow which exceeds Mach number 0.8 is treated as compressible. Compressible flows can be transonic (0.8-1.2) or supersonic (1.2-3.0).

 

In incompressible flow, the density is constant from point to point. Incompressible flow modelling is being used widely in computational fluid dynamics including simulation of liquid flow.

5.Rotational & Irrotational Fluid Flow

Irrotational Flow ( trekearth.com)

In rotational flow the fluid particles show streamline motion and the fluid particles rotate about its own axis. In irrotational flow also, the fluid particles show streamline motion but particles does not rotate about its own axis.

Consider water flowing down a drain:

Rotational Flow (The journal.ie)

It flows clockwise in southern hemisphere and anticlockwise in northern hemisphere due to rotation of individual water molecules as a result of acceleration due to gravity.

The flow of water over a dam where water falls straight down is an example of irrotational flow.

6.1D,2D &3D Fluid Flow



Source-biomedical-Engineering-online.biomedcentral.com

 

In 1D flow the fluid is moving only in one dimension either x, y or z. In here, all the flow parameters are expressed as function of time and one space coordinate only. The space implies the distance measured along the centre line in which the fluid is flowing.

Under practical scenarios the flow is never 1D as the viscosity of fluids causes the velocity to decrease to zero at solid boundaries.

In 2D flow the fluid is moving in two dimensions either xy, zx or yx. Flow parameters are functions of time and two space coordinates. Similar streamline patterns can be seen in all planes at right angles to z direction at any moment.

In 3D flow, the fluid is moving in three dimensions either xyz, zyx or yzx.

 

 

Compiled by: G.M.D.V.D.Somarathna & P.A.D.E. Kulathilaka

References:themechanicalengineering.com

                :globalnodes.org

                :www.trekearth.com



Share:

Friday, 18 June 2021

සිඳී ගිය අරල් මුහුද ( Crisis of the Aral sea )

 

වර්තමානයේ අරල් මුහුද 

මිනිසා විසින් ඉක්මන් කරවන පෘථිවි තලයේ අවසානය සිහිපත් කරන ඛේදවාචකයක් ලෙස අපට සිඳී ගිය අරල් මුහුද පෙන්විය හැක. අරල් මුහුද අතුරුදහන් වුයේ කෙසේද? මේ ඒ ගැන කෙටි විමසා බැලීමකි.

මධ්‍යම ආසියාවේ කසකස්ථානයේත්  උස්බකිස්ථානයේත් දේශසීමා මායම් අතර පිහිටා ඇති අරල් මුහුද කලක් ලොව සිව්වැනි විශාලතම ගොඩබිමින් වට වූ මුහුද ( Inland sea) ලෙස නම් කෙරිණි. ශ්‍රී ලංකාව තරම් විශාලත්වයකින් යුතු මෙම මුහුද සක්‍රීයව පැවතී අවදියේදී 68000 km2 තරම් විශාල ප්‍රදේශයක් පුරා පැතිරී තිබූ,  දූපත් 1100 කට අධික සංඛ්‍යාවක් ජලයෙන් වට කරමින් පැවති සුවිශාල ජලාශයකි. සැබවින්ම මුහුදක් ලෙස හදුන්වනු ලැබුවද එය අතිවිශාල මිරිදිය ජලාශයකි. අරල් මුහුද සක්‍රීයව තිබියදී එහි ගැඹුරුම ස්ථානය 68 m හා නොගැඹුරුම ස්ථානය 16 m වූ බවට වාර්තා වේ. “Amu Darya” සහ “ Syr Darya” ගංගාවන් දෙක අරල් මුහුදේ ප්‍රධාන පෝෂක ගංඟාවන් විය.


සෝවියට් රුසියානු සාමුහාණ්ඩුව පැවති සමයේ අරල් මුහුද සෝවියට් සාමුහාණ්ඩුවට අයත්ව තිබූ අතර එහි ආරක්ෂාව සදහා සෝවියට් රුසියන් යුද නැව් කිහිපයක් යොදවා තිබූ බවටද වාර්තා වේ. එකල අරල් මුහුද සෝවියට් රුසියාවේ සිව්වැනි විශලතම  මත්ස්‍ය නිෂ්පාදකයා ලෙස සෝවියට් අර්ථිකයට විශාල දායකත්වයක් ලබා දී ඇත. විශාල ජෛව පද්ධතියකට හිමිකම් කියූ අරල් මුහුදේ ජලය කරදිය වුවත් එහි ලවණතාවය සැලකිය යුතු අඩු අගයක පැවතීම නිසා ජනතාව අරල් මුහුදේ ජලය විවිධ කෘෂිකාර්මික වගාවන්ට මෙන්ම පානය සදහාද භාවිත කර ඇත. අරල් මුහුදෙහි සිදු කෙරුණු ධීවර කර්මාන්තය මගින් දළ වශයෙන් පුද්ගලයන් 60000 කට පමණ ජීවනෝපාය සලසා දී තිබේ.

ශ්‍රී ලංකාව හා සමාන විශාලත්වයකින් යුතු මහා ජලස්කන්ධයක්  පසුගිය දශක තුනක් තිස්සේ සිදී ගොස් අද වනවිට වැලි කාන්තාරයක් බවට පත්ව ඇත. මෙම විනාශයේ වගකිවයුත්තන්  වනුයේ එවකට සෝවියට් පාලනයේ අදූරදර්ශින් හා ඔවුන්ගේ ක්‍රියාපිලිවෙලයි.

 සෝවියට් රුසියාවේ කපු වගාව

            1960 දශකය පමණ වනවිටත් සෝවියට් රුසියාව කාන්තාර බිම්වල අධික ජල ඉල්ලුමක් ඇති කපු වගාව ව්‍යාප්ත කිරීමට පියවර ගැනීමත් සමඟ ඔවුන් අරල් මුහුදේ ප්‍රධාන පෝෂක ගංඟාවන් හරස් කරමින් ඉදිකළ වාරිමාර්ග ව්‍යාපෘතිය හේතුවෙන් අරල් මුහුදට පෝෂක ගංගාවන්ගෙන් ලැබෙන ජල ප්‍රමාණය ක්‍රම ක්‍රමයෙන් අඩු වීමට පටන් ගත්තේය. කපු වගාව ක්‍රමයෙන් දියුණුවීමත් සමඟ අරල් මුහුදට ලැබෙන ජල ප්‍රමාණය ඉතා අඩු අගයකට පත්විය. ප්‍රථමයෙන්ම අරල් මුහුද සිදී යාමේ තර්ජනය  1954 වර්ෂයේ පර්යේෂකයන් පිරිසක් සොයා ගත්තද කපු වගාවෙන් ලැබෙන විශාල ආදායම නිසා පාලකයන් විසින් එය නොසලකා හරින ලදී.

1965 පමණ වන 50 km3 ජල ස්කන්ධයක්  පෝෂක ගංගාවන්ගෙන් අරල් මුහුදට ලැබුණු අතර 1980 වනවිට එම අගය බින්දුව බවට පත්විය. 1997 වනවිට අරල් මුහුද එහි මුල් ප්‍රමාණයෙන්  10% ක්ම අඩු වී තිබූ අතර එය කොටස් 4 කට වෙන් වුනි. 1960 දශයේ මුල් භාගයේ පටන් ආරම්භ වූ අරල් මුහුදේ සිඳී යාම 2010 වනවිට අරල් මුහුද ඉතා කුඩා ප්‍රදේශයකට සීමා විමට හේතු විය.


ක්‍රමිකව අරල් මුහුද සිදී යාම  1977 සිට 2013 දක්වා

 

අරල් මුහුද සිදී යාමේ ප්‍රතිඵල

                  වර්ෂ 30 ක් තිස්සේ අරල් මුහුද වියලී යාමත් සමඟ වාෂ්පීභවනයට  ලක් වුනු අරල් මුහුදේ ජලයේ ලවණතාවය හා ඛනිජ ලවණ සාන්ද්‍රණය ක්‍රමයෙන් වැඩි විය. ජලජ රසායනයේ වෙනස් වීම ජලජ ජෛව පද්ධතියට අහිතකර බලපෑම් ඇති කරවිය. මත්ස්‍ය නිෂ්පාදනයද සැළකිය යුතු  ලෙස පහල වැටිණි. අද වනවිට අධික ලවණතාවය හා විෂ සහිත බව නිසා අරල් මුහුදේ ජීවය අතුරුදහන් වී ඇත. මෙම තත්වය නිසා අරල් මුහුද ආශ්‍රිත  ප්‍රදේශයේ පාංශු ලවණතාවය  ඉහල ගොස් ඇති අතර එම නිසා භූගත ජලයද දූෂණය වි ඇත.

                   අරල් මුහුද සිඳී යාමත් සමඟ ඇති වූ දරුණු පාරසරික විපර්යාසයක් ලෙස විෂ සහිත ලුණු කුණාටු මෙන්ම වැලි කුණාටු ඇති වීම දැක්විය හැක. අධික ලෙස ලවණ තැන්පත් වූ සිඳී ගිය අරල් මුහුදු පතුල හරහා හමා යන විෂ සහිත ලුණු මිශ්‍රිත සුළං ඒ අවට භුමියේ ජෛව පද්ධතියටද විශාල ලෙස බලපෑම් ඇතිකර ඇති අතර කෘෂිකාර්මික වගාවන්ටද , බෝග මත ලවණ තැන්පත් වීම නිසා දැඩි හානි සිදු කරයි. මෙම විෂ වැලි කුණාටු වාර්ෂිකව අප්‍රේල් සිට ජුලි අතර වැඩි වශයෙන් ඇති වේ. මෙම වැලි කුණාටු නිතර නිතර ඇති වීම එම ප්‍රදේශයන්හි ජන ජිවිත කෙරෙහි අහිතකර බලපෑම් ඇති කර ඇත්තේ විශාල සෞඛ්‍ය ගැටළු රැසකට මගපාදමිනි. අද වනවිට ශ්වසන රෝග හා පිළිකා ඇති වීම වැඩි වි ඇති අතර ළදරු මරණ අනුපාතයද ඉහල යාම භායනක ප්‍රතිඵල ලෙස දැක්විය හැක.


අරල් මුහුද සිඳී යාම දේශගුණික විපර්යාස ඇති කිරීමට මෙන්ම ගෝලීය උෂ්ණත්වය ඉහල යාමටද ඍජුවම බලපා ඇත. 1960 සිට 2000 කාලයේදී එම ප්‍රදේශයේ සාමාන්‍ය මාසික වායුගෝලීය උෂ්ණත්වය 20 Cº සිට 60 Cº අගයකින් වැඩි වි ඇත. එම ගෝලීය කලාපයේ ඍතූන්ගේ විශාල වෙනස්කම් ඇති කිරීමට තරම් මෙය බලපා ඇත.

කලක් ඉතා ජනාකීර්ණව සශ්‍රීකව පැවති අරල් මුහුද අවට භුමිය වර්තමානය වනවිට ජනශූන්‍ය නිසරු බිමක් බවට පත්ව ඇත. අද වනවිට දිරායමින් තිබෙන ධීවර යාත්‍රා ගණනාවක්ම වැලි කාන්තාරයක් මත තිබෙනු ඕනෙම අයෙකුට දැකගන්නට ලැබෙනු ඇත. අරල් මුහුද සිඳී යාමත් සමඟ ඒයින් ඇති වූ ව්‍යසනය තවමත් හරිහැටි තක්සේරු කළ නොහැක. විශේෂඥයන් පවසන පරිදි මෙයින් සිදු වි ඇති හානිය නැවත යථාතත්වයට පත් කළ නොහැක.

රචනය :  එම්. ඊ. නිපුනි සෞම්‍යා

Reference : www.columbia.edu

                      www.earthobservatory.nasa.gov

                      www.tidsskriftet.no

 


Share:

Thursday, 17 June 2021

Micro Plastic (ක්ෂුද්‍ර ප්ලාස්ටික් / දෙවෙනි කොටස )

 Micro Plastic  (ක්ෂුද්‍ර ප්ලාස්ටික්) 

( දෙවෙනි කොටස )

Source: https://www.greenoptimistic.com

පරිසරයට එකතු වන micro plastic

පෙර ලිපියේ දැක්වූ පරිදි විශාල ප්ලාස්ටික් කොටස් සහ අප ද්‍රව්‍ය පරිසරයට මුදා හැරීමත් ඒවායේ අර්ධ වියෝජන ක්‍රියාවලියත් මගින් ප්‍රධාන වශයෙන් ක්ෂුද්‍ර ප්ලාස්ටික් අංශු පරිසරයට එකතු වෙයි. 

මීට අමතරව microplastic පරිසරයට විවිධ මාර්ග ඔස්සේ එකතුවෙයි. එහිදී දූවිලි අංශු, වාහන ටයර මගින්, ජල නල මගින් කෘතිම රෙදිපිළි නිෂ්පාදන, නෞකා තීන්ත ආලේප මගින්, සෘජුවම ක්ෂුද්‍ර ප්ලාස්ටික් අංශු පරිසරයට එකතු වෙයි. 

එසේම සාගර නෞකා අනතුරු මගින්ද විශාල වශයෙන් ප්ලාස්ටික් පරිසරයට එකතු වෙයි. මෑතකදී සිදු වූ New Diamond නෞකා  අනතුර මෙන්ම X Press Pearl නෞකා  අනතුරත් මේ සඳහා කදිම සාක්ෂි සපයයි. 

එසේම බොහෝ කර්මාන්ත හා අපජල පිරිපහදු ඒකක මගින් ස්වභාවික ජලජ පරිසර පද්ධතීන්ට නිදහස් කරනු ලබන පිරිපහදු කල ජලයෙහි ද අධික වශයෙන් ක්ෂුද්‍ර ප්ලාස්ටික අංශු අඩංගු වෙයි. 

සෞඛ්‍ය බලපෑම්

Source: http://aware-simcoe.ca/2018/10/microplastics-found-in-human-food-chain

මෙම ක්ෂුද්‍ර ප්ලාස්ටික් අංශු අප භාවිතයට ගන්නා රූපලාවන්‍ය නිෂ්පාදන, සනීපාරක්ෂ නිෂ්පාදන ඔස්සේ මෙන්ම අප ගන්නා මත්ස්‍ය ආහාර හා අනෙක් ආහාර ඔස්සේ ද ශරීරගත විය හැකි බව මීට පෙර ලිපියේ දී ද සඳහන් කෙරුණි. 

මෙසේ ශරීර ගතවන ශුද්ධ ප්ලාස්ටික් අංශු ඉතා පහසුවෙන් රුධිරයට ඇතුළු විය හැකි අතර ඒවා අපගේ මොළයේ ස්නායු වලට පවා හානි කළ හැකි යැයි පැවසේ. 

එසේ ම ගැබිනි මව්වරුන්ගේ සිරුරේ සිට කලල බන්ධය හරහා කලලයට ද, මෙම ක්ෂුද්‍ර ප්ලාස්ටික් අංශු ගමන් කළ හැකි යැයි පැවසේ. 

මෙලෙස ශරීරගත වන ක්ෂුද්‍ර ප්ලාස්ටික් අංශු මඟින්

බිස්පෙනෝල් ඒ සහ තැලේට් නිපද විය හැකි අතර බිස්පෙනෝල් හෝමෝන ( ලිංගික හෝමෝන) වලට බාධා අැති  කර යි. එමගින් පිරිමින්ගේ හා කාන්තාවන්ගේ සාරවත් බව අඩු කිරීමට හේතු වේ.

එසේම මෙම ක්ෂුද්‍ර ප්ලාස්ටික් වල අඩංගු styrene හා polychlorinated biphenyls (PCBs) පිළිකා, ස්නායු ආබාධ, ප්‍රතිශක්තිකරණ දුර්වලතා, ස්වසන හා ශ්‍රවණ ආබාධ වැනි බොහොමයක් රෝග ඇති කිරීමට හේතු වේ

වලක්වා ගත හැකි ක්‍රම.

මෙම ක්ෂුද්‍ර ප්ලාස්ටික් අර්බුදය ඇත්තෙන්ම පූර්ණ වශයෙන් වළක්වාගත නොහැකි නමුත් එයින් ඇතිවන බලපෑම අවම කරගත හැකිය. 

ඒ සඳහා හැකි පමණ ස්වාභාවික උල්පත් ජලය පිරිපහදු කිරීම මගින් පානය කිරීම වඩාත් උචිතය. මන්දයත් පානීය ජලය ක්ෂුද්‍ර ප්ලාස්ටික් ශරීරගතව මූලික ප්‍රභවයක් ලෙස දැක්විය හැකියි. 

එසේම ආහාර නිෂ්පාදන හා ඇසුරුම් කටයුතුවලදී ප්ලාස්ටික් ආවරණ භාවිත නොකිරීම ත් ආහාර උදුන් (microwave oven) තුළ පිළියෙල කිරීමේදී ප්ලාස්ටික් භාජන භාවිතා නොකිරීමත් උචිතය. 

තවද ප්‍රතිචක්‍රීකරණ කේත 5,6,7, ලෙස සඳහන් කර ඇති ප්ලාස්ටික් භාජනවල ආහාර බහාලීම වැලකීමත් උචිතය. 

හැකි පමණ ස්වභාවික ආහාර නිෂ්පාදන පරිභෝජනය කිරීමත්, ජනතාව දැනුවත් කිරීමේ වැඩමුළු ඇති කිරීම මෙන්ම අප පෞද්ගලිකව සියලු දෙනා හැකි පමණ මෙම ප්ලාස්ටික් පරිසරයට නිදහස් නොකිරීමට කටයුතු කිරීමත් ජල පෝෂක කලාව ගංගා සාගර කලාප පවිත්‍ර කිරීම ත් මගින් මෙම බලපෑම අවම කර ගත හැකිය.

Microplastic නුදුරු අනාගතයේදී අතිශය තර්ජනාත්මක බලපෑමක් ඇති කළ හැකි මාතෘකාව ක් වන බැවින්, හැකි පමණ එය අවම කරගැනීමට කටයුතු කරමු.



රචනය- සංජය තිලකරත්න





මුලාශ්‍ර-

https://www.discoverwildlife.com/people/facts-about-microplastics/

https://link.springer.com/article/10.1007/s11356-021-13184-2

https://www.google.com/amp/s/www.washingtonpost.com/health/youre-literally-eating-microplastics-how-you-can-cut-down-exposure-to-them/2019/10/04/22ebdfb6-e17a-11e9-8dc8-498eabc129a0_story.html%3foutputType=amp

Share:

Wednesday, 16 June 2021

විකිරණශීලි අපද්‍රව්‍ය ගැන දැන ගනිමු

 

විකිරණශීලි අපද්‍රව්‍ය ගැන දැන ගනිමු

පෘථිවිය මත ජීවත් වන සියලුම ජීවීන්ට බාහිර පරිසරයේ පවතින විකිරණ වලට හැම විටම පාහේ නිරාවරණය වීමට සිදුවේ.විකිරණශීලිතාවය (Radioactivity), අප සියලු දෙනාටම අසා හුරුපුරුදු වචනයකි.එමගින් අදහස් වන්නේ, ඇතැම් අස්ථායී මූලද්‍රව්‍ය හෝ පදාර්ථ, ශක්තිය හා නියුක්ලයිඩ නිදහස් කර වඩාත් ස්ථායී මූලද්‍රව්‍ය බවට පත්වීමයි. මෙම නිදහස් කරන ශක්තිය, විකිරණ (Radiation) ලෙස හඳුන්වයි.

මෙම විකිරණ ප්‍රධානව,

1. අයනීකාරක ගුණය සහිත
2. අයනීකාරක ගුණය රහිත ලෙසකොටස් 2 කට බෙදා දැක්විය හැක.

මේ අතරින් ජීවීන්ට වඩාත් ප්‍රබල බලපෑම් ඇති කරන්නේ අයනීකාරක ගුණය සහිත විකිරණයි.

එසේම ජීවීන් නිරාවරණය වන අයනීකාරක ගුණය සහිත විකිරණ වලින් වැඩි ප්‍රමාණයක් නිදහස් වන්නේ ස්වභාවික පරිසරයෙනි.එනමුත් මෙම ස්වභාවික විකිරණ ලැබෙන මාත්‍රාව අඩු වීමත්, ඒවායේ ප්‍රබලතාව සාපේක්ෂව අඩු වීමත් නිසාම ඒවායින් වැඩි බලපෑමක් ජීවීන් කෙරෙහි ඇති නොකරයි.

උදා:- පෘථිවි ගෝලයේ ඇති විකිරණශීලි ඛනිජ (මොනොසයිට්,තෝරියනයිට්,තෝරයිට්), අන්තරීක්ෂ කිරණ

දැන් අපි විකිරණශීලි අපද්‍රව්‍ය ගැන විමසා බලමු. විකිරණශීලි අපද්‍රව්‍ය යනු විවිධ විද්‍යාත්මක, වෛද්‍ය විද්‍යාත්මක හා කාර්මික කටයුතු වලදී භාවිතා කරන විකිරණශීලි ද්‍රව්‍ය මගින් පිටවන අපද්‍රව්‍ය වේ.මෙම අපද්‍රව්‍ය තුළ විකිරණ මුදාහරින නියුක්ලයිඩ කොටස් අඩංගු වේ. මෙම විකිරණ නියුක්ලයිඩ සඳහා විවිධ අර්ධ ආයුකාල ඇත.

අර්ධ ආයුකාලයක් යනු, විකිරණශීලි ද්‍රව්‍යයක් එහි ආරම්භ ප්‍රමාණයෙන් භාගයක් දක්වා ක්ෂය වීමට ගතවන කාලයයි.මෙම අර්ධ ආයුකාලය එක් එක් විකිරණශීලි මූලද්‍රව්‍යය අනුව, තත්ත්පර ගණනක සිට වසර මිලියන ගණනක් දක්වා දිගු විය හැකිය.

එසේම විකිරණශීලි අපද්‍රව්‍ය වලට විවිධ භෞතික (ඝන, ද්‍රව හෝ වායු) ගුණහා රසායනික ගුණදක්නට ලැබේ. විකිරණශීලි අපද්‍රව්‍ය මූලිකව කොටස් 3කට වර්ග කල හැක.
1. පහළ මට්ටමේ අපද්‍රව්‍ය (Low level waste)
2. අතරමැදි මට්ටමේ අපද්‍රව්‍ය (Intermediate level waste)
3. ඉහළ මට්ටමේ අපද්‍රව්‍ය (High level waste)

 

පහළ මට්ටමේ අපද්‍රව්‍ය

අතරමැදි මට්ටමේ අපද්‍රව්‍ය

ඉහළ මට්ටමේ අපද්‍රව්‍ය

මූලාශ්‍ර

රෝහල්, විද්‍යාගාර, කර්මාන්ත අපද්‍රව්‍ය

විද්‍යාගාර, කර්මාන්ත අපද්‍රව්‍ය

න්‍යෂ්ටික බලාගාර අපද්‍රව්‍ය

නිදසුන්

අත්වැසුම්, ඉවතලන ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය, සපත්තු,ඖෂධ වර්ග

රෙසින වර්ග, රසායනික අපද්‍රව්‍ය, ප්‍රබලඅම්ල,භෂ්ම ආදිය, කෝෂ වර්ග

න්‍යෂ්ටික විකිරක ද්‍රව්‍ය, බැර ලෝහ,ෆොසිල ඉන්ධන

අර්ධ ආයුකාලය

අඩු

වැඩි

වැඩි

විකිරණශීලි මට්ටම

පහළ

ඉහළ

ඉහළ

මෙම ඉහළ විකිරණශීලි අපද්‍රව්‍ය අතීතයේදී ප්‍රධානව සාගර වලට බැහැර කිරීම,භුගත කිරීම හෝ වෙනත් ජල මූලාශ්‍ර වලට බැහැර කරන ලදී. නමුත් එමගින් ජලජ ජීවීන්ටහා භූගත ජල ප්‍රභව වලට සිදුවන අහිතකර බලපෑම් සැලකිල්ලට ගෙන, විකිරණශීලි අපද්‍රව්‍ය යම්කිසි නිශ්චිත කාලයක් ගබඩා කර තබා,ඒවායේ ප්‍රබලතාව අඩුවීමෙන් පසු ආරක්ෂිතව බැහැර කිරීමට පියවර ගත්හ.

නමුත් ඇතැම් හදිසි ආපදාවන් නිසා  මෙම විකිරණශීලි අපද්‍රව්‍ය විශාල වශයෙන් පරිසරයට නිකුත් වීම සිදුවේ. ඊට අමතරව දිනෙන් දින එකතු වන විකිරණශීලි අපද්‍රව්‍ය ප්‍රමාණය අධික වන නිසාත්, ඒවායේ විකිරණශීලිතාවය වැඩිවීම නිසාත්, විකිරණශීලි අපද්‍රව්‍ය නිසි කලමනාකරණයකින් තොරව බැහැර කිරීමත් නිසා,පිළිකා, උපත් දුර්වලතා, ආහාරදාම බිඳවැටීම, විකෘති ඇතිවීම, බෝගවල ඵලදාව අඩුවීම, පස නිසරු වීම, ජල දූෂණය, ජීවීන් වැඩි ප්‍රමාණයක් එකවරම මියයාම වැනි බොහෝ අහිතකර බලපෑම් ඇතිවිය හැකිය.

ඒ අනුව මෙම විකිරණශීලි අපද්‍රව්‍ය වලින් පරිසරයටත් අපටත් වන අහිතකර බලපෑම් අවමකර ගැනීමට නම් ප්‍රධානවම අපද්‍රව්‍ය නිසිපරිදි කලමණාකාරණය හා බැහැර කිරීම ඉතා වැදගත් වේ.එසේම අපගේ නිවෙස් වලින් බැහැර කරන වියලි කෝෂ,විවිධ ඖෂධ වර්ග,ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය සුන්බුන් ආදියත්,කර්මාන්ත අපද්‍රව්‍ය, කෘමිනාශක, වල්නාශක ආදී සියලු අපද්‍රව්‍ය විධිමත් අයුරින් බැහැර කිරීමට අප වගබලාගත යුතුය.

විශේෂයෙන්ම මෙම විකිරණශීලි අපද්‍රව්‍ය ඇතුලු අනෙකුත් සියලුම අපද්‍රව්‍ය ජලයට බැහැර නොකිරීමට කටයුතු කල යුතුය. මන්ද ජලය මගින් එම අපද්‍රව්‍ය විශාල ප්‍රදේශයක් පුරා පහසුවෙන් පැතිරීම සිදුවන අතර, එමගින් සිදුවන අහිතකර බලපෑම්ද වැඩිය.

විකිරණශීලි අපද්‍රව්‍ය වලින් පරිසරය ආරක්ෂා කර ගැනීමට අපි සැවොම දායක වෙමු.

රචනය: 

නදීකා  ප්‍රියදර්ශනී




References :

Lutze, W. and Ewing, R.C., 1988. Radioactive waste forms for the future.

Murray, R.L., 1994. Understanding radioactive waste (No. BATT--0117/XAB). Battelle.

Ewing, R.C., Weber, W.J. and Clinard Jr, F.W., 1995. Radiation effects in nuclear waste forms for high-level radioactive waste. Progress in nuclear energy, 29(2), pp.63-127.




Share:

Tuesday, 15 June 2021

“දෑස් නොපෙනෙන ගුහා මත්ස්‍යයයෝ “

ගුහා මසුන් යනු කවුරුන්ද ?

ගුහා පරිසරය තම වාසභූමිය කරගත්ජීවිත කාලයම අදුරු ගුහා තුළ වාසය කරන මත්ස්‍යයින් ගුහා මත්ස්‍යයන් ලෙස  හදුන්වනු ලබයිමෙම මත්ස්‍යයන් බොහෝමයක් ප්‍රමාණයෙන් කුඩා  වන අතර දිගින් 3cm - 7 cm පමණ වේමෙම මත්ස්‍යයින්ට සුවිශේෂී වූ බාහිර පෙනුමක් ඇති අතර  ඔවුන්ගේ හැසිරීම හා සංවේදනයන්ද සාමාන්‍ය මත්ස්‍යයන්ට වඩා හාත්පසින්ම විවිධ වේ.

ගුහා තුළ වාසය සදහා ඇති හැඩගැසීම්

මොවුන්ගේ දේහ වර්ණය ගත් කල  බොහොමයක් මත්ස්‍යයන් ඉතා ලා පැහැයෙන් යුතුය. එසේම මොවුන් තම ආහාර ලෙස ලබාගනුයේ ජලය පතුලේ තැන්පත් වී ඇති දෑ වේ. ඉතා කෙටි නින්දක් පමණක් ලබාගන්නා  මොවුන් වැඩි කාලයක් නිදි වර්ජිතව ගත කරයිමොවුන්ගේ බිත්තර සාමාන්‍ය මත්ස්‍යයකුගේ බිත්තර වලට වඩා ප්‍රමාණයෙන් විශාල වන අතර මුහුණේ ඇති අස්ථිවල හැඩයද යම් පමණකට වෙනස්කම් දක්නට ලැබේ. එසේම මෙම මත්ස්‍යයින් රංචු අකාරයේ හැසිරීමක් නොදක්වන අතර බොහෝ දුරට තනි තනිව වාසය කිරීමට නැඹුරුවක් දක්වයි.

ගුහා මසුන්ගේ දෘෂ්ටිය

ගුහා තුළ පවතින අධික අදුරු පරිසරය නිසා මෙම මත්ස්‍යයන්ට දෘෂ්ටිය සදහා ප්‍රමාණවත් ආලෝකයක් නොලැබේ. එසේම එවැනි පරිසරයක දී මත්ස්‍යයින්ට විවිධ ගැටලු පැන නගී . ප්‍රධානව ආහාර සොයා ගැනීමට වැඩි වෙහෙසක් දැරීමට සිදුවීම, ප්‍රජනන ක්‍රියාවලිය නොනවත්වා පවත්වාගෙන යාම, විලෝපිකයන්ගෙන් ආරක්ෂා වීම වැනි දෑ සදහා වැඩි ශක්තියක් වැයකිරීමට සිදුවේ.  

මෙසේ වැඩි ශක්තියක් අවශ්‍ය වන  නිසා බොහොමයක් ගුහා මත්ස්‍යයන් තම දේහය තුළ වූ අනිකුත් වැඩි ශක්තියක් අවශ්‍ය වන ඉන්ද්‍රියයන් අවශේෂ කර ගනු ලබයි. මේ අනුව සංවේදනය ඉන්ද්‍රියයන් හා ඒ ආශ්‍රිත ස්නායු පද්ධතියේ ක්‍රියාකාරිත්වය සදහා වැඩි ශක්තියක් වැය වන බැවිනුත්, ගුහා තුළ ඇති දැඩි අදුරු වට පිටාව හේතුවෙනුත්, ගුහා මත්ස්‍යයන්ගේ ඇස් පරිහානියට පත් වී ඇත.

ගුහා මසුන් ලෝකය දකින්නේ කෙසේද?

ඇස් පරිහානියට පත්වීමත් සමග  මෙම මත්ස්‍යයන් හට  තම අවට පරිසරය ගැන සංවේදන ලබා ගැනීමට නොහැකි වී යයිමේ නිසා මොවුන්ගේ අනිකුත් සංවේදන ඉන්ද්‍රියයන් වඩාත් දියුණු වී බාහිර පරිසරය පිළිබඳ ව තොරතුරු ලබා දේ. ප්‍රධානව රස සංවේදනය වැඩි දියුණු වී ඇති අතර මොවුන්ගේ උඩු හා යටි හනුවල ඇති රසාංකුර ප්‍රමාණය සාපේක්ෂව වැඩි වී ඇත. එසේම මොවුන්ගේ අංශරේඛාව (lateral line) හා හිස ආශ්‍රිතව ඇති සංවේදන සෛල ප්‍රමාණය ද ඉහළ වේ. මෙමගින් මොවුන් ජලය තුළ පිහිනා යන විට ඇති වන පීඩන වෙනස පහසුවෙන් හඳුනාගනු ලබයිඑසේම මොවුන්ගේ හිස්කබලේ ඇති අවිධිමත් හැඩය  නිසා ගුහා මත්ස්‍යයින්ට පහසුවෙන් ඔවුන්ගේ මාර්ගය සොයා ගැනීමට හැකි වී ඇති බව විශ්වාස කෙරේ.

ලොව පුරා සිටින ගුහා මත්ස්‍යයන්

ලොව විශාලතම ගුහා මත්ස්‍යයා ලෙස දැනට වර්තාවන්නේ උතුරු ඉන්දියාවේ ලැඩෝව් ගුහා තුලින් සොයාගත්, Golden Mahseer නම් වූ සාමාන්‍ය මතුපිට ජලයේ වාසය කරන මත්ස්‍යයාට බොහෝ සෙයින් සමාන වූ මත්ස්‍යයයාය

මෙම මත්ස්‍යයා සාමාන්‍ය ගුහා මත්ස්‍යයින්ට වඩා දස ගුණයක් පමණ ප්‍රමාණයෙන් විශාල වන අතර සුදු පැහැති දේහයකින් යුක්ත වේ. එසේම මෙම මත්ස්‍යයාගේ අක්ෂි දුර්වලව වර්ධනය වී ඇත.

ඊට අමතරව Mexican tetra නම් වූ මත්ස්‍යයා ගුහා පරිසරයේ මෙන්ම මතුපිට ජල පද්ධතිවල ද දැකගත හැක. එසේම තායිලන්තයේ ගුහා තුළ දක්නට ලැබෙන තවත් ගුහා මත්ස්‍ය විශේෂයක් ලෙස ( Cryptotora thamicola) සැලකිය හැක.

චීනයේ දකුණු දිග ගුහා තුලින් හමුවන Humpback golden line barbal නම් වූ මත්ස්‍යයා ද ගුහා මසුන් සදහා තවත් නිදසුනකි.

මෙම සියලු මත්ස්‍යයන්ගේ දේහ වර්ණ, අක්ෂි පෙනුම අවශේෂ වී ගුහා පරිසරයට උචිත අන්දමට හැඩගැසී තිබීම දැකගත හැක.

ගැඹුරු මුහුදු පතුල්, ගැඹුරු ලිං පතුල්, මිරිදිය ජල ගුහා වාසභූමිය කරගත් ගුහ මත්ස්‍යයින් ස්වභාව ධර්මයේ තවත් එක් අපූර්ව නිර්මාණයක් ලෙස සැලකිය හැකිය.


රචනය - අකීෂා ප්‍රභාෂ්වි





මූලාශ්‍ර  - අන්තර්ජාලය ඇසුරිනි


Baker, C.F. and Montgomery, J.C., 1999. The sensory basis of rheotaxis in the blind Mexican cave fish, Astyanax fasciatus. Journal of Comparative Physiology A, 184(5), pp.519-527.
 
Teyke, T., 1990. Morphological differences in neuromasts of the blind cave fish Astyanax hubbsi and the sighted river fish Astyanax mexicanus. Brain, behavior and evolution, 35(1), pp.23-30.
 
Wilkens, H. and Strecker, U., 2017. Regressive and Constructive Traits in Astyanax Surface and Cave Fish. In Evolution in the Dark (pp. 79-189). Springer, Berlin, Heidelberg

Share:

Thursday, 10 June 2021

The story of J'pura Aquatic Family

𝙏𝙝𝙚 𝙢𝙤𝙨𝙩 𝙗𝙚𝙖𝙪𝙩𝙞𝙛𝙪𝙡 𝙩𝙝𝙞𝙣𝙜𝙨 𝙞𝙣 𝙡𝙞𝙛𝙚 𝙖𝙧𝙚 𝙣𝙤𝙩 𝙟𝙪𝙨𝙩 𝙩𝙝𝙞𝙣𝙜𝙨. 𝙏𝙝𝙚𝙮 𝙖𝙧𝙚 𝙥𝙚𝙤𝙥𝙡𝙚 𝙖𝙣𝙙 𝙥𝙡𝙖𝙘𝙚𝙨, 𝙢𝙚𝙢𝙤𝙧𝙞𝙚𝙨 𝙖𝙣𝙙 𝙥𝙞𝙘𝙩𝙪𝙧𝙚𝙨. 𝙏𝙝𝙚𝙮 𝙖𝙧𝙚 𝙛𝙚𝙚𝙡𝙞𝙣𝙜𝙨 𝙖𝙣𝙙 𝙢𝙤𝙢𝙚𝙣𝙩𝙨 𝙖𝙣𝙙 𝙨𝙢𝙞𝙡𝙚𝙨 𝙖𝙣𝙙 𝙡𝙖𝙪𝙜𝙝𝙩𝙚𝙧. 𝙏𝙝𝙚𝙮 𝙢𝙪𝙨𝙩 𝙗𝙚 𝙛𝙚𝙡𝙩 𝙬𝙞𝙩𝙝 𝙩𝙝𝙚 𝙝𝙚𝙖𝙧𝙩. 𝙄𝙩'𝙨 𝙖𝙡𝙡 𝙖𝙗𝙤𝙪𝙩 𝙙𝙤𝙞𝙣𝙜 𝙬𝙝𝙖𝙩 𝙬𝙚 𝙡𝙤𝙫𝙚 𝙖𝙣𝙙 𝙡𝙤𝙫𝙞𝙣𝙜 𝙬𝙝𝙖𝙩 𝙬𝙚 𝙙𝙤. 𝙔𝙤𝙪 𝙖𝙧𝙚 𝙘𝙖𝙡𝙡𝙚𝙙 𝙩𝙤 𝙗𝙚 𝙖 𝙬𝙞𝙩𝙣𝙚𝙨𝙨.
Share:

සාගරය ,ජීවිතය සහ ලෝක සාගර දිනය 2021

මානව වර්ගයා ලෙස අපි සාගරයට  අසීමිතව බැඳී සිටිමු. යාත්‍රාකිරීමට හෝ නැරඹීමට හෝ නැවත සාගරය දෙසට යනවිට, අපේ ජීවය පැමිණියේ සහ රැදී තිබෙන්නේ මෙකී සාගරයෙන් යන්න මනුෂ්‍ය වර්ගයා ලෙස අප සැවොම සිහිපත් කලයුතු වේ.


ඔබ පෘථිවියේ කොතැනක ජීවත් වුවත්, සාගරයෙන් කොතරම් දුරස් ව ජීවත් වුවත්, ඔබේ ජීවිතය සාගරය මත රඳා පවතී. සමුද්‍ රජීවීන් අප ආශ්වාස කරන ඔක්සිජන් වලින් 70% ක් සපයයි. සාගරය පෘතුවියේ දේශගුණය පාලනය කරයි. එය අපට ආහාර සහ ඖෂධ වර්ග මෙන්ම ප්‍රවාහනය ද සපයයි. අපේ පෘථිවියෙන් 70% ක් පමණ ආවරණය වන්නේ එක් විශාල , අඛණ්ඩ සාගර ජල කඳකිනි. නමුත් මේ  දක්වා අප ගවේෂණය කර ඇත්තේ සාගරයෙන් 5%ක් පමණක් බැවින් අප දැක නැති ගැඹුරු කරුණු සාගරය ආශ්‍රිතව තිබිය හැකිය.
Source: http://commons.wikimedia.org

සාගරය පෘථිවි දේශගුණය නියාමනය කරයි. එය වැසි සහ වියළි කාලගුණය නියාමනය කරනු ලබයි. සාගරය පෘථිවියේ ජලයෙන් 97% ක් පමණ රදවාගෙන සිටින අතර, ගොඩබිමට ඇද හැලෙන වර්ෂාව සියල්ලම පාහේ සාගරයෙන් පැමිණේ. කාබන් චක්‍රය පවත්වා ගැනීම සඳහා සාගරය CO2 අවශෝෂණය කර ගන්නා අතර ඒ අනුව පෘථිවියේ උෂ්ණත්වය සමතුලිත වේ. එය අපේ ගෝලීය දේශගුණික පාලන පද්ධතියට සමානය.

ලෝක සාගර දිනය යනු සාගරයන් අපගේ ජීවිත කාලය තුළ ඉටු කරන අතිශය වැදගත් භූමිකාව, අපේ සාගරවලට මුහුණ දීමට සිදුව ඇති අන්තරායන් සහ ඒවා ආරක්ෂා කිරීම සඳහා අපට ගත හැකි ක්‍රියාමාර්ග ගැන සිතා බැලිය යුතු දිනයකි. ලෝක සාගර දිනයේ එක් ප්‍රධාන අරමුණක් වන්නේ සාගරය අපගේ ජීවිත තුළ ඉටුකරන වැදගත් කාර්යභාරය පිළිබඳව මිනිසුන්ට මතක් කිරීමයි. ජීවිතය ආරම්භ වූයේ ද සාගරයේය. තනි සෛල ජීවීන්ගේ සිට නිල් තල්මසුන්  දක්වා පෘථිවියේ බොහෝ ශාක හා සතුන් සාගරයේ  වාසය කරයි. මේ මොහොතේ සාගරය මුහුණදෙන වඩාත්ම හදිසි ගැටළුව වන්නේ ප්ලාස්ටික් නිසා ඇතිවන දුෂණයයි. ප්ලාස්ටික් බෑග් සහ ප්ලාස්ටික් බෝතල්  ඇතුළු ප්ලාස්ටික් භාවිතය අඩු කිරීම වසර ගණනාවක් තිස්සේ ලෝක සාගර දිනය සඳහා වැදගත් තේමාවක් වී තිබේ.

දේශගුණික විපර්යාස, සාගර ජලය ආම්ලික වීම, සාගර උෂ්ණත්වය ඉහළයාමද විශාල ගැටලුවකි. ඉහළ යන සාගර උෂ්ණත්වය කාලගුණික රටාවන්ට සෘජු බලපෑමක් ඇතිකරන අතර ආන්තික කාලගුණික තත්ත්වයන් වැඩිවීමට ද බලපානු ඇත. වායුගෝලීය කාබන්ඩයොක්සයිඩ් ප්‍රමාණය වැඩි වීම හේතුවෙන් මුහුදු ජලයේ ආම්ලිකතාවය ඉහළ යාම කොරල් පර ඇතුළු බොහෝ සාගර ජීවීන් අවදානමට ලක්කරයි.
Coral bleaching

ලෝක සාගර දිනයේ පරමාර්ථය වන්නේ සාගරයෙන් භුක්ති විඳින ප්‍රතිලාභ පිළිබඳව මිනිස් ප්‍රජාව දැනුවත් කිරීමයි. සාගරය මගින් මිනිසා ඇතුළු සියලු පෘතුවි ජීවීන් ජීවය ලබයි. ඉතින්, දැන් සාගරයේ තිරසාර සංවර්ධනය සඳහා සාගරය හා සාගර සම්පත් සංරක්ෂණය කිරීමේ වාරයයි. ලෝක සාගර දිනය යනු මානව වර්ගයා සාගරය සැමරීමේ දිනය පමණක් නොවිය යුතුමය.

ලෝක සාගර දිනය ජුනි 8 වන දින සමරනු ලැබේ. ලෝක සාගර දිනය යනු සාගරයට ස්තුති කිරීමට සහ සාගරයේ යහපැවැත්ම සුරක්ෂිත කිරීමට මාර්ගයක් සොයා ගැනීමට හොඳ අවස්ථාවකි.මෙම වසරේ සාගර දිනයේ මූලික අවධානය යොමු වන්නේ සාගරය ආශ්‍රිතව මිනිසාගේ ජීවිතය සහ ජීවනෝපාය යන අංශ කෙරෙහිය. 2021 ලෝක සාගර දිනය සඳහා තේමාවවන්නේ “සාගරය: ජීවිතය සහ ජීවනෝපාය”යන්නයි. එය විශේෂයෙන්ම 2021 සිට 2030 දක්වා දිවෙන තිරසාර සංවර්ධනය සඳහා වන එක්සත් ජාතීන්ගේ සාගර විද්‍යා දශකය උදෙසා වැදගත් වන තේමාවකි. ලෝක සාගර දිනය පිළිබඳ සංකල්පය ප්‍රථම වරට යෝජනා කරනු ලැබුවේ 1992 දී රියෝ ද ජැනීරෝ හි පැවති පෘථිවි සමුළුවේදීය. ලෝකයා අතර බෙදීගිය සාගරය සමඟ මිනිසුන්ගේ සම්බන්ධතාවය පිලිබද අවදානය යොමු කිරීම සඳහා මෙම අදහස මතුවිය. මෙමඟින් සාගරය අපගේ ජීවිත තුළ ඉටුකරන තීරණාත්මක කාර්යභාරය සහ එය ආරක්ෂා කිරීමට මිනිසුන්ට උපකාර කළ හැකි වැදගත් ක්‍රමෝපායන් පිළිබඳව දැනුවත් විය.

සාගරය පෘථිවියේ ජෛව විවිධත්වයේ නිවහන බඳු වන අතරම, එය ලොව පුරා බිලියන ගණනකට වැඩි පිරිසකට ප්‍රධාන ප්‍රෝටීන් ප්‍රභවයන් සපයයි. 2030 වනවිට සාගරය පාදක කරගත් කර්මාන්තවල නියැලී සිටින ජනතාව මිලියන 40 ක් බවට ඇස්තමේන්තු කර ඇත.

එබැවින් අනාගතේ ද සාගරය අපේ ආර්ථිකයට අත්‍යවශ්‍ය බව අමුතුවෙන් කිව යුතු නැත. නමුත් විශාල මත්ස්‍ය ගහනයෙන් 90% ක් සහ කොරල්පර වලින් 50% ක් විනාශ කරමින් අපි සාගරය සූරාකමින් සිටිමු. සාගරයට නැවත සංශ්ලේෂණය කල නොහැකි පරිමාණයෙන් අප සාගරයෙන් සියලුම දෑ ලබා ගනිමින් සිටින්නෙමු. සාගරය සතුව සියලු ප්‍රතිලාභ තිබුණද වර්තමාන තත්ත්වය නම්, මේ ගෙවෙන්නේ සාගරයට අපගේ සහාය අත්‍යවශ්‍යය මොහොතයි.

ලෝක සාගර දිනයේ පරමාර්ථය වන්නේ සාගරය මත මානව ක්‍රියාවන්ගේ බලපෑම පිළිබඳව ජනතාව දැනුවත් කිරීම, සාගරය සඳහා ලොව පුරා පුරවැසියන්ගේ අවදානය වර්ධනය කිරීම සහ ලෝක සාගරවල තිරසාර කළමනාකරණය සඳහා වන ව්‍යාපෘතියක් සඳහා ලෝක ජනගහනය බලමුළු ගැන්වීම හා එක්සත් කිරීමයි.

සාගරය නීරෝගී ව පවත්වා ගෙන යාම සදහා මෙන්ම ,සාගර සම්පත් ආරක්ෂා කිරීම සදහා, සාගරය පිළිබඳ සැබෑ අවබෝධය හා මානව වර්ගයා සාගරය සමග සම්බන්ධ වන්නේ කෙසේද යන්න පිලිබද ව සමබර ක්‍රමවේදයක් ඇතිකල යුතුය. අතීතයේ උගත් පාඩම් ද වර්තමානයේ තත්ත්වය ද සලකා බලා අනාගතයේ සාගර යහපැවැත්ම උදෙසා නව ආකල්ප සහ ක්‍රමවේද වර්දනය කල යුතුය.මන්ද යත් මානව වර්ගයාගේ යහපැවැත්ම තහවුරු වීමට නම් පෘතුවි සාගරයන්හි යහපැවැත්ම සහ නීරෝගී බව තහවුරු විය යුතුමය.





රචනය: නිෂාදි ගම්මන්පිල

Share:

Wednesday, 9 June 2021

"අප පෘථිවියට ඇති විශාලම තර්ජනය නම් වෙනකෙකු එය සුරැකීවි යැයි අප බලාපොරොත්තු වීමයි."

මේ, සාගරයට අපගේ උපකාරය අවැසිම මොහොතයි. අද අප තබන සෑම කුඩා පියවරකින්ම සාගරයේ හෙට දවස තීරණය වනු ඇත.එය සුරැකිව මතු පරපුරට දායාද කිරීම අප සතු වගකීමකි.
Share:

Contact Form

Name

Email *

Message *

Featured post

Mic On 2020

       ‘Mic On 2020’ - An Intra faculty, song and instrumental cover contest, was successfully organized by the Aquatic students’ Associatio...